Friday, April 29, 2016

නැව් ටෝක්.. (1)

ලොකු ගස් කඳන් වතුරෙ පාවෙන බව හොයාගත්තා.ඉතින් ඊට පස්සේ ඔවුන් ගඟ ගලන පහත්බිම් වලට ඒක පාකරගෙන ඉතා පහසුවෙන් ප්‍රවාහනය කරන්න පුළුවන්වුණා..

පස්සෙ කාලෙක බිහිවුණු අධිරාජ්‍ය වල (ගැලී,රුවල් නැව් වගේ) නාවික බලය ප්‍රධානම අංගයක් වුණා.ග්‍රීක,රෝම අධිරාජ්‍ය හරහා හිරු නොබසින අධිරාජ්‍යය වුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය දක්වා මේ තත්ත්වය දිගටම පැවතුණා.බ්‍රිතාන්‍යයින් ඇතිළු අනෙක් යුරෝපානුවන් මෙහෙම දිග් විජය කරන්න පෙළඹුනේ වෙලඳාම සඳහා ඇතිවුණු තරඟය හේතුවෙන්.

වතුර කියන්නේ ප්‍රවාහන මාධ්‍යක් විදිහට ගත්තොත් ප්‍රතිරෝධය අඩු,ලොකු බරක් පහසුවෙන් ප්‍රවාහනය කරන්න පුළුවන් මාධ්‍යක්.අද ගෝලීයකරණය වුණු ලෝකයේ ප්‍රවාහනය රැඳී පවතින්නේ නැව් වලින්.රටක වරායක් පිහිටීම වැදගත්ම දෙයක් වෙන්නෙත් මේ හේතුව නිසා.

ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තහම මේ නැව් වර්ගීකරණය කරන්නේ ඒ මඟින් ප්‍රවාහනය වන භාණ්ඩ වර්ගයට අනුව.මේ භාණ්ඩ කියන එකට පාවිච්චි කරන්නේ කාගෝ(cargo) කියන වචනය ව්‍යවහාරයේ.ඔන්න එහෙනන් ප්‍රධාන වශයෙන්ම මේ නැව් වර්ග සම්බන්ධව හැඳින්වීමක්.


General Cargo Ships





මේකෙ නම වගේම තමයි,ගෙනියන්න පුළුවන් කාගෝ පුළුල් පරාසයක විදිදෙනවා.උදාහරණ කිව්වොත් පුරවාපු ගෝනි,අඳුම් බන්ඩල්,පුරවපු පෙට්ටි වගේ ගොඩක් දේවල් අරන් යන්න පුළුවන්.ඒත් මේවා වර්තමානයේ භාවිතයේ අඩුයි.මොකද කාගෝ වෙන් කිරීම,කාගෝ පැටවීම,බැහැර කිරීම අපහසු වෙලා යන දෙයක් නිසා.වෙලාව කියන දේ ඉතාමත්ම වැදගත් දෙයක් මේ ක්ෂේත්‍රයට.



Container Carriers




මේක තම සුලභවම දකින්න පුළුවන් නැව් ජාතිය.කන්ටේනර් වල තියන ප්‍රධාන වාසි තමා පටවන්න,බැහර කරන්න ලේසි වීම,කාගෝ සුරක්ෂිතව වීම මේ කන්ටේනර් ආවරණයෙන්,සුළු කාලයකදී ඉක්මණින් බැහරකිරීම,පැටවීම කරගත හැකිවීම, (ක්‍රේන් භාවිතයෙන් අර කොන් වල තියන සිදුරු වලට අගුල් වගේ දාගෙන තමා පටවන්නේ,එළියට ගන්නේ.මේක ඉතා ඉක්මන්) වගේ කාරණා.ඒ වගේම කන්ටේනර් නැව් අධිවේගී කාණ්ඩයට ඇතුලත්.




Bulk Carries




මේවගෙ අරන් යන කාගෝ ආකාරයකට බෑග්,උර වගේ දේවලින් වහන්නේ නෑ.ඒ කිව්වේ ධාන්‍ය ජාති,සිමෙන්ති,ගල් අඟුරු වගේ දේවල් එහෙම්මම මේ කාගෝ හෝල්ඩ් ඇතුලට පටවනවා.ඊට පස්සේ ඒ හෝල්ඩ් වහල දානවා සම්පූර්ණෙන්ම.මේ පියන්(hatch cover) සෑහෙන්නම ලොකුයි ඒවා අරින්නෙ වහන්නේ යාන්ත්‍රිකව..






Ro-Ro(roll on-roll off/Car Carriers)


මේ රෝ රෝ කියන වචනෙ තේරුම රෝල් ඔන් රෝල් ඕෆ්.ඒකට හේතුව මේ නැවේ ඇතුලේ ඉඳන්ම එළියට වාහනයක් පදවාගෙන යන්න පුලුවන් තරම් පථයක්(ramp) දොර විදිහට පාවිච්චි කරන හින්දා.මේවගෙ තමයි ඔය වාහන අරගෙන එන්නේ.සෑහෙන්න උස නැව් ජාතියක්.හරියට පාවෙන ගොඩනැගිල්ලක් වගේ.ඕනෙම වාහන ජාතියක් අරන් එන්න පුළුවන්.




Tankers
මේ ඉතා පුළුල් වපසරියකට යන නැව් ජාතියක්.මේ නැව් ඒවා ගෙනියන ප්‍රභේද අනුව එහි ගොඩනැංවීම වෙනස් වෙනවා.උප ප්‍රභේද පහත විදිහට දක්වන්න පුළුවන්


අ )Crude Oil and Product tankers




බොරතෙල්,පෙට්‍රල්,ඩීසල් වගේ කාගෝ ගෙනියන්න හදපු නැව්.සාමාන්‍යයෙන් බොරතෙල් ගෙනියන ඒවා සෑහෙන්න විශාලයි.Product කියන්නෙ බොරතෙල් පිරිපහදුවෙන් ගන්න පෙට්‍රල් ඩීසල්..


 ආ )Chemical Tankers
රසායනික ද්‍රව තමා මේවගෙ අරන් යන්නේ.තෙල් වර්ග(පාම් තෙල් වගේ),පැරෆින් (ඉටි පන්දම් හදන ඒවා) වුණත් අරන් යන්නෙ මේවගේ.


ඇ )Gas Carries




මේ සුවිශේෂී ප්‍රභේදයක්.ස්ව්භාවික වායු (මීතේන්) වගේම ද්‍රවීකරණය කළ පෙට්‍රෝලියම් වායු අරන් යන්නේ මේ නැව් වල.මේවා අරගෙන යන්නේ ඒවාගේ ද්‍රව තත්වෙදි මොකද එතකොට අරන් යන්න පුළුවන් ප්‍රමාණය වායු තත්ත්වයෙ තියෙද්දි වඩා 200 ගුණයකටත් වැඩියි සාමාන්‍යයෙන්.
ඒත් සාමාන්‍ය උෂ්නත්වයේ මේවා වායු තත්ත්වයේ තියන නිසා ද්‍රව තත්වයෙන් තියාගන්න එක්කෝ අධික ලෙස සිසිලනය,නැත්තන් අධික සම්පීඩනය එහෙම නැත්තන් මේ ක්‍රම දෙකම යොදාගන්නවා.මීතෙන් ද්‍රවයක් බවට පත්වෙන්නේ සෙල්සියස් අංශක සෘණ 160 දි විතර.ඒ තත්වෙන්ම තියාගන්න ඕනේ ද්‍රවයක් වෙන්න පොඩ්ඩක් උෂ්නත්වය ඉහළ ගියොත් වායු තත්ත්වයට එනවා.පීඩනය වැඩි වෙනවා.ඉතින් හිතාගන්න පුලුවන්නේ කොහොම අමාරු වැඩක්ද කියල මේක.


Live Stock Ships


ඔය ගවයින් වගේ පණපිටින් මහාපරිමාණයෙන් අරන් යන නැව් තම මේ.දකින්නත් කලින් දැනගන්න පුළුවන් මොකද ගඳ ගස්සනවා පළාතක්ම.



Passenger/Cruise Ships


මේවගෙ රූපනම් බොහෝ දෙනෙක් දැකලත් ඇති...මේ තමා ලෝකෙ භයානකම කාගෝ ජාතිය අරන් යන නැව්... ඒ කියන්නේ මිනිස්සු...



Heavy Lift ships



ඉතා බර සහිත දේවල් විශාල දොඹකර,තවත් යාත්‍රා වගේ බර දේවල් ප්‍රවාහනය කරන්නේ මේ නැව් වලින්.වරකට එක බැගින් තමා ප්‍රවාහනය කරන්නේ.



Reefer Ships




මේවගේ කාගෝ අරන් යන හෝල්ඩ් සම්පූර්නෙන්ම ශීත කරල තියෙන්නෙ..හරියට විශාල Deep freezer එකක් වගේ.දැන්නම් අඩු වශයෙන් භාවිතා වෙන්නෙ මොකද container තියනවා ශීතකරණ වගේ ප්ල්ග් කරන්න පුළුවන් ඒවා අරන් යන්නේ container ship වල..

(මතුසම්බන්ධයි )

(දෙවෙනි කොටස) 

Thursday, April 28, 2016

ව්‍යාවසායකයා

'ඩොක් ඩොක් ඩොක්'

 රෑ මැදියමේ හාන්සි පුටුවේ නින්ද ගියපු මට සුපුරුදු ලී ඇන්ටික් ඔල්ලෝසුවේ සද්දෙ ඇහෙනවා.මොකක් හරි අමුත්තක් දැනුනට හිතාගන්න බෑ.මට මගේ ඇඟ දැනෙන්නේ නැතුව ගිහින්..දෙයියනේ..මට දැනෙන්නේ මම හරියට වෙන ඇඟකින් හුස්ම ගන්නවා වගේ.මොකක්ද මේ?මට බෙල්ල හරවන්න විතරයි පුළුවන්.

''හා හා කලබල වෙන්න එපා අයිසේ''

ඇලබාම වල කුස්සියක ගෑණියෙක් රැහැයි කටහඬකින් කථාකරනවා වගේ මට තේරුණේ.සද්දේ ආවේ පුටු ඇන්ද හරියෙන්.මම අමාරුවෙන් බෙල්ල හරවලා බැලුවා.හුටා...මීයෙක්.සුදුම සුදු බූල් තියන රතු ඇස් තියන මීයෙක්.එතකොට මොකාද කතා කළේ?

මීය මගෙ දිහා බලාගෙන හිටියේ.බෙල්ල හරව හරව අත්දෙක එකට තියාගෙන කකුල් වලින් විතරක් හිටගෙන හිටපු මීයා කට හොල්ලන්න පටන් ගත්තා.

''අයිසේ...තමුසෙට අපි පොඩි ප්‍රතිකාරයක් කරල තියෙන්නේ.ඉතින් ඇඟ හොල්ලන්න මහන්සි වෙන්න එපා.තමුසෙගේ බෙල්ල හරිය හොල්ලන්න විතරයි දැන් පුළුවන්.බෙල්ලෙන් පල්ලෙහා....''

 මීයා එකපාරටම හුස්ම අල්ලන්න ගත්තා.සද්දයක් ආවේ කවුරුහරි පෙනි විස්ල් එකක් ටියුන් කරනවා වගේ.සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක හරිනම් මට සිහ් නැති වෙන්න ඕනේ නැත්තන් කෑ ගහන්න ඕනේ එහෙමත් නැත්තන් හීනයක්ද කියල ටෙස්ට් කරන්න ඕනේ.කොහොමටත් හීන වලදි අපේ ඇඟ අපිට ඕනේ ප්‍රතිචාර දක්වන්නේ නැහැනේ.ඒත් මට තේරුණා මේක ඇත්තටම වෙන දෙයක් කියලා.
හුස්ම අල්ලපු මීයා ආයෙත් කථාව පටන් ගත්තා.

''බෑ''





බෑ?
මොකක්ද යකෝ ඒ හරුපේ..එතකොට තමා මට මතක් වුණේ මීය කලින් කියන්න ගිය දේ ඉවර කළේ නෑ කියල.මගේ ඔඩොක්කුව උඩ සිරින්ජරයක් වැටිල තිබ්බා.මු මගේ ස්නායු පද්ධතිය සීමා කරන්න බෙහෙතක් විදලා.

මීයා ආයෙත් බෙල්ල කඩ කඩ හරව හරව මගේ දිහා බැලුවා.

ඊට පස්සේ කිව්ව
 ''තමුසේ අන්දමන්ද වෙලා වගේ නේ ඉන්නේ මේ වෙලාවේ තමුසෙට හිතෙන්නෙ මොකක්ද අයිසේ?''

