දැනෙනවද නුඹ හට
ඇවිද ගිය බව අප එකට
කල්ප ගණනකට පෙර
මේ ලොව උපන් දා සිටම
හමන මේ මඳ සුළඟ
මත අපේ සුසුමන් නැතිද
සිටින මේ පස මතට
අප පස් වී ගොස් නැතිද
ගලන මේ දිය මතින්
අප ලෙය ගලාගොස් නැතිද
ආදරය කරමි
මේ මහා ලෝකයට
නුඹ සහ මම
ඉන්නා බැවින්
හැමතැනම....
බෙෘද්ධ දර්ශනයද බං... හැක්
ReplyDeleteඔක්කොම මචන්.. :)
Deleteමේක මුලින්ම ගීත හා කාව්‍ය සාහිත්යාට අඳුන්වල දුන්නේ සේකර.
අපි හැමෝම සතර මහා භුතයින්ගෙන් හැදෙනවා කියන කාරනාව..
පොඩ්ඩක් මතක් කරපන් //රත්න දීප ජන්ම භුමි//
මේකේ වර්ස් වලින් වර්ණනා කරන්නේ පස,ජලය,වාතය...රට හැදෙන දේවල් වලින්ම අපි හැදෙනවා කියන එක.
තවත් ප්‍රධානම සින්දුවක් තමා
//වැහි වහිනා අහස අපි
මුතු බඳිනා මුහුද අපි
මිණි දිලෙනා පොලව අපි
සිරි ලංකා රටම අපි//
මම කරන්න ගියේ මේ උපනිෂද් සිතුවිල්ල තනිකරම romantic කරන්න... :)
සිදුවිය යුත්තේ එයයි.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි..ඔව් මාත් විශ්වාස කරන්නේ එහෙම තමා.ජය වේවා!!
Deleteඋණ්ඩෙ වගේ මොකද උන්ඩෙම තමයි
ReplyDeleteමේ උණ්ඩ වදින්නේ ටිකක් සංවේදී අයට විතරයි.බොහොම ස්තුතියි..
Deleteහීනයක් විතරයි ද මේ වචන.. හීනයක් නොවෙනවා නම් තමයි වඩා හොඳ නේද සයිමා...
ReplyDeleteප්‍රාර්ථනා තමා මිනිස්සුන්ව ජිවත්කරන්නේ සහෝදරයා..
Deleteඒවා නැත්තන් මිනිස්සු නරුම වෙනවා.