Saturday, April 23, 2016

බලය.



The Lord of the rings කියන සිද්ධි දාමය ඇතිවෙන්නේ middle earth කියල මේ ලෝකය මහද්වීප වලට බෙදෙන්න කලින්.සෞරෝන් කියන්නේ මේ ලෝකය මොන ක්‍රමයකින් හරි පාලනය අතට ගන්න දහන් ගැට දාන පුද්ගලයෙක්...

ඔහු මුදු 19ක් හදල බෙදල දෙනවා ලෝකේ පාලනය කරන ප්‍රධාන කොට්ටාස අතරේ.(එල්ෆ්ලා,ඩ්වෝෆ් ලා සහ මිනිස්සු අතරේ).නමුත් ඔහු එක මුද්දක් තමන්ටම හදාගෙන තියාගන්නවා.ඒක තමා master මුද්ද.ඔක්කොගෙම මුදු වලට වඩා බලවත් වගේම පාලනය කරන්න පුළුවන්.මේ මුද්ද නිසා බලයෙන් අඩුම කොට්ටසය වන මනුෂයින්ගේ රජවරු සම්පුර්නෙන්ම පිරිහිලා සෙවනැලි වගේ අඳුරු අධිපතිවරයාට සේවය කරන්න ගන්නවා.මේ අඳුරු අධිපතිව විනාශ කරන්න බැහැ ඔහුගේ මුද්ද තියනකල්.

පස්සේ කාලෙක ඔහුගේ අතින් මේක නැතිවුනහම දියගොල් කියන hobbitට මාලුවෙක්ගේ බඩේ තිබිල හම්බුනහම එකට ලෝභකමේ ඔහුගේ හොදම යාලුවා ස්මියගොල් ඔහුව මරල මේ මුද්ද ගන්නවා.hobbitලා කියන්නේ සෑහෙන සැහැල්ලුවෙන්,ප්‍රීතිමත්ව ඉන්න හීනෙකින් මිනීමැරුමක් ගැන හිතන්නේ නැති උන්.ඒත් මේ මුද්ද මේ ස්මියගොල් කියන hobbit ආශාවෙන් සහ බලයෙන් අන්ධ කරලා දානවා.ස්මියගොල් මුද්දත් අරන් පැනල යනවා.

ඔහුට ඉන්පසු ජිවත් වෙන්න වෙන්නේ තනියම.මුද්ද නිසා ඔහුගේ පෞරුෂය දෙකට බෙදෙනවා(split personality).එකක ලාවට තියනවා ස්මියගොල්ගේ ප්‍රතිරූපය අනික මුද්දට වහල්කමේ ඇතිවුණු gollum කියන ප්‍රතිරූපය.ඔහු මුද්ද නිසා දිර්ඝායුෂ්ක වුනත් විඳින්න වෙන්නේ මරණයටත් වඩා දඬුවමක්.වැහැරිලා,කොන්ඩේ හැලිලා බඩගාගෙන යන සතෙක්ගේ තත්වෙටම පත්වෙනවා.මේ අතර තමයි ෆ්‍රෝඩො ගේ මාමා බිල්බො ට ගොලම්ගෙන් මුද්ද පැහැරගන්න පුළුවන් වෙන්නේ.ඔහුට හොඳ අවස්තාවක් ලැබෙනවා ගොලම්ව මරා දමන්න නමුත් ඔහු ගොලම්ව මරා නොදමා එතනින් පිට වෙනවා.

බිල්බෝ hobbit කෙනෙක්ගේ සාමාන්‍ය ආයු කාලය ඉක්මවා ජීවත්වෙනවා මුද්ද නිසා.නමුත් ඔහුට වැටහෙන්න ගන්නවා මුද්දේ තියන භයානකකම.gandalfගේ ඉල්ලීමට මේ මුද්ද හා හැමදේම ෆ්‍රෝඩොට දීල ඔහු එතනින් පිටවෙනවා.මේ මුද්ද හරියටම මොකක්ද කියල දැනගන්නේ සෑහෙන්න පහු වෙලා.මුද්ද විනාශ කරන්න පුළුවන් ඒක හදපු ගිනිකන්දටම දාල විතරයි.frodo භාරගන්නවා මුද්ද විනාශ කරන්න.ඔහුගේ සහායට ලඟින්ම ඉන්නවා samwise gamgee කියන උයන් පල්ලා.මඟදී ගොලම්ව හම්බෙලා ඌව නොමරා දිවුරුම් ප්‍රකාශයක් ගන්නවා උදව් කරනවා කියල මුද්ද විනාශ කරන්න ඒක හදපු ගිනිකන්දට දාන්න.