ඇත්තටම මට ලොකු ප්‍රශ්න ගොඩක් තිබ්බා.ඒත් මේ වෙලාවේ මුලින්ම ආව ප්‍රශ්නෙ මූව ආමන්ත්‍රණය කරන්නෙ කොහොමද කියලා.'මීයෝ' කිව්වොත් තව තද වෙයිද දන්නෙ නැහැ.'මී මහතා' කිව්වොත් අනවශ්‍ය ගෞරවයක්.ඕනේ මඟුලක් ඔන්න ඔහේ අහනවා.

''මේකයි මට ආව මුල්ම ප්‍රශ්නේ.ඔබගේ කටහඬ ඇහුණට පස්සේ.ඔහේ ගෑණු මීයෙක්ද පිරිමි මීයෙක්ද?''

මීයගේ කන් දෙක උන් වුණා.ඇස් තව ලොකු වුණා.ඊට පස්සෙ අති උච්ඡස්වරෙන්
''මොකක්?තෝ කිව්වේ? **පියා,තොගෙ *@%^& ''
කුණුහරුප කියාගෙනම කමිසෙ අස්සට රිංගුවා.එතකොටම මට පැහැදිලි ප්‍රංශ උච්ඡාරණයක් ඇහුණා මේසේ හරියෙන්.

''මී මහත්මයා මේ කුමද කරන්නේ?ඔබ මොහුගේ බඩ සැපුවාට වැඩක් නැහැ,මොහුට දැනෙන් නැහැ,අපි මොහුගේ බෙල්ලෙන් පහළ ස්නායු පණ නැති වෙන්න බෙහෙතක් දීලා තියෙන්නේ.දැන් ඒ ඔක්කොම හිරිවැටී ඇත්තේ.''

එතකොට මීයා මගේ කමිසෙන් එළියට එනගමන් මෙහෙම කිව්වා
 ''හැබෑ නේන්නම් කැරා..මට යක්සයා ආවේස වුණා මූ කිව්ව කථාවට.සොරි වෙන්න ඕනේ මට මාව පාලනය කරගන්න බැරිවුණා.''

මම හොඳට මේසේ දිහා බැලුවා.එතකොට මම දැක්කා මේසේ ගැට්ටට ඇවිල්ල හිටිය කැරපොත්තෙක්.උගේ ඉස්සරහම වම් පැත්තේ කකුලෙන් ලී ගිනිකූරක් අල්ලන් හිටියා.මම බලන් ඉන්නව දැකල ඌ එකපාරක් ඔළුව නවලා මෙහෙම කථාකලා.

''ශුභ සන්ධ්‍යාවක් වේවා මහත්මයා,ආහ් මාව හඳුන්වාදෙන්න තරම් ආචාරශීලී නොවන එක ගැන සමාවන්න ඕනේ.මට කලින් නමක් තිබ්බා ඒත් මම ඒක අත්හැරියා ඉන් පස්සෙ මමම මට ''කැරා'' කියන නම දාගත්තා.
ඇත්තටම කියනවානම් මම මේ මී මහතා වන ටොම් මහතාගේ සඟයෙක්.අපි දෙන්නා බයෝ ටෙක් ආයතන්යෙන් පිටත් වුණේ එකට.තාක්ෂණිකව කියනවනම් අපි දෙන්න එතනින් පැනලා ආවා.(තාක්ෂණිකව....අනේ යකෝ කැරපොත්තෙකුට ගිය කල ) ඉතින් මම හිතන්නේ මී මහතා කථාකරයි ඔබත් සමඟ ඉතිරි ටික.මම එතකල් කුස්සිය පැත්තෙ රවුමක් දාල එන්නම්.''
එහෙම කියලා කැරපොත්තා කුස්සියට පියාඹගෙන ගියා.

දැන් මීයා ඉන්නවා බලාගෙන.මම හුස්මක් ඇදල මෙහෙම ඇහුවා.

''තමුසෙට මොනව ඕනේ මගෙන්?සල්ලි වලින්නම් වැඩක් ගන්න බෑනේ ඔහොම ඉඳන්.ඕනෙනම් ෆ්‍රිජ් එක ඇරල බලනවා ලොකු ඕස්ට්‍රේලියන් චීස් කෑල්ලක් ඇති.''

මීයා සරදම් හිනාවක් දැම්මා.අර ෆිල්ම් වල ඉන්න මාෆියා ලොක්කො වගේ.ඒත් ඒක හෙන සවුත්තු විදිහට එළියට ආවේ.මුගේ සද්දෙට මට පොඩ්ඩක්වත් බය හිතුනෙ නැහැ.හිනා වෙන්නත් බෑනෙ ආයෙත් කොහේ හපයිද දන්නෙ නෑ.ඉතින් හෙණට බය වුණු මූණක් දාගෙන හිටියේ..

''චීස්... තමුසේ තාම කාටුන් බලන වයසෙද? තමුසෙ දැනගන්නවා අපි මේ අපේ ආරක්ෂාවත් උගස් කරගෙන ආවේ තමුසේ වගේ මී පාසානම් හදන කොම්පැණියක අයිතිකාරයෙක් විදිහට තමුසෙගෙ හෘද සාක්කිය ගැන හිතෙන දේ බලන්න.කැරායි මායි අපි දෙන්නා බයෝ ටෙක් එකේ පරීක්ෂණ වලට ගත්ත ජාන වෙනස් කරපු සත්තු දෙන්නෙක්.ඒකෙ මනුස්සයෙක් කියල හිටපු එකම එක උත්තමයා මගේ මොළේ ගලවලා පරීක්ෂා කරන්න හදද්දි මට එතනින් පැනල යන්න උදව් කළා.කැරාව මට සෙට් කරලා දුන්නේ මට කාණු මාර්ගය හරහා ගිහින් එළියට එන තැන හොයාගන්න.
ඒවයින් දැන් වැඩක් නෑ..කියනවා තමුසේ ඇයි මේ පාසානම් හදන්නේ.ඇයි තමුසේ වෙන සත්තු ජාතියකගේ ජීවත්වීම පිළිගන්නේ නැත්තේ?''

අම්මටසිරි ඒකයි සීන් එක.මූ ඇවිත් ඉන්නේ මගේ කොම්පැණිය වහල දාන්න මාව සෙන්ටිමෙන්ටල් කරල.එව්වා හඳේ පුතෝ.අපි සෙල්ලම් කරමු එහෙමනම්.

''මම ඇත්තටම එහෙම නරක මනුස්සයෙක් නෙවේ...මම ඉස්සර වැඩ කළේ කෝලකොකා කොම්පැණියේ.ඒකේ නිෂ්පාදන අංශෙ.ඒත් ටික කාලයක් යද්දිමට තේරුණා මිනිස්සුන්ව මෙහෙම ටික ටික මරල දාන දෙයක් හදනවට වඩා සල්ලි නැතුව මැරිල යන එක සාදාරණයි කියලා.මම එළියට බැස්සා..
එදා නත්තල තිබ්බ සතිය.මිසිසිපි ගඟ අයිස් වේගෙන යමින් තිබුණේ.පාරවල් වල අඩියක් විතර උසට හිම.මගේ බූට් සපත්තුවත් හොඳටම අබලන් වෙලා ...''

එක පාරටම මීයා බාධා කරන්න ගත්තා
''අයිසේ මේ..මට මේ මාසෙම ඔහෙත් එක්ක ගතකරන්න වෙලාවක් නෑ ඉක්මන් කරනවා''

''හරි හරි ටොම් මේකයි වුණේ.අනේකවිධ බාධා කරදර මැද මම දැනන් හිටියේ මිශ්‍ර කිරීමගැන විතරයි.ඉතින් කලින් කොම්පැණියේ පළපුරුද්දත් එක්කම මම කල්පනා කළා මිනිස්සුන්ව ටික ටික මැරෙන්න දෙන වෙනුවට මිනිස්සුන්ට සේවයක් වෙන දෙයක් කරන්න.ඉතින් මම මී පාසානම් වැඩේට අත්ගැහුවා.වැඩේ නැගලම ගියා.''

මීය ඔළුව පාත්කරගෙන පුටු ඇන්දෙ එහාට්ට මෙහාට්ට යන්න ගත්තා.ඉන් පස්සේ ආයෙත් මගේ දිහා උගෙ රතු ඇස් වලින් බලල මෙහෙම කිව්වා.

''තමුසේ මිනිස්සු ටිකෙන් ටික මරන්න බීම හදපු තැනෙන් එළියට ඇවිල්ල අපිව එකපාරින්ම මරල දාන්න වැඩේ සෙට් කළා. තමුසේ කොහොමද මෙච්හර අමනුස්සයෙක් වුණේ.අයිසේ පොඩ්ඩක් කල්පනා කරල බලනවා..අපිත් ක්ෂීරපායියෝ.තමුසෙලා එක එක ක්ෂීරපායින්ට එක එක විදිහට සලකන්නේ.
බල්ලා,පූසා ගෙදර ඇතිකරනවා.අලියා,ජිරාෆ් zoo වල කූඩුවල.දැන් බලනවා ලේනා.ලේනාගෙයි අපෙයි කොච්චර සමානකම් තියනවද?තමුසෙලා ලේනෙක්ව දැක්කම ඔළුවට එන පළමු ප්‍රතිචාරෙ මරන්න ඕනේ කියන එකද?? නෑ..තමුසෙලාගෙ ඔළුවට එන්නෙ අනේ හරි කියුට් සතෙක් කියලා. ඒත් තමුසෙලාට මීයෙක් දැක්කම මේ අදහස එනවද? නෑ..නෑ..
මොක්ද මේ බය තමුසෙලාට දාල තියෙන්නේ පොඩි කාලෙ ඉඳන්මම ඔළුවට.මීයො ජරා සත්තු,මීයෝ මරන්න ඕනේ කියන එක.මාධ්‍යයෙනුත් පෙන්නන්නෙ මීයෝ තමයි ගෙවල්වලට තියනලොකුම ප්‍රශ්නෙ කියල.ඒත් තමුසේ මම අද කිව්වයි කියල හිතාගන්නවා..මීයෝ වඳ වුණු දවසක ඔය මාධ්‍ය ඔක්කොම එකතුවෙලා මීයන්ට තිබ්බ ප්‍රතිරූපය දානවා ලේනන්ට.අන්න එදාට තමුසෙලා ලේනන්ට උගුල් අටවනවා.මොකද දන්නවන්ද?ප්‍රශ්න නැතුව තමුසෙලාට ඉන්න බෑ.මේ වගේ ප්‍රශ්න නැතුව බය කිරිල්ලක් නැතුව තමුසෙලාගෙ රජයට තමුසෙලා හසුරුවාගන්න බෑ.මේ වගේ දේවල් වලින් රජය මිනිස්සුන්ව බිසී කරල තියාගන්නවා.''

මෙහෙම කිව්ව මීයා ටික වෙලාවක් සයිලන්ට් වෙලා බිම බලාගෙන හිටියා.මේ සෙන්ටිමෙන්ටල් කථාව උගෙ කටහඬත් එක්ක යන්නෙ නෑ තමයි ඒත් මම දැන් ඒකට පුරුදු වෙලා හිටියේ.ඊට පස්සෙ අත්දෙක දෙපැත්තට වනල මෙහෙම කිව්වා.

''අයිසේ මට බොරුකාරයෙක් වෙන්න බෑ.අර ලේනගෙයි මීයගෙයි උපමාව මම ගත්තේ ෆිල්ම් එකකින්.ඒ කාලේ අපේ ලැබ් එකේ ටීවි එක මහ සද්දෙට දාගෙන ෆිල්ම් බැලුවා නාකි සික්කලා.ඉතින් මට මේක තුන් හතර වතාවක්ම බලන්න ලැබුණා. Tarantinoගෙ ;Inglorious Bastards..බලල තියනවද?''

''නෑ'' මම ඔළුව දෙපැත්තට වැණුවා.

මීයට පුදුමයි.
''ඇයි? අයිසේ මේ Tarantino කියන්නේ මිනිහගෙ තියන ප්‍රචණ්ඩත්වයටඇති කැමැත්ත ගැන හොඳටම කථාකරපු අධ්‍යක්ෂකනේ..''

''මේකයි හේතුව..''මම පැහැදිලි කරන්න ගත්තා. ''මම violence වලට කැමති නෑ''

මීයගෙ ඇස් දෙකේ ක්‍රෝධය උතුරන්න ගත්තා..
''ඈ යකෝ..වල් පරයා එතකොට තෝ ඔය පාසානම් හදන්නේ ****** ****නද?''

මෙහෙම කියපු මූ මගේ මූණට නැඟල හපාගෙන හපාගෙන යන්න ගත්තා..ඉඳිකටු අණිනවා වගේ රිදිල්ල දරාගන්න බැරි වුණු මම කෑ ගැහැව්වා.කැරපොත්තා එතකොට කුස්සියේ ඉඳන් පියාඹලා ඇවිත් අනික් පුටු ඇන්දේ වැහුවා.

