Tuesday, September 20, 2016

මනමේ අතුරු කතාවක්...

ද්වන්දව යුද්ධය ආරම්භ කිරීමට පෙර මනමේ කුමරු තම කුමාරිකාවට අවසාන වතාවට කතාකිරීමට වැදී රජුගෙන් අවසර ගත්තේය.මනමේ කුමරිය සිටියේ සා දෙනක් මෙන් බියෙන් තැති ගනිමිනි.වැදී රජුට නොඇසෙන මානයකට පැමිණි මනමේ කුමරු මෙසේ කුමරිය ඇමතීය.

'සොඳුර බිය නොවනු.ඇතිවූ තත්ත්වයට වගකිවයුත්තේ මමය.මම මෙහි වගකීම හා දඬුවම සම්පුර්ණයෙන්ම භාර ගනිමි.

ඇත්ත වශයෙන්ම මාහට නුඹ හා ප්‍රේමයෙන් බැඳී අවුරුදු ගණනක් හිඳ නුඹත් සමඟ වියපත් වීමට මට ආශාවක් තිබුණි.නමුත් නිසි මඟ යාම වෙනුවට අන්තරායක් දැන දැනම නුඹව මේ වනය හරහා රැගෙන ඒමට තරම් මම මුග්ධ වූයෙමි.


රාජාදී රාජගුරුන්ගේ ගුරුවරයා වූ දිසාපාමොක් ඇදුරු තුම ගෙන් ශිල්ප ශාස්ත්‍ර උගෙන කෙල පැමිණි මාහට මූව එක් අතක් පමණක් වුව භාවිතයෙන් මෙල්ල කල හැක.නමුත් කාරණය එය නොවෙයි...

මූ මරා දැමුවහොත් බොහෝ දුරක් විදිහෙන මේ කැලයේ පිරි ඉන්නා මූගේ ගෝත්‍රික සේනාව අප අල්ලා ගන්නවා නිසැකය.මට වධ දී අත්,පා වෙන්කර අවසානයේ සිව් කඩකට පලා මාව මේ වනයේ මායිම් සතරේ එල්වනු ඇත.

නුඹව මුන් එකිනෙකා විසින් දුෂණය කර මාස ගණනක් තිස්සේ සිර කුඩුවකට දමා මනදොල සපිරිමටම පමණක් වහලියක් මෙන් භාවිතා කරනු ඇත.නුඹ අනන්ත පිඩා ඉවසාගත නොහැකිව වැහැරී ගිය විට මුන් නුඹව පණපිටින්ම මාංශ භක්ෂක සත්වයින්ට ආහාරය පිණිස දමා අත් හැර දමා යනු ඇත.

දැන් හොඳින් මෙය අසාගන්න...මම මූ මල්ලව පොරයෙන් පරදවමි.
ඉන්පසු මාගේ අසිපත ඉල්ලා සිටිමි.නුඹ එය මට නොදිය යුතුය.
නැතිනම් මා වෙනුවට අසිපත වැදී රජුට පෑ යුතුය.ඒ ආකාරයෙන් නුඹට නුඹේ දුක්ඛදායක ඉරණමින් මඳ වෙලාවකට හෝ අත්මිදිය හැක.නුඹට වැදී රජු විසින් අභය දානය දී නිසි සත්කාර දක්වනු ඇත.ලැබෙන අවස්ථාව ගෙන පලායාමට උත්සාහ දරන්න.


නැතිනම් මාගේ මරණය පිලිබඳ පුවත දැනගත් වහාම පියරජු විසින් මේ වැද්දන් එකා බැගින් ගෙන උන්ගේ හිස් ගසා දමා ඒ හිස් වලින් පවුරු ප්‍රාකාරයේ ඇති උල් වැට සරසනු ඇත.එතෙක් ඉවසන්න.
දැන් මඳක් සමීපයට එන්න.නුඹට දිය යුතු අවසාන චුම්භනය මම නුඹේ කැළැල් නැති අඩ සඳක් මෙන් වූ නළල් තලය මත තබමි...''



7 comments:

  1. අඟේ වැඩි වුවත් පළමුව ආ කනට වඩා
    නගේ නුඹට ගැලපෙයි මේ කැලේ බඩා
    තිගේ ඇසුර නැති කල අද මටත් වඩා
    මගේ හෙනහුරා හිනැහෙයි තුටින් අඩා.....
    .....මනමේ කුමරු......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා..බොහොම ස්තුතියි!!

      Delete
  2. මනමේ කුමරා සහ බොන් ජෝවි
    http://transyl2014.blogspot.ca/2015/10/blog-post_6.html

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි මුන්නහලත් මෙව්වා දකිනවා කියන එක කොච්චර දෙයක්ද?

      Delete
  3. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete