Showing posts with label පැරොඩී. Show all posts
Showing posts with label පැරොඩී. Show all posts

Thursday, August 25, 2016

සුතෝපියානු කතා...

සුතෝපියාව කියන ෆුල් මාවලස් රටේ අලුත පත්වුණු ජනනායක ඉතින් දේශීය යාන්ත්‍රණයක් එහෙම හදල එකෙම්ම යුද අපරාද ගේමට බහිනවා කියල නඩුවක් සංවිධානය කරාලු මොංගල් ලුක් එකක් තිබ්බ විදේශ මැතිගේ දැඩි විරෝධය මැද.මොංගල් ඇමති වැඩේ එපා කියල තියෙන්නේ මේකට අන්තර් රාජ්‍ය මණ්ඩලේ පරීක්ෂණ ඕනේ කියල දැඩිව කියා හිටපු නිසා.ඒත් හැමෝගෙන්ම 'පඹය පඹනායක' කියන වදන් අහගෙන ඉඳල එපාවෙලා
'නෑ මේක වෙන්නේ මට ඕනේ විදිහට'
කිව්වලු.


කලින් හිටපු එකාවයි උගේ මලය එහෙම අල්ලාගෙන බංකුවක ඉන්දල වැඩේ නමෝ විත්තියෙන පටන් ගන්න ගියාලු හෙණ ගැම්මකින්.

දැන් නඩු නිමිත්ත පටන් ගන්නලු යන්නේ.මුලසුනේ වත්මන් ජනනායක,විත්ති කූඩුවේ හිටපු ජනනායක.පැමිණිලි පාර්ශවේ මොන්ගල ඇතුළු කල්ලිය.

හින් හිනාවක් දැම්ම හිටපු ජනනායක මලය මෙහෙම ඇහුවලු.

'කෝ මෙච්චරද විත්ති කූඩුවේ? කෝ හිටපු හමුදා සෙන්පති?'

මේකට උත්තර දුන්නලු මුලසුනේ තෝල්කයා

'එයා මේකට අදාළ නෑ.ඔයානේ මේක තනි කැමැත්තට කලේ'

මලයාගේ හිනාව පළල් වුනාලු.

' හෑ ඒ කියන්නේ යුද්ධේ අවසන් කලේ මගේ කැමැත්තෙ අකමැත්තෙ විදිහටද? ඔය හාදය රට බේරගත්ත සෙන්පති කියන්නේ බොරුවටද?'

දැන් ජනනායකට එනපොට හරි නෑ කියල තේරුණු හින්ද පොඩි සයින් එකක් දීලා මැති මණ්ඩලේ ඉන්න හිටපු සෙන්පතිවත් විත්තිය පැත්තට දැම්මලු.

මලය ශේප් එකේ අයියට ඇහැක් ගැහුවලු.අයියත් කටහඬ අවදි කරාලු.

'මමත් ඔය අන්තිම දවස් වල රටේවත් හිටියේ නැහැ.වැඩ බලන්න එක්කෙනෙක්ට සෙනධිනායකකම දීලා ගියේ' 
කිව්වලු.

මොංගල් මැතිට වැඩේ එන පොට තෙරිගෙන ඇවිල්ල ඔලුවේ අතගහගත්තලු.

හිටපු ජනනායක දිගටම කතාකරාලු.
 

'ඉතින් මම කියන්නේ ඒ වැඩ බලපු හාදයත් විත්තියට අදාලයි.'

දිග හුස්මක් අරන් ෆුල් ගටෙන් මුලසුනෙන් නැගිටපු අලුත් ජනනායක ගිහින් විත්තිය පැත්තෙන් හිටගත්තලු.

 මුලසුන නැති නිසා නඩුව දින නියමයක් නැතුව කල් ගියාලු.

Tuesday, July 12, 2016

කපුවෙකුට වුනු ඇබැද්දිය

ඔන්න මචන් එක පොරකට කලවයසත් පහුවීගෙන හතලිස් ඇඳිරිය ලන්වෙගෙන එනකොට ගෙදර උන් මඟුලක් හොයන්න බලල කපුවෙක්ට කතාකරාලු.

පොරගේ පියා- බලන්න කපු මහත්තය සමාජ සේවේ සමාජ සේවේ කිය කියා එහෙ මෙහෙ දිව්වා තමන්ගේ වැඩක් බලාගත්තේ නෑනේ.

අපිට ගැලපෙන තැනකින් වැඩක් සැට් කල්ල දෙනවකෝ..

දැන් කපුවා සතියක් යන්නත් කලින් තැනක් බලන්න සෙට් කරාලු.

ඔක්කොම ගිහින් කාල බිල කතාකරලා ඉන්නකොට කපුවා ශේප් එකේ ඇහැව්වලු පොරගෙන් මොකද කියන්නේ කියල.පොර ඔලුව දෙපැත්තට වනල වැඩේ හරියන්නේ නෑ කියල ඉඟි කරාලු.දැන් යනගමන් කපුවා අහනවලු මොකද කියල..


පොර-ඒ ගෑනු ළමය බොහොම බියසුලු කෙනෙක්. තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියලවත් හරියට දන්නේ නෑ වගේ.මිනිහට යටහත් පහත වෙලා ඉන්න එක තමා ජිවිතේ කරගන්න හිතන් ඉන්නේ.

කපුවත් ඉතින් ''හා කමක් නෑ වෙන තැනක් බලමු'' කියල ටික දවසකින් තව තැනකට එක්කන් ගියාලු.
ගේට්ටුවත් පතරංග සයිස්ලු ඇතුලට ගියාම දැක්කලු ප්‍රාඩෝ දෙකයි,කාර් එකයි ඩුකාටියකුයි තියනවා.කොහොමහරි එතනත් පොරට ඇල්ලුවේ නැල්ලු.කපුවා ආයෙත් ඇයි කියල ඇහුවලු.

පොර-ඒ මිනිස්සු සාමාන්‍ය පොලවේ ජිවත් වෙන අය නෙවේ.නැත්තන් එකගෙදරට වාහන 4ක් මොකටද? අනික් එක ඩුකාටි මේ රටේ දුවන එකත් තහනම්.250 වලින් එහා රෙජිස්ටර් කරන්න බැහැ,එකනම් 1299cc වත් එකක්..

දැන් ඉතින් ඔහොම ඔහොම ගෙවල් ගණනාවකට ගියාලු.පොරටත් හේතු ගණනාවක් සෙට් වුනාලු එකක් නෑරම.

බත් ගොඩක් බෙදුවා.

බත් ටිකයි බෙදුවේ.

ඕපන් වැඩියි වගේ

කතාකරනවා වැඩියි.

හයියෙන් හිනාවෙනවා.

ටිකක් නාකියි වගේ.

රස්සාවක් කරන්නේ නෑ.

දේශපාලනය හෝ සමාජය ගැන කිසිම අවබෝධයක් නැහැ.

දකුණු කම්මුලේ ලපයක් තියනවා...

මේ අන්තිම පාර ගියපුවහම කියපු ලප හේතුව අහල කපුවට ඌරු ජුවල්ලු.ඌ වැඩේ අතැරලා දාන්නම බලාගෙන මෙහෙම කිව්වලු.

''ඈ යකෝ.තොපේ දේශපාලන හරක් රැලේ නායක නාම්බගේ තියන ලපේ හොඳයි,මේ ගෑනිට තිබ්බහම තමා අඩුපාඩුව.තොපි මෙහෙමද මේ රටත් හදන්න බලන්නේ.තුක් නොදකින් ආයෙනම් තොපේ එකෙක්ටවත් මඟුල් තුලා හොයන්න යන්නේ නෑ මේ අඩෝනිස්...
දැනගනියව් තොට කසාද බඳින්න වෙන්නෙ තොගේ පක්ෂෙට මේ රටේ ආණ්ඩුව ගිය දවසක තමා..''

Tuesday, April 26, 2016

මෛත්‍රී තම Bra ප්‍රකාශය පිළිබඳ පැහැදිලිකිරීමක් කරයි.