''ටොම් මහතා.අපි දෙදෙනා මෙතන සිටිය යුතු කාලය දැන් කෙළවර වීගෙන එන්නේ.අපි වහාම වැඩේ කෙළවරක් කරමු.''

මීයා මේක අහලා පහළට බැස්සා..ඊට පස්සේ මෙහෙම කිව්වා.

තමුසෙ දැනගන්නවා හෙට ඉඳල තමුසෙගේ ෆැක්ටරියේ ලයිට් එකක්වත් පත්තු කළොත් අපි ජූඩිටත් පාසානම් ලැබෙන්න සලස්වනවා. (ජූඩි කියන්නේ මගේ බිරිඳ;ඉතින් මගේ ඔළුවට ආවේ කියලවත් කරගන්න බැරි දෙයක්) තමුසෙට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි කියල අපි විශ්වාස කළා...ඉතින් අපි එඩිත්ටත් ඒ දේම කරනවා (දෙයියෝ සාක්කි..මුන් එඩිත් ගැනත් දන්නවා..එඩිත් කියන්නේ මගේ...එක්කෝ ඕනේ නෑ).
එහෙනන් amigo''

මෙහෙම කියල මීය පොඩි සිරින්ජරයක් ගත්තා..''adios ජෙරී'' (මගේ නම ජෙරෝම් ඒත් හැමෝම කෙටියෙන් කියන්නෙ ජෙරී කියල ) කියල වම් අතට ඒකෙන් ඇනලා ඒකේ තදකරන කෑල්ල උඩ උඩ පනින්න ගත්තා..දියරය මගේ රුධිර නාළිකාවකට ඇතුල් වුණා.මට කරන්න පුළුවන් වුණේ කෑ ගහන එකයි ඔළුව හොල්ලන එකයි විතරයි.

උදේ ඇහැරෙද්දී මම පුටුව උඩ.ඇඟ පොඩ්ඩක් හොල්ලලා බැලුවා කිසිම අවුලක් නෑ.පිස්සු විකාර හීනයක්.මම ඈනුමක් ඇරලා සුපුරුදු ඩ්‍රැගන්ෆෘට් ජූස් එක ගන්න ෆ්‍රිජ් එකේ දොර ඇරියා.
.
.
.
මගේ ඇඟ සීතල වෙලා ගියා..
ඕස්ට්‍රේලන් චීස් කෑල්ල අතුරුදහන් වෙලා.....මම ටක්ගාල මූණ අතගාල බැලුවා.

KEY TAG (1)

ජයවීර නිවසේ සීනුව නාද විය.සරමකින් සහ බැනියමකින් සැරසී සිටි ආරෝහ පරිණාමයෙන් යුතු ජයවීර මහතා දොර විවෘත කලේය. සීනුව නාද කල තැනත්තා බලාපොරොත්තුවෙන් සිටි නිසා ඔහුගේ බැල්මේ කිසි විමසිලිමත් භාවයක් නොවුණි. සුවිසල් සාලය සිසාරා නෙත් යොමුකරමින් ඇතුලට පැමිනි තරුණයා ජයවීර මහතා පෙන්වූ සැප පහසු පුටුව මත වාඩිවූයේය. ඔහු ජයවීර මහතාව ආමන්ත්‍රණය කල යුත්තේ කෙසේදැයි විපිළිසර වෙමින් සිටියේය . තමා උදව්වක් කරන නිසාත් ජයවීර මහතා දැක්වූ මිත්‍රශීලී බව නිසාත් ඔහුට "අන්කල්" කියා ආමන්ත්‍රණය කිරීමට තීරණය කලේය.” අන්කල් මගෙ නම සංජීව. මට මේ යතුර හම්බුනා පාරෙ වැටිලා තිබිලා. මම හිතනවා මේක අන්කල්ගේ කියලා". ජයවීර මහතා සංජීවගේ අතේ තිබූ යතුර ගෙන එය ඒ මේ අත පෙරලමින් පරීක්ෂා කරන අතරතුර මෙසේ විමසීය, "කොහොමද පුතා මේක මගේ කියලා තීරණය කලේ?" පුටුවේ හොඳින් හරි බරි ගැසුණු සංජීව දිගු කතාවකට මුල පිරීය.

***

තමා මඟ වරද්දා ගත් බව සංජීවට වැටහුණි.'හොඳ වෙලාවට මට මෙහෙම දෙයක් දවාලක වුණේ. රැයක එහෙම වුනානම් ඉඳලා හමාරයි. දිනිඳු කියපු විදිහට දැන් ලී මෝල හම්බවෙන්න ඕනෙ. ඒත් සෑහෙන දුරක් ආවා අඩුම ගානෙ දර කඩයක්වත් දැක්කෙ නැහැ'.අතුරු පාරවල් දෙකක් හරහා පැමිණි ඔහුට වැටහුණේ පාර කෙළවර වී ඇති බවකි.

'phone එකත් dead. sure එකටම මට 3G off කරන්න අමතක වෙන්න ඇති. නැත්නම් මේ ටිකට මෙහෙම බහින්න විදිහක් නැහැ.'

ඔහු ආපසු හැරුණේය.ඒ සමඟම ගිනි ගෙන දැවෙමින් තිබූ හිරු රැස් ඔහුගේ මුහුණට වැටුණි.දීප්තිය ඉවසිය නොහැකි වූ ඔහු ඔහු වහාම අත ගෙන නළලට තබාගෙන මුහුණ මඳකට ආවරණය කර ගත්තේය.වැලි සහිත පාරේ යමක් දිලිසෙනු ඔහුට පෙනුණි.හැඩයෙන් එය toffee කොලයකට වඩා විශාල නිසා එය දෙස ඔහු සැලකිල්ලෙන් බලුවේය.තම දෙඇස් යථා තත්වයට පත්වනතුරු මඳක් සිටි ඔහු එය ලඟට ගොස් අහුලාගත්තේය. එය යතුරු තුනකින් යුතු කැරැල්ලකි.ඕනෑම දෙයක් අන් අයට වඩා බරපතල ලෙස සලකන ඔහු අනික් සියලු සිතිවිලි පසෙක ලා කුහුලින් එය පරීක්ශා කිරීමට පටන් ගත්තේය.

නිතැනින්ම එහි මුලින්ම කැපී පෙනෙන්නේ සම්බන්ධ කර තිබූ key tag දෙකයි. එකක් කකුළුවෙකුගේ රූපය පෙන්නුම් කළ අතර අනෙකේ තිබුනේ පැතලි, පිරමීඩයක හැඩයයි. කකුළු රූපය පිටුපස 'Alaskan deadliest catch' යනුවෙන් සටහනක් තිබූ අතර පිරමීඩාකාර රූපයේ සඳහන්ව තිබුනේ 'Remaining wonder' ලෙසටය.යතුරු තුනක් එයට සම්බන්ධ වී තිබුණි.

සංජීව හිතන්නට පටන් ගත්තේය. 'හොඳයි, විනාඩි විස්සකට විතර කලින් එකපාරටම වගේ වැස්සක් ඇවිත් නැවතුණා. මේක තිබ්බේ මඩට යටවෙලා නෙවෙයි. මඩ මිශ්‍ර වුනු වතුර බිංදු වගයක් පේන්න තියනවා එක පැත්තක. වැස්සට කලින් මේක වට්ටගෙන තියෙන්නේ.පැතලි යතුරු,මට හරියටම කියන්න පුළුවන් දොරකට ගැලපෙන ඒවා.ඒත් ඉස්සරහ දොරට දාන ජාතියෙ ඒවා නෙවෙයි.කාමර වලට පාවිච්චි වෙන ජාතියෙ ඒවා,සාමාන්‍යයෙන් බෝඩින්කාරයෝ එහෙම පාවිච්චි කරන ජාතියෙ.හැබැයි බෝඩිමක යතුරකුත් වෙන්න අමාරුයි මොකද එහෙමනම් අයිතිකාරයා දොර ඇරගන්න බැරුව මේක හොයාගෙන එනවා.එහෙම නෙවෙයි නම් බෝඩිමෙ ඉඳල එලියට යන ගමන් වැටුනද කියල හිතන්නත් පුළුවන්,හැබයි මම අනික් පැත්තට ආපු එක්කෙනෙක්වත් දැක්කෙ නැහැ.යතුර හම්බුනු තැන ඉඳන් පාර ඉවර වෙන තැනට යනකන් ගෙවල් හත අටක් විතර ඇති.අසල්වැසියෙක් හම්බවෙන්නවත් ගියාද??ඒ පැත්තෙන් මට හිතන්න පුළුවන් දුර එච්චරයි.....හ්ම් key tag දෙකම ලංකාවෙන් ගන්න පුලුවන් ජාතියේ ඒවා නෙවෙයි. සිහිවටන විදිහට පාවිච්චි වෙන ඒව. රට යන අය මේව ගේන්නෙ පවුලෙ කට්ටියට, නැත්තම් යාලුවොන්ට දෙන්න, එහෙමත් නැත්තන් තමන්ගෙ පාවිච්චියට. දෙකම වැඩිය පරණ නැහැ. බොහෝදුරට එකම කාලෙකදි ගත්තු ඒවා. ඒ කියන්නෙ සංචාරකයෙක්ද? හැබයි ඊජිප්තුවෙ සිවිල් යුද්ධය නිසා අවුරුදු දෙකකින් වෙන රටවල අයට ඊජිප්තුවට සාධාරණ හේතුවක් නැතුව ඇතුල් වෙන්න දුන්නෙ නැහැ.අනික් කී ටැග් එක ඇලස්කාවෙන් අරන් තියන එකක්. ඇලස්කාව වැඩියෙන්ම ප්‍රසිද්ධ eskimoලටයි ග්‍රීස්ලි වලහටයි,මාලු වලටයි, කකුළුවන්ටයි.ලංකාවේ මනුස්සයෙක් ඒ වගේ මිනිස්සු අඩු පළාතකට මොනවට යන්නද??? ම්ම්ම් හොඳම වැඩේ හන්දියෙ තිබ්බ කඩෙන් අහන එක මේ ගෙවල් හත අට ගැන තොරතුරු. අයිතිකාරය හොයාගන්න පුළුවන් ජාතියෙ තොරතුරක් හම්බුනොත් මමම ගිහින් බලනවා නැත්තන් මේක ඒ කඩේට බාරදීලා එනවා.අත්‍යවශ්‍ය එකක් නම් අයිතිකාරයා ඇවිත් හෝදිසි කරයිනේ.අනික් එක ගමක කඩේ තමා ආරංචි දැනගන්නයි,බෙදාහරින්නයි තියන හොඳම තැන...'


'විමල් ස්ටෝස්' යනු සාමන්‍යය මට්ටමෙන් පවත්වාගෙන ගිය වෙළඳසැලකි. සංජීව එයට ඇතුළු වී වට පිට බලද්දී එහි පැත්තක තිබූ තැඹිලි ඉත්තක් දුටුවේය. එම වේලාවේ කිසි ගැනුම්කරුවෙකු නොසිටීමද ඔහුට අස්වැසිල්ලක් විය. තැඹිලි ගෙඩියක් කප්පවාගත් ඔහු මුදලාලි සමඟ කතාවට වැටුනේය. ඉතා කටකාර පුද්ගලයෙකු වූ විමලෙ මුදලාලි ඔහු හා නිවැසියන්ගේ වතගොත වමාරන්නට විය.
 

පාර අවසන්වන හරියේ සිටිනා නිවැසියන් ගණන අටකි. එක් අයෙක් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකි. ඔහු ගැන කිව යුතු තරම් විශේෂයක් නැත. තව රජයේ සේවකයින් දෙදෙනෙකි; ඔවුන් බොහෝ කලක සිට මුදලාලිගේ ගැනුම්කරුවන්ය. තවද ළඟදී පෝසත් වූ කොන්ත්‍රාත්කරුවෙකි. ඔහුගේ කෙටිකාලීන සාර්ථකත්වය බොහෝ දෙනෙකුට ප්‍රශ්නයකි. කොන්ත්‍රාත්කරුගේ බිරිය පෙර මුදලාලිගෙන් ණයට බඩු මිලදී ගත්තද, දැන් නගරයේ සුපිරි වෙලඳසැලින් සියලුම දේ මිලට ගෙන වාහනයෙන් හන්දිය පසුකරන්නේ මුදලාලිටද ගස්සාගෙනය. තවත් එහායින් සිටියේ සල්ලිකාර 'ජෙනුයින්' පුද්ගලයෙකි. ඔහු නැවක රැකියාව කරන්නෙකි,එහෙත් මේ දිනවල නිවාඩුවට නිවසට පැමිණ ඇත.සංජීවගේ සිත එක්වරම කෑගසන්නට විය,

'හෝව් පොඩ්ඩක්.'
ඔහුගේ සිත වේගයෙන් වැඩ කරන්නට විය..

