Wednesday, April 13, 2016

අවලෝකිතේශ්වර...





ඔබ ලාංකේය පුරාවිද්‍යාත්මක අන්ගිතම නිර්මාණයක් වන මෙම පිළිමය දැක ඇති නොඅනුමානයි...මේ අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ලංකීය පිළිමයක්..

මහායාන සම්ප්‍රදායට අයත් ප්‍රධාන බෝසතුන්ගෙන් අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයින්ට හිමි වන්නේ අද්වතීය ස්ථානයක්.උන් වහන්සේ නිරූපණය කරන්නේ අනන්ත කරුණාව ;එහෙමත් නැත්තන් කරුණාවට ප්‍රධාන බෝධිසත්වයින්.උන් වහන්සේ ගැන ප්‍රධාන මහායාන සූත්‍ර වල සඳහන්.

උන් වහන්සේ වාසය කරන්නේ (සුඛාවතී සුත්‍රයට අනුව) බටහිර දිසාවට කෝටි න්‍යුත සංඛ්‍යාවක් ලෝක ක්ෂේත්‍ර පසු කළවිට හමුවන සුඛාවතී නම් අමිතාභය බුදුන්ගේ බුද්ධ ක්ෂේත්‍රයේ.එම ලෝකයේ අනික් බෝසතුන්ට උපදේශකයෙක් ලෙස ක්‍රියා කරනවා.එමෙන්ම උන් වහන්සේ ලොව ඇති සෑම ශබ්දයකටම ඇහුකම් දෙමින් සිටින බව සඳහන්.මේ කරුණ නිසා උන්වහන්සේහේ අනුග්‍රහය ලැබීමට අවලෝකිතේශ්වර නාමය මැතිරීම පමණක් ප්‍රමාණවත් විදිහට සැලකෙනවා.

එමෙන්ම උන්වහන්සේගේ තවත් විශේෂත්වයක් වන්නේ උන්වහන්සේට ඕනෑම ආත්මභාවයක්(ස්වරූපයක්) මවාගතහැකි වීම.පුද්ගලයින්ට පිහිට වීමට හෝ සත්‍යාවබෝධ කිරීමට උන් වහන්සේ ඒ ස්වරූප මවාගැනීම ප්‍රයෝජනයට ගන්නවා..ඒ කියන්නේ විවිධාකාර පුද්ගලයින් විවිධාකාර පුද්ගලයින්ව පිළිගන්නේ.උන්වහන්සේට මාර්ගය පෙන්විය යුතු පුද්ගලයාට පෙනී ඉන්නේ ඔහුට ගෝචර වන ස්වරූපයකින්.මේ නිසා උන්වහන්සේට ඔනෑම දොරටුවකින් ඇතුළු විය හැකි තැනැත්තා විදිහටත් සැලකෙනවා.

(කාරුණික තාරාගේ ලාංකීය ප්‍රතිමාවක්)

මෙතුමන් බෞද්ධ මහායාන සම්ප්‍රදාය තරමක් හෝ ඇති ඕනෑම රටක ඉමහත් ගෞරවාදරයට පාත්‍ර බෝසත් කෙනෙක්.චීනයේ කුවායිං යින් හෙවත් කාරුණික තාරා ලෙස මුන් වහන්සේ ස්ත්‍රී ආත්මභවයක පහළවීමක් ඔවුන් විශ්වාස කරනවා.ටිබෙට්වල ධර්ම ග්‍රන්ථයක් තියනවා කුරුල්ලන්ගේ ධර්ම දේශනා කියලා.ඒකෙදි එතුමා කොහෙකුගේ වේශයක් මවාගෙන තිබ්බතයේ කුරුල්ලන්ටධර්මය දේශනා කිරීමට නික්මෙනවා.පුරාණ ලංකාවේ අභයගිරි වාසී වෛතුල්‍යවාදී හාමුදුරුවරුන් රාජානුග්‍රහය ලබන විට ලංකාවේත් ඉමහත් සම්භාවනාවට පත්වුනු බෝසත් තුමෙක්.සෑහෙන ගණනක් වුණු අපේ කලාකෘති හමුවී තිබෙනවා මෙතුමන් ඉන්න.අවලෝකිතේශ්වර වන්දනාව පසු කාලයක නාථ දෙවි වන්දනාව ලෙස පරිණාමය වූ බවකුයි ඉතිහාසඥයෝ සඳහන් කරන්නේ


                                     (තවත් ලාංකීය ප්‍රතිමාවක්)
                                                  
(අවලෝකිතේශ්වර,පද්මපාණි-අජන්තා ලෙන්)


                                                    
                             (නැගෙනහිර ආසියානු ප්‍රතිමාවක්)

No comments:

Post a Comment