පාරුවේ එගොඩ යමින් සිටි කච්ඡපුට හට සේරිවාණිජ හොඳින් දර්ශනය විය.ඔහු මෙසේ
සිතන්නට විය.
"මොහුගේ වත වස්තු ලෝභයෙන් විරූපී ගොසිනි.කලින් නියම කරගත්
ආකාරයට නොව වෙලඳාමක් නොවූ නිසා මොහුගිය ප්‍රදේශයට මා විසින් යාම නිසා මේ අකරතැබ්බය
මොහුට විය.නමුත් මේසා වන්චාවක් කිරීම ගැන සමාවක් නොදිය යුතුය.මේ ආකාරයෙන්
සිටියහොත් රන්තළිය පිලිබඳ ලෝභයෙන් මොහු ළය පැලී මිය යනු නිසැකය."
ඉක්බිතිව
ඔහු පාරුව නැවත්ත් මෙගොඩ පදින ලෙස තොටියාට නියම කලේය....සේරිවාණිජ ඔරුව ගන්
තෙරට ලඟාවනතුරු සිටියේ නොඉවසිල්ලෙනි.හෙතෙම කච්ඡපුට හට නොසරුප් වදන් කියා
කඩාපැනීමට සූදානම් විය.නමුත් කච්ඡපුට ඔහු වලකා මෙසේ කීවේය.
"සබඳ, දුක්පතුන්
වූ සිටු පවුලට තොප කල ක්‍රියාව අධමය.මාහට මේ තළිය රැගෙන යාමට අපමණ අවකාශ
තිබුනත් තොපගේ ජීවිතය සලකා එසේ නොකලෙමි.නමුත් මෙය තොප හට දීමද කල නොහැක
මාගේ සියලුම මුදල්ද කදා වළලුද ඔවුනට දුනිමි.අප නගරයට ගිය වහාම මෙය
විකුණමු.මිලෙන් අඩක් මාගේය ඉතිරිය තොපගේය.නමුත් මින් ඉදිරියට මෙවැනි දීන
ක්‍රියා නොලක යුතුය."
ලැජ්ජාවෙන් හිස බිමට හැරවූ සේරිවාණිජ එකඟත්වය පල
කලේය.ඔවුන් දෙදෙනාම පාරුවට නංවාගත් තොටියා එගොඩට යාම ආරම්භ කලේය.
නව මානයක් වගේ.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි සහෝ!!!
Delete