ලෝකයේ වෙළඳාම රඳා පවතින්නේ වෙළඳ නැව් මතය.බොහෝ රටවලට එහි අභ්‍යන්තර තත්වය කෙසේ වුනත් අවම වශයෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට වෙළඳ නැව් අත්‍යාවශ්‍යය.යන රටකින් ගොඩ බැසීමට ඔවුන්ට වීසාද අනවශ්‍යය. ඇලස්කාව මාලු අපනයනයට ඉතා ප්‍රසිද්ධය.ඊජිප්තුව නාවික මර්මස්ථානයකි.ශ්‍රී ලාංකික විදේශ රැකියාවක නියැලෙන්නන් මේ තැන් වල සිටීම විය නොහැකි නමුත් නාවිකයකුට කිසිම ප්‍රශ්නයකින් තොරව යා හැකි ස්ථාන වේ. ඔහු මුදලාලිට යතුරු කැරල්ල පිලිබඳ සියලු දේ පැවසීය. මුදලාලි සතුව එම මහතාගේ දුරකථන අංකය තිබුණි. ඔහු වහාම ඇමතුමක් ගත්තත් එහා කෙලවරේ දීර්ඝ සංවාදයක් යන බවක් පෙනුනි. තමන් හැකි ඉක්මනින් ඔහුව අමතන බවත්, නොපමාව ඔහුගේ නිවසට යන ලෙසත් මුදලාලි සංජීවට උපදෙස් දී මඟ සලකුණු කියාදුන්නේය. සුවිසල් ලා නිල් පැහති ගේට්ටුවක්ද 'ජය ශ්‍රී නිවස' කියා දැක්වෙන පුවරුවක්ද ඇති නිසා සොයගැනීමට පහසුය. අනෙක ජයවීර කියූ පමණින් පළාතේ ඕනෑම පුද්ගලයෙක් දනී. සංජීව එම නිවස කරා ගමන ඇරඹීය..

* * * * *

තේ කෝප්පයද කථාවද සංජීව එසේ හමාර කලේය.ඒ අතරතුර ජයවීර මහතාද සංජීව ගැන කරමින් තිබූ ඇගයීම නිමා කර තිබුනි.විවිධ රටවල විවිධ ජාතීන් සමඟ වැඩකර ඔහුට පුද්ගලයින්ව ඉතා ඉක්මණින් අනාවරණය කිරීමෙ හැකියාවක් තිබුණි.සංජීව යනු සුලු දෙයත් බරපතලව ගන්නා,අවන්කකම ගන ආඩම්බරවෙන,කිසිදෙයක් බලපොරොත්තු වෙන්නේ නැතිව අන්‍යන් වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කරනා තරුණයෙක් බව ඔහු නිවැරදිව වටහාගත්තේය.ජයවීර මහතාගේ මුහුණේ චමත්කාරජනක මදහසක් ඇදිණි. “පුතා ඉතා හොඳින් තර්කානුකූලව, විකල්ප අවම කරලා නිගමනවලට ඇවිත්. well done... හැබැයි කියන්න කණගාටුයි; මේක මගේ නෙවෙයි......."

සංජීව දෑතින් මුහුණ වසාගත්තේය. තමා කළ සියලු දේ නිශ්ඵල වීම ඔහුව දුර්මුඛ කර තිබුණි. ඔහු හිඳිනා ආකාරය දුටු ජයවීර මහතා තම සිනහව පුළුල් කර මෙසේ පැවසීය.

“හැබැයි මේ කී ටැග් දෙකම මම ගෙනාපුවා. වෙන කොහෙවත් මේ කී ටැග් දෙක එකට තියෙන්න බැහැ. මේක ඇලස්කාවෙන් ගත්තෙ,dutch harbour කියන දූපතෙන්. ඒකේ තිබ්බ එකම super market එකේ අන්තිම lot එකෙන්.ඉතින් මම එකක් තියාගෙන අනික දන්න යාලුවෙකුට දුන්නා, මම දැන්ම එයාට කථා කරලා බලන්නම්.වැඩි වෙලා යන්න කලින් ඔයාට මේකෙ අවසානය බලා ගන්න පුලුවන් වෙයි,එයා මගෙ අසල්වාසියෙක්..”

කෑම මේසය කරා තිබුණු දුරකථනය වෙත ඔහු පියමන්නේය.ඉන්පසු කිසිවෙකු අමතනු සංජීවට ඇසුණි. සන්ජීව සැනසුම් සුසුමක් හෙලා රසකැවිලි තසිමෙන් තවත් දොදොලයක් ගෙන කටේ දමා ගත්තේය. විනාඩි දෙකක් යන්නට මත්තෙන් 'ජය ශ්රී' නිවසේ සීනුව දෙවන වතාවටද නාද විය.
ජයවීර මහතා දොර කරා පියමැන කිසිවකු පිළිගත්තේය.ඒ කාන්තාවක් බව සංජීවට කටහඬින් වැටහුණි.ඔහු පුටුවේ හරි බරි ගැසී වාඩිවී ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියේය.'මෙයා වෙන්න ඔනේ අයිතිකාරය' ඔහුට සිතුණි.

අමුත්තිය දුටු සංජීව තිගැස්සී ගියේය. ඇය ඉතා ශෝභමාන එකියකි. කොණ්ඩය මඳක් කොටට කපා තිබුනි. හැඳ සිටියේ ගවුමකි. ඇය කෙරෙන් කඩිසර බවක් සහ කෙලිලොල් බවක් දිස්විය. ඇස් ජීවයෙන් පිරී ඉතිරී ගොස් තිබුණි.ඔහුගේ සිතට මුලින්ම ආ සිතුවිල්ල 'හරිම ඕපන් කෙල්ලෙක් වෙන්න ඕනෙ.'
ඇය චේතනා ලෙස සංජීවට හඳුන්වා දුන් ජයවීර මහතා සංජීවව වර්ණනා කරමින් ඔහු යතුරේ අයිතිකරු සොයා ආ ගමන ඇයට කියන ගමන්ම එම යතුර ඇය අතට පත්කලේය. ජීවය පිරුණු ඇස් වල බැල්මේ කෘතඥපූර්වක භාවය පිරෙන්නට විය.. සංජීව එයින් වෙවුලවා ගියේය. “අයියා කියන්නද මල්ලි කියන්නද දන්නෙ නෑ. සංජීව ඔයා කලේ මට වචනයෙන් කියන්න බැරි තරම් උදව්වක්.මම I Chem එකේ R.A. කෙනෙක්.මේක මගේ lab එකේ යතුර,මම වහින්න කලින් කුඩේ එලියට ගන්න යද්දි වැටෙන්න ඇත්තේ..මේක මගෙ ජීවිතේම කොටසක්. මම ඒකයි මට හම්බුනු වටිනාම Souvenir දෙක මේකට දාල තියෙන්නෙ.මට ලැබුණු පළවෙනි වගකීම,ඒක රැකගන්න උදව් කරපු ඔයාට ගොඩක් ස්තුතියි.” සංජීව මෙයින් රත්පැහැගැන්වී ගියේය. ඔහුට ගැහැණු ළමයින් හා කථා කිරීම ගැන තිබුණේ සීමාසහිත අත්දැකීම්ය. නමුත් ඔහු අපහසුවෙන් වචන ගලපාගත්තේය.

"අයියෝ ඕක මොකක්ද, ඕනෙ කෙනෙක් කරන්නෙ මම කරන දේ තමා.” චේතනා සිනාසී හිස දෙපැත්තට වේගයෙන් වැනුවාය. ” නෑ නෑ හැමෝම කරන දෙයක් නෙවෙයි ඔයා කලේ, නැද්ද ජයවීර අන්කල්.”සංජීව මේ කථාවෙන් කර කියා ගත නොහැකිව ගොලු වූ බව දුටු ජයවීර මහතා ඔහුව බේරාගැනීමට ඉදිරිපත් විය.” මේ මේ ඕවා කියලා හරියන්නෙ නැහැ. හොඳ treat එකක් දෙන්න වෙයි නැද්ද සංජීව.” චේතනා අතින් කට වසා සිනාසුනාය.” හරි හරි අපි යමුකො, මම තාත්තිට අඳුන්වල දෙන්නම් ඔයාව මගේ රස්සාවෙන් මාව අස්කරන්න නොදී බේරගත්තු අපේ කාලෙ රහස් පරීක්ෂකයෙක් කියලා.” ඇය සංජීවගෙ අතින් ඇදගෙනම යාමට සූදානම් වී එසේ කීවාය. එවිටම බිත්ති ඔරලෝසුවේ තුනේ කණිසම වැදුනි.

“දෙයියෝ සාක්කි". ඔහුට කියවුණි. “මම මේ යාලුවෙක්ට කිවුවා 1 වෙද්දි එනවයි කියලා. දැන්නම් යන්නම ඕනේ. ජයවීර අන්කල් මේ phone එකට charger එකක් තියෙයිද කියලා බලන්නකෝ මට විනාඩි පහක් ගහගත්තොත් හරි.” ඉන්පසු ඔහු චේතනා දෙසට හැරුණේය. “චේතනා තරහවෙන්න එපා. අදනම් මට ඔයාගේ treat එක ගන්න වෙන්නෙ නැහැ. මම වෙන දවසක එන්නම්." චේතනා ඔහු දෙස විමසිලිමත්ව බැලුවාය. ඇය ඔහුගේ තත්වය අවබෝධ කරගත් බවක් පෙනිණි. ඉන්පසු ව්‍යාජ්‍ය කෝපයක් මවා ඇය ඇඟිල්ලක් දිගුකර මෙසේ කීවාය. “හරි හරි එහෙනම් ඔයාගෙ number එක දෙන්න. මම කියන දවසට ඔයා treat එකට ලෑස්ති වෙන්න ඔනෙ.” හිස වනා සංජීව එකඟතාව පළකලේය,ඉන්පසු පුරුශ ධෛර්ය ගෙන "චේතනා හැබයි මට treat එකට වඩා වටිනවා ඔයත් තව එක්කෙනෙක් අමාරුවෙ වැටුනොත් මෙහෙම උදව්වක් කරනවානම්.” කියා දැම්මේය.ඇයට සිනා පහළවිය,නමුත් එය සමච්චල් සිනහවක් නොවේ. “හරි හරි මම ඒක බලාගන්නම්, ඔයා බක පණ්ඩිතයා නොවී number එක දෙන්නකො.” ඔහුගේ අංකය ලබාගත් ඇය ඔවුන්ගෙන් සමුගෙන ලැසි ගමනින් නිවස කරා නික්මිය.යන අතරතුර ගේට්ටුව ලඟට ගොස් උඩ පැන ජෑම් පොකුරක් කඩාගෙන එය කන ගමන්ම 'පැද්දි පැද්දි' පාර දිගේ යන හැටි සංජීව බලා සිටියේය. 'මෙහෙමත් වැඩක්' ඔහුට සිතුණි.'අදම හම්බවෙලා මගෙ අතින් ඇදගෙනම යන්න හදපු හැටි.පිස්සු කෙල්ල...මට තිබ්බේ බොරුවට නොසැලකිලිමත් වුනු එක ගැන බැණල බලන්න.හොඳ පද දෙකක් අහගන්න තිබ්බා.'

' ඔහුට මඳ සිනහවක් පහල විය.ඔවුන්ගේ කතාබහට සතුටින් සවන් දීගෙන සිටි ජයවීර මහතා 'කිසිවක් ලඟදීම' සිදුවිය හැකි බවට උපකල්පනය කලේය.සාමාන්‍යයෙන් ඔහුගේ උපකල්පන වැරදී ගියේ ඉතා කලාතුරකිනි. ඉන්පසු ගෙතුලට ගොස් සංජීවට chargerඑක සොයා දුන්නේය. දුරකතනය charge වෙන අතර සංජීවගේ සිත දිනයේ වුනු සිද්ධි ආවර්ජනය කරමින්ද විශ්ලේෂණය කරමින්ද තිබුණි...

ටික වෙලාවකින් ඔහු තම දුරකතනය ක්‍රියාත්මක කළේය. දිනිඳුගෙන් මිස් කෝල් 17ක් සහ කුණුහරුප වරුසාවකින්ද ශාප කිරීම්වලින්ද නොඅඩු ඇමතූ කෙටි පණිවිඩ රාශියකි. නොදන්නා අංකයකින් පැමිණි දිගු පණිවිඩයක්ද විය. එය ආරම්භවී තිබුනේ "Hi its chethana" ලෙසයි.
(මතු සම්බන්ධයි)

Wednesday, April 27, 2016

අලි පේර..