දැන් කට්ට කාල කට්ට කාල ගියා ගිනිකන්ද මුදුනටම ගියාට පස්සේ frodo කියනවා මේක මගේ විනාශ කරන්න බැහැ කියල.සෑම්ට ඇඩෙනවා.නමුත් ගෝලම් කරන වැඩේ මුද්ද ගන්න forodo එක්ක පොරකන එක.ගලවගන්න බැරි නිසා frodoගේ ඇඟිල්ල පිටින්ම හපාකාල ගන්නවා.ඒ එක්කම වැටෙනවා ගිනි කන්දට.මේ කතාවේ කියන්නේ බලයට ආශක්ත වෙන එක කොච්චර දරුණු වෙන්න පුලුවන්ද කියන එක.
*
*
*
ජේ.ආර්. ජයවර්ධන මැරෙනකල් පාලනය කරන්න හිතාගෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා විධායක ජනාධිපති ධුරය කියල එකක්.මේ තනතුර තියෙන්නේ නීතියටත් උඩින්.ජනාධිපතිවරයාට කිසිම නීතිමය පියවරක් ගන්න බැහැ.ඔහුට ඕනෙම පුද්ගලයෙක් නීතියෙන් වැරදිකරු වුනත් නිදහස දෙන්න පුළුවන්.ඔහු කරන්නේ කැබිනට් ඇමති මණ්ඩලයේ වරප්‍රසාද වැඩිකරලා,ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන ඔවුන්ව වහල්ලු කරන එක මුලින්ම.ජනමත වරණයක් තියල එක බලු විදිහට හොර කරලා මහා මැතිවරණයකට යන එක වළක්වනවා.

මේ පදවියේ විනාශ කාරී බව වටහාගෙන මේක අහෝසි කරනවා කියල දිවුරලා එන චන්ද්‍රිකා 94දි වැඩිම ප්‍රතිශතයකින් ජනපතිවරණය ජයග්‍රහණය කරනවා.ඔක්කොම හදන්න ආව ගෑණි අන්තිමේට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ කුණු ගොඩක් වගේ විසික් වෙලා ගිහින්.

යුද්දේ දින්නයින් පස්සේ ඔක්කොම හදාගන්න පුළුවන් කම තිබ්බ මහින්ද කරන්නේ තමන්ට මියෙනතුරු අභියෝග කරන්න ජගතෙක් එන්නේ නෑ කියලා මේකේ බලයට වහ වැටිලා අත්තනෝමතික සංශෝධනයක් කරලා 3 වෙනි පාරට බලයට එන්න...

එතකොට කවුරුවත් හිතන්නේ නැති විදිහට පුංචි frodo කෙනෙක් අභියෝගය භාර අරගෙන මේ ධුරය නැති කරනවා දවස් 100කින් කියලා සපත කරනවා.ඔහු සහ අන්කල් සෑම්ගේ මුනුපුරු රනිල් එකතුවෙනවා මේ ගමනට.බල ලෝභයෙන් gollum කෙනෙක් වීගෙන ආව මහින්දගෙන් ඔවුන් දේපල මෙය උදුරා ගන්නවා.දැන් දින 100යෙ කෑලිත් නෑ හැබැයි මේ මුද්ද විසිකරන්න තියා frodo එහෙම එකක් ගැන හිතලවත් නෑ..
.
.
මේ කලබල අස්සේ gollumටයි අන්කල් සෑම් ගේ මුණුපුරාටයි එකම දෙයක් නිසා එකතුවෙන්න වෙනවා.ඒක තමා මේ විධායක මුද්ද ගිනිකන්දෙන් විසිකරන්න.මොකද මොන frodo කෙනෙක්වත් කවදාවත් මේකේ බලයට ආශක්ත වුනාම කැමැත්තෙන් විසි කරන්නේ නැහැ.....

ඔය පදවියේ තියන භයංකාර බලය
මිනිහෙක්ට දරාගන්න  බෑ.අන්න එකයි මේක නැති කරලා දාන්න ඕනේ... Moral of the story-Game of Thrones කියන්නේ සෑහෙන්නම cheap thrill එකක්...
(ප්‍රධාන චරිත මරල දාන එකේ shock value එකෙනුයි,ලේ පෙන්නන එකෙනුයි ගෑනුන්ගේ හෙලුවෙනුයි රන් වෙන)

4 comments:

  1. අම්මපා ලංකාවේ දේශපාලනය වගේමයි නේද??????????

    ReplyDelete
  2. ඇත්තටම මේකේ වටිනාකම අසීමිත බලයක් තියන ඕනෙම තැනකට නිවැරදිව ආදේශ කරන්න පුළුවන් වීම.

    ReplyDelete
    Replies
    1. මොකේද විධායක ජනාධිපතික්‍රමයෙද? :P

      Delete
    2. ඔව්...ඒක අසිමිතම බලයක්..පුලුවන්නම් හොයාගෙන බලන්න පොතක් තියනවා 'රජ සහ ඝාතකයා' කියල.විසාකේස චන්ද්‍රසේකරම් ගේ..

      Delete