ඇත්ත වශයෙන්ම කියනවනම් හැම දෙයක්ම වගේ පිරිහිලා ලෝක සංගීතයත් එහෙමයි.ලෝක සංගීතයට අනගිභවනීය ආරම්භයක් දුන්නේ සයිමන් සහ ගාර්ෆුන්කෙල්.ඊට පස්සේ ඒක වර්ධනය වේගෙන ආවා.80 දශකයේ අවසාන භාගය වනවිට මානව ප්‍රජාවට ඉතාම වටින,අධ්‍යාත්මය පෝෂණය කරන,මනස සුවපත් කරන දාර්ශනික මට්ටමට ලෝක සංගීතය පත්වුණා.මේ පිරිස් දාර්ශනිකයින්ගේ මට්ටමටම ළන් වුණා.

ඒත් 90 දශකයෙන් පස්සේ මේක ආයෙත් ආවෙ පල්ලම් බහින ප්‍රවනතාවයක්.මිනිස්සුන්ට ඕනේ වුණේ සංගීතය හෝ එහි අදහස නැතුව පුද්ගල ප්‍රතිරූපය වාණිජකරණය කිරීමක්.සංගීත ක්ෂේත්‍රයම දැඩි වාණිජකරණයට ලක්වුණා.අදට වුණත් මේ ගායක,ගායිකාවන් හැසිරිය යුතු ආකාරය,කථාකළයුතු ආකාරය,ගැයිය යුතු ගීත මේ සියල්ල තීරණය කරන්නේ ඔවුන්ගේ කළමනාකාරවරු...එහෙම නැත්තන් ඒජන්තවරු.


ඉතින් මම කියන්නේ අද කාලෙ තරුණ ළමයින්ට කරුණාකරල කැන්සාස්,ක්වීන්,ඊගල්ස්,බීට්ල්ස්ලගේ සින්දු ටිකක් අහල බලන්න මම කියන්නෙ බොරුවක්ද කියල.මම මේ සංදර්ශන වලට අකමැති මේ කාරණය නිසා එහෙම නැත්තන් තරුණ ළමයෙක් අර ඇඳුමකින් දමල ගැහුව නිසා නෙවේ හිටං.

සයිමන් සහ ගාෆුන්කෙල්ගේ පුරෝගාමීන්ගේ 1964 sound of silence ගීතය.


කැන්සාස්ලාගේ Dust in the wind (1977)

Tuesday, April 12, 2016

ගෝඨාගේ නිවසින් ඩයිනසෝර් බිත්තර...

හිටපු ලේකම්වරයාගේ නිවසින් ඩයිනසෝර් බිත්තර කිහිපයක් හමුවී ඇති බව ඉතා විශ්වාසී ආරංචි මාර්ග සඳහන් කරයි.සජීවී තත්වයේ උෂ්ණත්වය යාමනය කළ කුටීර තුල මේවා තබාගෙන ඇති අතර බොහෝදුරට චීන සංචාරයකදී මිලට ගත් ඒවා බවට උපකල්පිතයි.

බිත්තර 3 හමුවූ අතර එකක් බිහිසුණුම මාංශ භක්ෂකයකු වන ටීරනෝසෝරස් රෙක්ස් නම් ඩයිනෝසෝරාගේ බව තහවුරු කර ඇත.තවත් එකක් ඩයිනොනයිකස් නම් රෙක්ස්ට පමණක් දෙවැනි වෙන මාංශ භක්ෂකයකුට අයත්ය.අනෙක තාම තහවුරු කර නැත.

මෙම බිත්තර උෂ්ණත්වය අංශක 79කට ආසන්න අගයක පුපුරා පැටවා එළියට එන ආකාරයට සැකසී ඇත.මෙය යොදාගැනීමට උත්සාහ කර ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව බවද පැහැදිලි කරුණකි.මිනී කන මෝරුන් තබාගැනීමට කරදිය මිශ්‍ර ජලය නියමිත අනුපාතයෙන් පවත්වාගෙන යාම අපහසු නිසා පැහැරගන්නන් කෙළින්ම ඩයිනෝස්සෝර කුටීරයකට යැවීමට පහසු පරිදි සකසා ඇත..ආණ්ඩුව පෙරලුණේ නැතිනම් මෙය සදහටම රහසක් වීමට ඉඩ තිබුණි.