සියල්ල සූදානම්.

මම චකිතයකින් යුතුව පාස්පෝට් හා ගුවන් ටිකට්පත ඇති බව සැක හැර දැනගතිමි. තුන් හැවිරිදි පොඩි එකා මූණ එල්ලාගෙන සිටී.නොතේරෙන වයසක සිටියත් ඌට යමක් දැනෙනවා විය යුතුය.
ඥාති පුත්‍රයකු වූ රවී මට කවදත් හිතවත් හා උසස් පෙළ ප්‍රථිපල එනතුරු ඉන්නා බැවින් මේ දින දෙක තුනට මට සහය වීමට පැමිණියේය.බිරිඳ බොහෝ කලකට පෙර සිටම සැලසුම් කළ පරිදි අනුරාධපුරයේ දානමය කටයුත්තකට ගොසිනි.මම පිටත් වීමට පෙර එන බව කියා සිටියත් පැයකට පමණ කලින් ඇය හදිසි ප්‍රමාදයක් නිසා හවස් වරුවේ එන බව දැනුම් දුන්නාය.දහවල වන්නට පෙර මම ඇණවුම් කළ වාහනය ඒමට නියමිතය.
මඳ වේලාවක් ඉතුරුව තිබූ බැවින් පොඩි එකාගේ අමිහිරි වීමට යන මතක සටහන මඳක් තනුක කිරීමට සිතාගතිමි.


පෙරේදා අපගේ අලිපේර ගස් දෙකින් කැඩූ අලිපේර ගෝනියක් පමණ අප සතුව ඇත.පොඩි එකා අලිගැට පේර පානයට ඉමහත් කෑදර කමක් දක්වයි.


''පුතා,අලිපේර එකක් හදන්නම්??'' මම විමසූවෙමි.

ඇඹුල් කරගත් මුහුණ සොලවා ඌ එයට අනුමැතිය පළකළේය.මේ අතර රවී මැදිගත් විය. ''ඉන්න බාප්ප,ආය කුස්සියට යන ඕනේ නෑ..මම හදල දෙන්නම්.'' මම කිසිවක් කීමට පෙර ඔහු කුස්සියට ගියේය....

විනාඩි කිහිපයකින් ඔහු පොඩි එකාගේ කෝප්පයකට එය සාදා ගෙන දුන්නේය.

පොඩි එකා ඉන් උගුරක් බිව්වේය,මුහුණ තවත් ඇඹුල් කරගත්තේය,ඉන් පසුව කෝප්පය ඉව කර බැලීය.ඇඬීමට ඔන්න මෙන්න මුහුණ සාදාගෙන කට ඇදකරගත්තේය.''කිලි දාලා'' කියමින් මරහඬ තලා කෝප්පය පොළවේ ගැසීය...

වරද මාගේය.අලිගැට පේර වලට කිරි පිටි එකතුකිරීමට ඌ අකැමැති බව මට රවීට දැනුම් දීමට අතපසු විය.රවී අන්දමන්ද වී මා දෙස බැලුවේය. එවිටම හෝන් හඬක් ගේට්ටුව පැත්තෙන් ඇසුණි.

මම රවීගෙන් සමුගෙන, පොඩි එකා බඩගාගෙන මරහඬ දෙමින් හඬන ආකරයත් අසාගෙනම, බරවූ හදවතින්, ලගේජය ඔසවාගත් රියැදුරාත් සමඟ ඩෙලිකා වෑන් රිය කරා ගියෙමි.

Tuesday, April 26, 2016

අත්තම්මා..


ලොකු අත්තට අසනීප වෙලා අත්තම්මා ගමෙන් අපේ ගෙදර එක්කගෙන එද්දී මට අවුරුදු 8ක් වගේ වෙන්න ඇති.නාවලපිටියේ හිටපු අත්තම්මට කොළඹ අපි හිටපු ෆ්ලැට් එකේ ජීවිතේට හැඩගැහෙන්න කොච්චර අමාරු වෙන්න ඇත්ද කියල මට තේරෙන්නේ දැන්.

ලොකු අත්තා ග්‍රාම නිලධාරි කෙනෙක්.තාම ලොකු අත්තගේ ගෙදරට ගමේ මිනිස්සු කියන්නේ ආරච්චි ගෙදර කියලා.කාටවත් යටවෙන්නේ නැතුව තමන්ගේ රාජකාරිය අකුරටම කරපු  නිලධාරියෙක්.ඒ කාලේ තනියම දහදෙනෙක් එක්ක වුනත් හැප්පෙන්න තරම් දහිරියක් තිබ්බ මනුස්සයෙක් කියල තමයි ගමේ මිනිස්සු කිව්වේ.ඒත් අන්තිම කාලේදී අංශබාගෙන් ඔත්පල වුණු පාර අඩුම ගානේ කතාකරගන්නවත් බැරි වුණා.මහ ගෙදර පදිංචි වෙලා හිටිය මාමා ලෙඩාව බලාගන්න මනුස්සයෙක් මහා ගෙදරට ගෙන්න ගත්තා.අත්තම්ම හිටියේ හරි හිතේ අමාරුවෙන්.අත්තට හරියට සාත්තුවක්වත් කරන්න බැරිවුණු එක ගැන.අත්තම්මත් එකතකොට ලෙඩින්.

 අත්තගේ ලෙඩේ එක්ක අත්තම්මත් සෑහෙන්න මානසිකව වැටුණා.නිතර නිතර දේවල් අමතක වෙන්න ගත්තා.අත්තම්මගේ තත්ත්වේ බරපතල බව අපේ අප්පච්චිට තේරුණේ දවසක් අත්තම්මා ඉස්පිරිතාලේට ගෙනියන්න වුණහම.අත්තම්මා එක පාරකට ගන්න ඕනේ බෙහෙත් පෙති හතරපාරකට වඩා අරන් තිබ්බ.බලද්දී අත්තම්මට හරියට නිච්චියක් නැතිවෙලා,බෙහෙත් ගත්තේ නෑ කියල හිතල තමයි බිල තියෙන්නේ සැරින් සැරේ.

මාමත් වැඩට යන්න ඕනේ නිසා කරන්න තිබ්බ හොදම වැඩේ තමා අත්තම්මව අපේ ගෙදර අරන් එන එක.කාමර දෙකෙන් පුංචි කාමරේ අත්තම්මට වෙන් කළා.අත්තම්මගේ බෙහෙත් ඔක්කොම අප්පච්චි තමන්ගේ භාරයට ගත්තා.කෑමෙන් පස්සේ අප්පච්චි තමයි බෙහෙත් දෙන්නේ.ඉතින් මගෙත් ඉස්කෝලේ නිවාඩු කාලේ වුණු හින්දා මමත් අත්තම්මගේ කතා අහ අහ තමයි හිටියේ.අත්තම්මා එතකොට ලොකු අත්ත ගැනයි තමන් ගැනයි පරණ කතා කියනවා.

අත්තම්මා තමයි පවුලේ වැඩිමලා.අත්තම්මා අටේ පන්තියේ ඉන්නකොට අත්තම්මගේ අම්ම නැතිවෙලා.ඊට පස්සේ අත්තම්මවයි බාල හතර දෙනාවයි බලාගන්න අත්තම්මගේ අප්පච්චි කුඩම්ම කෙනෙක් ගෙනල්ල.කුඩම්ම මුලින්ම නපුරුකම් පෙන්නලා නැහැ.ඒත් ටික දවසකින් කුඩම්මට දරුවෙක් ලැබෙන්න ගිහින්.ඉතින් පවුලේ ඔක්කොම වැඩ බලාගන්න වෙලා තියෙන්නේ අත්තම්මට.අත්තම්මා ඉස්කෝලේ යන එක නවත්තල ගෙදර සුද්ධ කරන එක,කෑම හදන එක,කුඩම්මට නාන්න වතුර උණු කරන එක,රෙදි හෝදන එක,දර හොයාගන්න එක වගේ ගොඩක් වැඩ තනියම කරන්න වෙලා.මොකද අත්තම්මගේ නංගිලා මල්ලිලා පුංචි වැඩි නිසා.කුඩම්මටත් ඉක්මණට තරහ යන්න පටන් අරගෙන ඒ කාලේ,පොඩි අතපසුවිමකට වුණත් අතට අහුවෙන එකින් අත්තම්මට දමල ගහනවලු.දවසක් කුඩම්මා ගෙනාපු පැට්‍රොමැක්ස් ලාම්පුව අත්තම්මා පත්තු කරන්න හදද්දී ඒකේ මැන්ටල් එක වැටිලා.අත්තම්මට හොඳටම බය හිතිලා වත්ත ළඟ තිබ්බ කැලෑවේ හැංගෙන්න ගිහින්.

ඊට පස්සේ අත්තම්මගේ අප්පච්චි වැඩ ඇරිලා ඇවිත් ගමේ මිනිස්සුත් එක්ක අත්තම්මා හොයාගෙන එදා රෑම හුළු අතු පත්තු කරගෙන ගිහින්.අත්තම්මා ඒ කැලේ ගල් තලාවක් උඩට වෙලා අඬ අඬා ඉද්දි තමා හොයාගෙන තියෙන්නේ.අත්තම්මගේ අප්පච්චිට තරහ ඇවිත් ගහන්න යද්දී ගමට අළුතින් ආව ආරච්චි මහත්තයා තමා අත්තම්මව බේරාගෙන තියෙන්නේ.'මැන්ටලේ වැටුණු එක ඔහේගේ වරදක් නෙවෙයි ළමයෝ,ඒකට අලුතින් මැන්ටලයක් දාන්න පුළුවන්' කියලා ආරච්චි මහත්තය කියලා.කුඩම්මට පුතා හම්බවෙලා ටික දවසකට පස්සේ අත්තම්මව කැන්දාගෙන යන්නේ ඒ ආරච්චි මහත්තයම තමයි.''අපේ මහත්තයා තමා මාව ගලවාගත්තේ,දෙයියනේ කොහොම හිටපු මනුස්සයෙක්ද'' කියල කඳුළු ඔසරි පොටෙන් පිහින ගමන් අත්තම්මා කියනවා.

අපෙ ගෙදර ආවට පස්සේ දවස් දෙක තුනක් එච්චර විශේෂයක් නැතුව ගෙවිලා ගියා.ඒත් අත්තම්මට ආයෙත් අමතක වෙන ලෙඩේ උත්සන්න වුණා.බෙහෙත් බිල විනාඩි පහළවක් යන්නත් කලින් ආයෙත් අත දික්කරනවා අප්පච්චිට ''පුතා බෙහෙත්'' කියාගෙනම.''බෙහෙත් දුන්නන්නේ අම්මා'' කිව්වම සද්ද නැතුව ගිහින් ආයෙත් එනවා.ඉතින් මේකට කරපු වැඩේ තමයි බෙහෙත් දුන්නහම අත්තම්මගේ අතට ටිකක් මහත රබර් බෑන්ඩ් එකක් දාපු එක.බෙහෙත් ඉල්ලගෙන එද්දී අතේ දැම්ම රබර් බෑන්ඩ් එක පෙන්නනවා.මෙහෙම රෑ වෙද්දී එකතුවෙන රබර් බෑන්ඩ් තුන ගලවන්නේ අත්තම්මා නිදාගන්න කලින්.ඒත් ඒ වැඩෙත් හරිගියේ නෑ කියල තේරුණේ අත්තම්මා රෑ දෙගොඩහරියේ බෙහෙත් ඉල්ලලා අපේ කාමරේට තට්ටු කරපුවහම.සාමාන්‍යෙන් ගොඩක් ඉවසීමක් තියන අප්පච්චිට මේක දරාගන්න අමාරු වෙලා හොදටම බණින්න පටන් ගත්තා.අත්තම්මා කරබාගෙනම තමන්ගේ කාමරේට ගියා.

එදා උදේ ආයෙත් නින්ද කැඩුනේ ආව කෝල් එකක් නිසා.කෝල් එකට වචනෙන් දෙකෙන් උත්තර දුන්නු අප්පච්චිට තව දුරටත් නිදිබර ගතිය පෙන්න තිබ්බේ නෑ.අම්මා දිහා බලාගෙන අම්මගේ ඔලුව අතගෑව.අම්මා අඬන්න ගත්තා.ලොකු අත්තා නැතිවෙලා.

