Monday, April 25, 2016

සාංකාව

ඒ දවස් වල වගෙ නෙවේ
දැන්,
රළ ගහන්නේ
රිද්මයක් නැතුවමම
අඳෝනාවක් වගේ,
හවස් යාමයේ
ඉර බහින්නෙත් විඩාබරව,
එහෙ මෙහෙ යන මිනිස්සුන්ගේ
මින් පෙර නොදැක්ක
කාන්සියෙන් හෙම්බත්වුණු මුහුණු
වෙන දේවල් ඕනේ නැහැ
දැන් හඳ පායන්නෙත්
හරි අමුතු විදිහකට
ලප කැළැල් වල තවත්
ලස්සනක් පෙනෙන් නැහැ....

2 comments:

  1. අපි ලෝකය දකින්නේ ලෝකය තියෙන විදියට නෙමේ බං, අපි ලෝකය දකින්නේ අපිට ඕන විදියට

    ReplyDelete
    Replies
    1. ඔව්..දනින විදිහටත් වඩා අර්ථකථනය කරගන්නා ආකාරය...

      Delete