අපි අත්තම්මත් එක්ක ආයෙත් ගමට ගියා.ඒත් අත්තම්මට දුක දරාගන්න බැරි වෙයි කියල ගේ ලං වෙනකල් කිව්වේ නෑ.මටත් කිව්වා මොනවත් කියන්න එපා කියලා.අත්තම්ම ලොකු සතුටකින් හිටියේ කුකුල් කොටුවක වගේ හිරවෙලා ඉඳලා ආයෙත් ගමට යන්න පුළුවන් වුනු එක ගැන.ඒත් ගේ ලං වෙද්දී අත්තම්මට වෙනස තේරුණා.වාහනෙන් බැස්ස ගමන් මිනිස්සු මැදින් සාලෙට ගිහින් එතන තියල තිබ්බ ලොකු අත්තා දිහා බලාන හිටියා.එවෙලාවේ ඉඳන් දවස් තුනම එතනින් හෙල්ලුනේ නැහැ.හැමෝම හිතුවේ අත්තම්මට හිතේ අමාරුවටම පපුවේ අමාරුවක් හැදෙයි කියලා.
ඒත් ආදාහනෙන් පස්සේ අත්තම්මා කිව්වා ''අපේ මහත්තයා දුක් විදිනවා මට වාවන්න බැරිව හිටියේ...මෙහෙම කෙළවරක් වුනු එක හොදයි'' කියලා.

එදායින් පස්සේ අත්තම්මට කවදාවත් අමතක වුණේවත්,එක පාරකට වඩා බෙහෙත් ඉල්ලුවේවත් නෑ

අද හෙළදිවට බුදුරජු වැඩියොත්?



ක්‍රෛස්තවයෝ ක්‍රෛස්තව ඇසින් ඔබ බලති. හෛන්දවයෝ හින්දු ඇසින් ඔබ බලති. තදන්‍ය ලබ්ධිකයෝ තම තමන් හුරු පුරුදු ඇසින් බලති. තමන් ඇසට නොහුරු බැවින් ගෙන පුරුදු බැවින් ඔබ නො පිළිගනිති. ඒ ආශ්චර්යය නො වෙයි.

ආශ්චර්ය නම් මේ යැ.

ඔබ චීන ටිබෙට් ජපන් ආදී උතුරු දෙස රටෙකැ හැසුරුණොත් ඒ මහායාන බෞද්ධයෝ තම තමනට හුරු පුරුදු සිරිතින් ඔබ මනිති. ඔබ කොහෙත් මැ ඔවුනට නො ගැළපෙන්නුවන්සේ දකිති. ඔබ මැනැවින් නො මැ පිළිගනිති.
බුදුරජුහු “ශුද්ධ” බුද්ධාගම ඇතැයි කියන ලක්දිවට එති. ලැකි බෞද්ධයෝ ඔබ පිළිගනිත් ද? හැමතැනට ඒකාංශික ප්‍රාවරණය සැරියැයි දැඩිසේ ගත් සියම් නිකායෙහි ශ්‍රමණයෝ ඔබත් ඒකාංශික දැයි බලති. නො එසේ වතොත් ඔහු ඔබ මැනැවින් නොපිළිගනිති. කිසි විටෙක සිය දායකයන් හා හෙළා දැක්නෝ ද වෙති. ඔබට ඔවුන්ගෙන් සුදුසු ගෞරවය නැත.

ඉක්බිති ගමට දෙවුර වසා පොරවාලන එ පෙරැවුම මැ දැඩි යේ ගත් සියම් නිකායෙහි ශ්‍රමණයන් වෙත ඔබ වැඩියොත්, ඔබ ඒකාංශික වතොත් ඔහු ඔබ මැනැවින් නො මැ පිළිගනිති. ඉදින් ඔබ අතැ එකපණ්ණච්ඡන්තං පන සබ්බත්ථ වට්ටති’ යි එක්පන් සත නම් හැම තැනැමැ වටී’ යි දැක්වුණු ගොටු අත්ත වී නම් ඔහු දෙපක්‍ෂය මැ ඔවුන් පස දැඩි සේ ගත් ගිහි බෞද්ධයෝ පවා ඔබට මදිකම් සිතති ඔබ හෙළා ද දකිති. ඔබට ඔවුන්ගෙන් ද සම්පූර්ණ ගෞරවය නැත.

ඔබ හෙළා දකිති

අමරපුර නිකායික ශ්‍රමණයන් වෙත ඔබ වැඩියොත් ඔබ ඒකාංශික හෝ ඇස්බැම ගෑවකු හෝ වෙතොත් තලගොටුවක් හෝ ඔබ අත වතොත් ඔව්හු ද ඔබ මැනැවින් නො පුදත්. ඔහු අමරපුර නිකායික ඇසින් ඔබ බලති. අමරපුර නිකායික මිම්මෙන් ඔබ මනිති. එයට නො සරිවුව ඔහු තමන්ගේ යැ යි නොගනිති. ඔබට ඔවුනතුරෙහි ඉඩ නැත.

රාමඤ්ඤ නිකායික ශ්‍රමණයන් වෙත යෙත් නම් නිකාය භේදය දැඩිසේ කරට ගත් ඔවුන්ගේ යම් ගිහි පැවිදි කෙනෙක් වෙත්නම්, ඔව්හු ඔබ තමන්ගේ නිකායට විශේෂ වූ දැයින් වෙන් වූවක් කොට දකිත්නම් මැනැවින් නොපුදති. හෙලාත් දකිති. මේ මහා නිකාය තුනේ අය ඔබට සලකන සැටි යැ. ඒ ඒ එක එක නිකායේ අයකු සැටියෙන් යම් හෙයකින් ඔව්හු ඔබ දැකැ ද ඉන් නො නවතිති. එහි මැ තමන්ගේ අතුරු නිකායේ මිම්මෙන් ඔබ මැන ඊට වෙනස් නම් ඔබට මදිකම් සිතති. හෙළා දකිති.
හීනයාන මහායාන දෙකට මැ සරිලන සේ පාසිවුරු දැරුම් ආදියෙන් එක මැ ඔබ සිටිය නො හැක. ලද්දිව්හි ද සියලු මහනිකාය තුනටත් එහි හැම අතුරු නිකායටත් සාධාරණ වන සේ පාත්‍ර චීවර ඡත්‍ර ධාරණාදිය ද එක මැ ඔබට කළ නොහැක. එක් පක්‍ෂයෙක සෙයින් ඔබ එය දැරුව හොත්, අන් හැම පක්‍ෂයෝ එක් වැ ඔබ පිටු දකිති. ඒ හැම වෙත පැමිණෙන විට ඒ ඒ නිකායිකයන් සෙයින් හැඳුම් ඈ කළාහොත් නිතොර වෙස් පෙරළන්නෙකැයි ඔබට නිගාකරති. ඔවුන් හැමට වෙනස් වැ සිටියොත් ඔහු හැම එක්වැ ඔබට විරුද්ධ වෙති. එහෙත් ඔහු හැම ඒ අත මැ “බුද්ධං සරණං ගච්ඡාමි” යැයි කියති. ඔවුන් එක එකා සරණ යනුයේ තම තමන් අයත් නිකායයේ බුදු කෙනෙකුන් සේ යැ. ජගද් ගුරු වූ ඔබ නො වන සේ යැ. අපුරු යැ!

තවදුරටත් බලමු. බුදුරජුහු ‘ප්‍රාචීන පණිඩිතයෙම්’ යි මානයෙන් මත් වූ තමා සර්වඥ සේ සිතාගත් මහණක හමුවුවොත් හේ ඔබ ‘ප්‍රාචීන පණ්ඩිත’ උපාධිය නැත්තෙකැයි දැනැ ඔබ තමා තරම් නො උගතකු කොට තකයි. සිය බාරදූර කම ඔබ ඉදිරියේ ද පාය.

තේවතුකාර රබර්වතු කාර මහණෙක් ඔබ දැකැ, ඔබ මුදල් නැති සිඟා වළඳනා කෙනෙකැයි දැනැ පහත් කොටැ සිතති. ඔබ ඉදිරියේ ඔහු ගේ උරුප්පුව ඉතා මහති. එහෙත් හේත්. බුද්ධං සරණං ගච්ඡාමි’ යි කියයි. කියවයි. ඔහු ගේ ‘බුද්ධ සරණය’ තේ වතුª හෝ රබර් වතු මගින් හෝ අන් පරිද්දෙකින් හෝ මුදල් ඉපයැයීමේ සරණයයැ!

පොත් ලියා මුද්‍රිත කරවා විකොටැ මුදල් සපයන මහණ තෙම ඔහු කරනා සැටි නො යෙදේ යැ යි ඔබ කිවහොත් සුහද බුද්ධ පබ්බජිතයා කළ පමණටත් වැඩි තරමින් ඔබට වෛර බඳී.

ඔබ නමින් කළ ප්‍රතිමා ගෘහය ද මුදල් සම්මාදන් කරන තෙනක් කැරැගත් – ඔබේ ධර්මය බෙදාදෙන ධර්ම ශාලාව සල්පිලක් – තරඟ වෙළඳාමෙන් දුප්පතාගේ මුදල් කඩාගන්නා තෙනක් කළ - ඔබ නමින් කළ විහාරාරාම භූමිය රඟ මඬලක් කළ විහාරාධිපතිනට, තද් දායකයනට ඔවුන් කරනා සැටි නො සැරි යැ යි ඔබ වදාළොත්, අමුතු බණ දෙසතැ’යි ඔහු ඔබ කෙරෙහි අවනත නොවෙති.

මුදල් ලැබෙන මඟ
නායකකම් දීමත් ගැන්මත් දෙක යැ කිසි මැ විනය නීතියෙකින් පණවන ලද්දක් නො වෙ යැ යි ඒ සඳහා දඟලන පැවිදි තැන් කරණුයේ වියරුවෙකැ ය, නායකෝත්සවය පිණිස නිස්ඵලයේ කාලයත් ධනයත් වියදම් කරනුවට වඩා අසරණයන්, දිළින්දන් යාචකයන් සඳහා එය වියදම් කරණු මැනැවැ’ යි ඔබ කියතොත් ඔබට දුප්පත් ගිහියන් පැවිද්දන් ඉතා ටික දෙනකුන් ඇහුම්කන් දෙතත් ලොකු පැවිද්දෝ නම් ඔබ බසට කනුදු නො හෙළති.
වන්දනාකාරයන් බොහෝ එළඹෙන ලොකු ආදායම් ඇති පූජ්‍ය ස්ථානවල නායකකම් අධිපතිකම් පිණිස දෙපක්‍ෂයක් වී පොරකන, කා වැටෙන්නට සැරසෙන පැවිද්දනට ඔය වියරුව හැරැ දමා පැවිදි වන විටැ කී ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සජ්ජිකරනත්ථාය’ ආදිය යළිත් සිහියට ගන්නැයි ඔබ කීවොත් එය අපි දනිමු’ යි පවසා ඔවුහු ඇස් බමවා නාස්පුඩු මහත් කොටැ දත්මිටි කා ඔබ දෙස බලති. ඔවුන් සරණ යන්නෝ ඔබ නො වැ ‘බුද්ධං සරණං’ කියමින් ආධිපත්‍යය හෝ මුදල් ලැබෙන මඟය!
මුදලට, පිරිකරට, කීර්තියට නැතහොත් අනුන්ට ඇනුම් පිණිස බණ කියන ධර්ම කථිකයා හමු වැ, ‘ඔහු කරනා සේ නො යෙදේ යැ’ යි ඔබ වදාළොත් ඔහු කට කොණක් අස්කැරැ ඒ පැත්තෙන් මැ ඇස හීන් කැරැ ඇතුළත කෝපයත් පිටත මඳ සිනහවත් ඇති වැ හෙළා දැකුම් සහිත වචනයෙන් ඔබට වාග්විතුදනය (වචනයෙන් ඇනුම්) කරනා සැටි දැක්කැකි, අසතැකි! ඔව්හු ඔබ නො වැ ‘බුද්ධං සරණං’ යනුවෙන් මුදල් පිරිකර ඈ සපයන මඟ මැ සරණ යෙති!

මන්ත්‍රී ඡන්ද කාලයෙහි වාසිය තකා හෝ පක්‍ෂ තකා පක්‍ෂග්‍රාහී වැ ප්‍රසිද්ධියේ හෝ රහසේ ක්‍රියා කරන පැවිද්දන් වෙත, ගිහි ප්‍රධානයනට නිලධාරීනට පැවිද්දන් විසින් නො කටයුතු ගෞරව දක්වමින්, ඔවුන්ගේ මෙහෙවර කරමින්, කලින් කල ඔවුන් වෙත එළඹැ රටේ තොටේ ඕපාදූප කියමින්, චාටු බස් බෙණෙමින්, කුල දූෂණයෙන් ගිහියන් රවටා සිත් ගෙන මෙලොවැ සුළු වාසියක් පතා ක්‍රියා කරන නායක කමින් හෝ විහාරාධිපති කමින් හෝ පරිවේණාධිපති කමින් හෝ සාමාන්‍ය භික්‍ෂුන් හැටියට හෝ පෙනී සිටින අලජ්ජ ශ්‍රමණයනට ඔවුන් කරනා සැටි වරදැයි ඔබ වදාළොත් ඒ පැවිද්දන් ඔබට විරුද්ධ වැ ක්‍රියාකරන සැටි දකින්නට ලැබේ. ‘බුද්ධං සරණං’ යි කියමින් ඔව්හු ද මේ ලොව යම් වාසියක් ලැබෙන මඟ මැ සරණ යෙති.

වනගතවීම
නායකකම් සඟරජකම් ආදියට ලොල්කම හිස් පුරුෂයන්ගේ ගතියෙකැ යි දක්නා, ගිහිගේ හිමි කම් ද හැර පැවිදි වැ යළි වෙහෙරට ආරාමයට තේ වත්තට රබර් වත්තට හිමිකම් පා වියරු වැටී දඟලන්නන් පිස්සන් සෙයින් දක්නා, ප්‍රාචීන පණ්ඩිත නම් හෝ වෙන පණ්ඩිතාචාර්යා දී නම් අනුන්ගෙන් ලැබැ කවුරුන් උධෘත වැ උන්නත්, නමට මුලින් ඈඳා ගත්තත් ධර්මානුකූල සැබෑ පාණ්ඩිත්‍යයෝ අනෙකක් මැ යැ යි දන්නා, බුදුරජුන් අද වැඩියොත් උඩ කී කිසිවකුට ඔබ නොරිස්සෙති. ඔවුනට ඔබ පි‍්‍රය නොවෙති. උපාධිනමක් දික්කරන්නහු මැ ඔබට වඩා ඔවුනට පිය වෙති. සමහරවිට ගිහි බෞද්ධයන් දහසෙකින් දහදෙනෙක් දහසෙකින් එක් කෙනෙක් හෝ දෙතුන් දෙනෙක් ඔබ පිළිගනිති. ඔබට විරුද්ධ බෞද්ධ නාමධාරි සෙසු බලසම්පන්න ඉතා වැඩි පිරිස මැඬැලන්නට ඒ දුර්වල ටික දෙනා අසමර්ථය. ඔබ පිළිගත් ටික දෙනාට වනුයේ ඔබත් සමඟ වන ගත වන්නට යැ. එහි ඔබට ඉඩ තිබේ. නැතහොත් කිසි මැ ආගමකට නිකායකට පක්ෂ නැති සත්‍ය දුටු තැන පිළිගන්නා මධ්‍යස්ථ ජනයා බහුල පෙදෙසක් සොයා යන්නට යැ එහි ඔබට සම්පූර්ණ ඉඩ ඇත. සම්පූර්ණ ගෞරවය ලැබේ. ඔබේ අගය ඔව්හු දනිති. ‘බෞද්ධ’ යන නම ඔහු නො දරති. එහෙත් එවැනි මධ්‍යස්ථයෝත් මෙහි හිඟ යැ.

එබැවින් අද බුදුරජුන් වැඩියොත් බෞද්ධ ගිහි පැවිද්දන් ඉතා වැඩි දෙනා අතර නිසි අවකාශ නොලැබේ. කාට සම්පූර්ණ ඉඩ ලැබේද? මාරයාට යැ. කවර හෙයින් යත්? ඉතා වැඩි ගිහි පැවිද්දන් එක්වැ බුදුන් දෙසූ මග යම්හැයි කිය කියා ඇතුළත අවුල් වසා පිටින් සුදු හුණු ගාන්නට තැත් කැරැ කැරැ මරහු ගේමග යන බැවිනි. බුද්ධවේශය ගෙන තබා, නො ගෙන ද ආ මරහු ඒ නායක විහාරාධිපති ආදීහුත් ඔවුන්ගේ අනුගාමික ගිහියොත් සතුටින් පිළිගනිත්. ඒ නායකකාදී බහුතරයන් කියන කර දෑ ඒ මරහු මැනැවැ යි සම්මත කරන බැවිනි.

මේ කෙසේ කීව ද අද බුදු රජුහු මෙහි නො වඩිති. ඔබ පිරිනිවීයහ. එයමැ සැනසෙන්නට කරුණු යැ. ඔබ තමන්ගෙන් පසු ශාස්තෘ කොට ගන්නැයි ශාස්තෘ තන්හි තබාලූ ඔබගේ ධර්ම විනයය ද අද පොතේ මැ වැජඹේ. ඒ ගිහි පැවිදි ඉතා ටික දෙනෙකුන් මැ අත අනුවැ යන්නත් කොටැ ඇති වැ ශ්‍රාවක පිරිස් අතින් හීන වැ දුර්වලවැ, මිනිස් පියෙසින්, බෞද්ධ පියෙසින් පලා යන්නට සෙයින් සිටී. ඉතා වැඩි ගිහි පැවිදි පිරිස මාර පිරිස වී සිටිති. ඉතා වැඩියක් විහාරාරාමාදිය බුද්ධ නාමයට මුවග වැ අන්වේශයෙන් පෙනී සිටින මාරයාගේ කෝවිල් බවට පෙරලා ගත්හ. බහුතර නායක අනුනායකාදීහු වෙස් වලාගත් මරහුගේ කපුවෝ යැ. ඉතින් බුදු රජුනට සද්ධර්මයට මෙහි කවර අවසර යැ! අද ‘බෞද්ධ ලෝකය වර්තමාන පංචශාලා ග්‍රාමයෙකි. නැතහොත් වේරංජාවෙකි.


(1937 මැයි 24 වෙනි දින 'සිංහල බෞද්ධයා' විශේෂ වෙසක් කලාපයේ පළවූ ලිපියකි.ලියා ඇත්තේ අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මහානාහිමි විසිනි.අවුරුදු 80කට ආසන්න වීමට ආවත් මෙහි සර්වකාලීන බව ගලපාගත මැනව)

මෛත්‍රී තම Bra ප්‍රකාශය පිළිබඳ පැහැදිලිකිරීමක් කරයි.



ඇත්ත වශයෙන්ම කියනවනම් හැම දෙයක්ම වගේ පිරිහිලා ලෝක සංගීතයත් එහෙමයි.ලෝක සංගීතයට අනගිභවනීය ආරම්භයක් දුන්නේ සයිමන් සහ ගාර්ෆුන්කෙල්.ඊට පස්සේ ඒක වර්ධනය වේගෙන ආවා.80 දශකයේ අවසාන භාගය වනවිට මානව ප්‍රජාවට ඉතාම වටින,අධ්‍යාත්මය පෝෂණය කරන,මනස සුවපත් කරන දාර්ශනික මට්ටමට ලෝක සංගීතය පත්වුණා.මේ පිරිස් දාර්ශනිකයින්ගේ මට්ටමටම ළන් වුණා.

ඒත් 90 දශකයෙන් පස්සේ මේක ආයෙත් ආවෙ පල්ලම් බහින ප්‍රවනතාවයක්.මිනිස්සුන්ට ඕනේ වුණේ සංගීතය හෝ එහි අදහස නැතුව පුද්ගල ප්‍රතිරූපය වාණිජකරණය කිරීමක්.සංගීත ක්ෂේත්‍රයම දැඩි වාණිජකරණයට ලක්වුණා.අදට වුණත් මේ ගායක,ගායිකාවන් හැසිරිය යුතු ආකාරය,කථාකළයුතු ආකාරය,ගැයිය යුතු ගීත මේ සියල්ල තීරණය කරන්නේ ඔවුන්ගේ කළමනාකාරවරු...එහෙම නැත්තන් ඒජන්තවරු.


ඉතින් මම කියන්නේ අද කාලෙ තරුණ ළමයින්ට කරුණාකරල කැන්සාස්,ක්වීන්,ඊගල්ස්,බීට්ල්ස්ලගේ සින්දු ටිකක් අහල බලන්න මම කියන්නෙ බොරුවක්ද කියල.මම මේ සංදර්ශන වලට අකමැති මේ කාරණය නිසා එහෙම නැත්තන් තරුණ ළමයෙක් අර ඇඳුමකින් දමල ගැහුව නිසා නෙවේ හිටං.

සයිමන් සහ ගාෆුන්කෙල්ගේ පුරෝගාමීන්ගේ 1964 sound of silence ගීතය.


කැන්සාස්ලාගේ Dust in the wind (1977)

Monday, April 25, 2016

සංස්කෘතිය සහ මිනී පෙට්ටි...




ඉස්සෙල්ලම අපේ මිනිස්සු මනුස්සයෙක් මැරුණම කරලා තියෙන්නේ 'කැලේ ගහපු' එක.
ඒට පස්සේ පැදුරක හරි මොක්ක හරි ඔතල වලල්ලලා දාන එක.
ඊට පස්සේ චිතකය හදල පුච්චලා දාන එක.

මිනි පෙට්ටි??
සුද්දන්ගේ (පෘතුග්‍රීසි/ලන්දේසි) ආගම කතෝලික නැත්තන් ක්‍රිස්තියානිය.එකේ තියන එක සංකල්පයක් තමා 'අවසාන විනිශ්චය දවස'.අන්න එදාට දෙයියෝ මැරිච්ච එක එකා නැගිට්ටවල උන්ගෙන් විනිශ්චය කරලා නඩු අහලා හොඳ නරක අනුව අපායට නැත්තන් දිවිය ලෝකෙට දානවා.
ඕකේ දැන් මොනවද ඕනේ..මැරිච්ච එකා වෙලාව එනකල් ෆුල් අතල් එකේ,කාලයක් ඉන්න කුෂන් දැම්ම හොද ලියෙන් හැදුව පෙට්ටියකට වඩා දෙයක්...අන්න මිනි පෙට්ටි එන්න ඇති තැන.අපේ රට මේ සුද්දන්ට යට වුණා එතකොට ආගම මාරු කරපු උන් හා මුන්ව ෆලෝ කරලා පොෂ් වෙන්න හදපු උන් මේකත් එහෙම්ම ගත්තා..
දැන් කතෝලික පුග්ගලයින්ට අවුලක් නෑ එත් හෙණ ගානක් වියදම් කරලා මේක පුච්චලා දානවනම් ඇති වැඩේ මොකක්ද? මම දන්නා ගොඩක් අවමඟුල් පුච්චන ඒවා.පරම්පරා ගානක් තිස්සේ මේක ඔහොමම කරගෙන යනවා මම මරුනහමත් මෙච්චරයි (මළකඳ හම්බුනොත් සාමාන්‍ය අවස්ථාවල වගේ.)
දැන් ඉන්දියන් කාරයෝ බලන්න.රාම් නාම් සත්‍ය හේ කියාගෙන ඇඳක් වගේ අයිටම් එකකින් අරන් ගිහින් දර දැම්ම මෙව්වා එකක වෙලුනු ගොම වගේ අයිටම් එකකින් අඟ වහල ගිනි තියනවා.කැටයම් නෑ..
ඉන්දියන් කාරයෝ සංස්කෘතිය වෙනස් කරගෙන නෑ අවශ්‍ය දේට එනකොට.ඒක අවුලක් නෑ.
හැබැයි මිලියන ගානක් වුණු ඉන්දියන් කාරයෝ පුරුද්දට වගේ සරීර කුරුත්තිය කරනවා මහා පාරේ.අන්න එකත් සංස්කෘතියක්.නමුත් වෙනස් වෙන්න ඕනේ නරක සම්ප්‍රදායක්.
අපි හරියට තක්සේරු කරන්න ඕනේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ කොතනද නැත්තන් සංස්කෘතිය කියල අපි වටහාගෙන ඉන්නේ අපේම සංස්කෘතියක්ද නැත්තන් මැදක විකෘති වුණු එකක්ද කියලා..
හරියට වික්ටෝරියානු සදාචාරය වගේ..
(ඒ වචනේ අහල අප්පිරිය ඇති කරන්න දෙයක් නෑ..)

සාංකාව

ඒ දවස් වල වගෙ නෙවේ
දැන්,
රළ ගහන්නේ
රිද්මයක් නැතුවමම
අඳෝනාවක් වගේ,
හවස් යාමයේ
ඉර බහින්නෙත් විඩාබරව,
එහෙ මෙහෙ යන මිනිස්සුන්ගේ
මින් පෙර නොදැක්ක
කාන්සියෙන් හෙම්බත්වුණු මුහුණු
වෙන දේවල් ඕනේ නැහැ
දැන් හඳ පායන්නෙත්
හරි අමුතු විදිහකට
ලප කැළැල් වල තවත්
ලස්සනක් පෙනෙන් නැහැ....

Sunday, April 24, 2016

කුඩේ

දවසක් එයැයිට එයාගේ කරන්න යන වැඩක් ගැන අදහසක් දෙන්න කියල මට කෝල් කළා...අදහස දක්වපු ආකාරය ගැන එයා මෙහෙම අදහසක් දැක්කුවා..

"ඇයි ඔයා ඔච්චර තදින් කථා කරන්නේ මට.ඔයාගේ වොයිස් කලර් එකනම් අද සෑහෙන්න වෙනස්.හරි හරි මම පස්සේ කථාකරන්නම්,බොහොම ස්තූතියි අදහසට...බීප් බීප්!"

ඇත්ත,මම කවදාවත් එයාට කෙලින්ම දෙයක් කිව්වේ නැහැ..කිසිම අනුබලයක් නැති නිසා සම්පූර්ණෙන්ම ෆ්‍රෙන්ඩ්සෝන් එකක් විදිහට මම පෙන්නුවේ..එයත් ඕනේම ප්‍රශ්නෙකදී මට කථාකරනවා..ඒත් සිද්ධිය ගැන මට මාර අප්සෙට්..මම හැරෙන තැපෑලෙන් මෙසේජ් එකක් කෙටුවා...

"Mama thama maha pare.gedara yana gaman.wahana saddeth ekkama meheta ho gala wahinawa. :(  ekai tikak sadden kathakaranna wune apahadili weyi kiyala....."

ගෙදෙට්ට ඇවිත් ආයේ ෆෝන් එක අතට ගත්තේ..රිප්ලයි නෑ...හිටහන්කෝ කියල තව එකක් කෙටුවා.

"dan gedara awe.thama akunu gagaha wahinawa.dan naganna kiyala lasthi wune hondatama themuna ena gaman.oyage wade karaganna puluwan wunu eka gana sathutuyi.oyata mara sanwedeethawayakne thiyenne voices gana! ;) "

හැබැයි මම අදහස් කලේ ඒක නෙවේ...මට කියන්න ඕනේ වුනේ..

"ගෑණියේ වැඩ ඉවර වෙලා දාරාණිපාත වැස්සේ තෙමි තෙමි පාර දිගේ ගෙදෙට්ට දුවන ගමන් තමා මම බොගේ ඔය උලව්වට අදහසක් දුන්නේ..ඒ වෙලාවේ අකුණු ගැහුවත් මම ෆෝන් එක තිබ්බේ නෑ.ඒත් ඒ එක දෙයක් වත් නෙවේ බොලා නෝටිස් කලේ ..වැඩේ කරගත්තටත් පස්සේ මගේ මඟුල් වොයිස් කලර් එකක් ගැන.,ගොන් වැස්සි"

මම හිතන්නේ නැහැ ඒක ඒකිට තේරුනයි කියලා...ෆෝන් එක පැත්තකට දාල කාමරේට යද්දි දැක්කේ...මට පරිප්පුවක් සෙට් වෙන්න හේතු වුණු අමතක වීම!

මගේ කුඩ රාජයා...

මිනිස්සු කුඩ ගැන සැලකිලිමත් වෙන්නේ වැස්ස කාලෙට විතරයි..එතකල් පැත්තකට දාල තියනව...පායන කාලෙකට ඒක දූවිලි කකා ඔහේ පැත්තකට වෙලා බලන් ඉන්නවා වහිද්දි වැහි වතුර වලින් දිලිසි දිලිසි අයිතිකාරයගේ අතින් එළියට බහින්න.කුඩේක අගය දැනෙන්න වහින්නම ඕනේ....මම දිග හුස්මක් ඇදලා අතීතය මතක් කරගත්තා..ඊට පස්සේ එයාට මගේ අන්තිම මැසේජ් එක ටයිප් කළා...

"Mama kudayak newe... MANUSSAYEK!!"

කළු කවි 2


Saturday, April 23, 2016

බලය.



The Lord of the rings කියන සිද්ධි දාමය ඇතිවෙන්නේ middle earth කියල මේ ලෝකය මහද්වීප වලට බෙදෙන්න කලින්.සෞරෝන් කියන්නේ මේ ලෝකය මොන ක්‍රමයකින් හරි පාලනය අතට ගන්න දහන් ගැට දාන පුද්ගලයෙක්...

ඔහු මුදු 19ක් හදල බෙදල දෙනවා ලෝකේ පාලනය කරන ප්‍රධාන කොට්ටාස අතරේ.(එල්ෆ්ලා,ඩ්වෝෆ් ලා සහ මිනිස්සු අතරේ).නමුත් ඔහු එක මුද්දක් තමන්ටම හදාගෙන තියාගන්නවා.ඒක තමා master මුද්ද.ඔක්කොගෙම මුදු වලට වඩා බලවත් වගේම පාලනය කරන්න පුළුවන්.මේ මුද්ද නිසා බලයෙන් අඩුම කොට්ටසය වන මනුෂයින්ගේ රජවරු සම්පුර්නෙන්ම පිරිහිලා සෙවනැලි වගේ අඳුරු අධිපතිවරයාට සේවය කරන්න ගන්නවා.මේ අඳුරු අධිපතිව විනාශ කරන්න බැහැ ඔහුගේ මුද්ද තියනකල්.

පස්සේ කාලෙක ඔහුගේ අතින් මේක නැතිවුනහම දියගොල් කියන hobbitට මාලුවෙක්ගේ බඩේ තිබිල හම්බුනහම එකට ලෝභකමේ ඔහුගේ හොදම යාලුවා ස්මියගොල් ඔහුව මරල මේ මුද්ද ගන්නවා.hobbitලා කියන්නේ සෑහෙන සැහැල්ලුවෙන්,ප්‍රීතිමත්ව ඉන්න හීනෙකින් මිනීමැරුමක් ගැන හිතන්නේ නැති උන්.ඒත් මේ මුද්ද මේ ස්මියගොල් කියන hobbit ආශාවෙන් සහ බලයෙන් අන්ධ කරලා දානවා.ස්මියගොල් මුද්දත් අරන් පැනල යනවා.

ඔහුට ඉන්පසු ජිවත් වෙන්න වෙන්නේ තනියම.මුද්ද නිසා ඔහුගේ පෞරුෂය දෙකට බෙදෙනවා(split personality).එකක ලාවට තියනවා ස්මියගොල්ගේ ප්‍රතිරූපය අනික මුද්දට වහල්කමේ ඇතිවුණු gollum කියන ප්‍රතිරූපය.ඔහු මුද්ද නිසා දිර්ඝායුෂ්ක වුනත් විඳින්න වෙන්නේ මරණයටත් වඩා දඬුවමක්.වැහැරිලා,කොන්ඩේ හැලිලා බඩගාගෙන යන සතෙක්ගේ තත්වෙටම පත්වෙනවා.මේ අතර තමයි ෆ්‍රෝඩො ගේ මාමා බිල්බො ට ගොලම්ගෙන් මුද්ද පැහැරගන්න පුළුවන් වෙන්නේ.ඔහුට හොඳ අවස්තාවක් ලැබෙනවා ගොලම්ව මරා දමන්න නමුත් ඔහු ගොලම්ව මරා නොදමා එතනින් පිට වෙනවා.

බිල්බෝ hobbit කෙනෙක්ගේ සාමාන්‍ය ආයු කාලය ඉක්මවා ජීවත්වෙනවා මුද්ද නිසා.නමුත් ඔහුට වැටහෙන්න ගන්නවා මුද්දේ තියන භයානකකම.gandalfගේ ඉල්ලීමට මේ මුද්ද හා හැමදේම ෆ්‍රෝඩොට දීල ඔහු එතනින් පිටවෙනවා.මේ මුද්ද හරියටම මොකක්ද කියල දැනගන්නේ සෑහෙන්න පහු වෙලා.මුද්ද විනාශ කරන්න පුළුවන් ඒක හදපු ගිනිකන්දටම දාල විතරයි.frodo භාරගන්නවා මුද්ද විනාශ කරන්න.ඔහුගේ සහායට ලඟින්ම ඉන්නවා samwise gamgee කියන උයන් පල්ලා.මඟදී ගොලම්ව හම්බෙලා ඌව නොමරා දිවුරුම් ප්‍රකාශයක් ගන්නවා උදව් කරනවා කියල මුද්ද විනාශ කරන්න ඒක හදපු ගිනිකන්දට දාන්න.

දැන් කට්ට කාල කට්ට කාල ගියා ගිනිකන්ද මුදුනටම ගියාට පස්සේ frodo කියනවා මේක මගේ විනාශ කරන්න බැහැ කියල.සෑම්ට ඇඩෙනවා.නමුත් ගෝලම් කරන වැඩේ මුද්ද ගන්න forodo එක්ක පොරකන එක.ගලවගන්න බැරි නිසා frodoගේ ඇඟිල්ල පිටින්ම හපාකාල ගන්නවා.ඒ එක්කම වැටෙනවා ගිනි කන්දට.මේ කතාවේ කියන්නේ බලයට ආශක්ත වෙන එක කොච්චර දරුණු වෙන්න පුලුවන්ද කියන එක.
*
*
*
ජේ.ආර්. ජයවර්ධන මැරෙනකල් පාලනය කරන්න හිතාගෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා විධායක ජනාධිපති ධුරය කියල එකක්.මේ තනතුර තියෙන්නේ නීතියටත් උඩින්.ජනාධිපතිවරයාට කිසිම නීතිමය පියවරක් ගන්න බැහැ.ඔහුට ඕනෙම පුද්ගලයෙක් නීතියෙන් වැරදිකරු වුනත් නිදහස දෙන්න පුළුවන්.ඔහු කරන්නේ කැබිනට් ඇමති මණ්ඩලයේ වරප්‍රසාද වැඩිකරලා,ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන ඔවුන්ව වහල්ලු කරන එක මුලින්ම.ජනමත වරණයක් තියල එක බලු විදිහට හොර කරලා මහා මැතිවරණයකට යන එක වළක්වනවා.

මේ පදවියේ විනාශ කාරී බව වටහාගෙන මේක අහෝසි කරනවා කියල දිවුරලා එන චන්ද්‍රිකා 94දි වැඩිම ප්‍රතිශතයකින් ජනපතිවරණය ජයග්‍රහණය කරනවා.ඔක්කොම හදන්න ආව ගෑණි අන්තිමේට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ කුණු ගොඩක් වගේ විසික් වෙලා ගිහින්.

යුද්දේ දින්නයින් පස්සේ ඔක්කොම හදාගන්න පුළුවන් කම තිබ්බ මහින්ද කරන්නේ තමන්ට මියෙනතුරු අභියෝග කරන්න ජගතෙක් එන්නේ නෑ කියලා මේකේ බලයට වහ වැටිලා අත්තනෝමතික සංශෝධනයක් කරලා 3 වෙනි පාරට බලයට එන්න...

එතකොට කවුරුවත් හිතන්නේ නැති විදිහට පුංචි frodo කෙනෙක් අභියෝගය භාර අරගෙන මේ ධුරය නැති කරනවා දවස් 100කින් කියලා සපත කරනවා.ඔහු සහ අන්කල් සෑම්ගේ මුනුපුරු රනිල් එකතුවෙනවා මේ ගමනට.බල ලෝභයෙන් gollum කෙනෙක් වීගෙන ආව මහින්දගෙන් ඔවුන් දේපල මෙය උදුරා ගන්නවා.දැන් දින 100යෙ කෑලිත් නෑ හැබැයි මේ මුද්ද විසිකරන්න තියා frodo එහෙම එකක් ගැන හිතලවත් නෑ..
.
.
මේ කලබල අස්සේ gollumටයි අන්කල් සෑම් ගේ මුණුපුරාටයි එකම දෙයක් නිසා එකතුවෙන්න වෙනවා.ඒක තමා මේ විධායක මුද්ද ගිනිකන්දෙන් විසිකරන්න.මොකද මොන frodo කෙනෙක්වත් කවදාවත් මේකේ බලයට ආශක්ත වුනාම කැමැත්තෙන් විසි කරන්නේ නැහැ.....

ඔය පදවියේ තියන භයංකාර බලය
මිනිහෙක්ට දරාගන්න  බෑ.අන්න එකයි මේක නැති කරලා දාන්න ඕනේ... Moral of the story-Game of Thrones කියන්නේ සෑහෙන්නම cheap thrill එකක්...
(ප්‍රධාන චරිත මරල දාන එකේ shock value එකෙනුයි,ලේ පෙන්නන එකෙනුයි ගෑනුන්ගේ හෙලුවෙනුයි රන් වෙන)

Saturday, April 16, 2016

සිත කල කිරි

 

තවත් නැහැ
තෙතමනය
කොළ පාට
මෙතැන් සිට
ග්‍රීෂ්මය
කොළ හැලෙන
කහ පාට...

Friday, April 15, 2016

සමාධිය

හුස්ම ගැන
විමසිල්ලෙන්
දමා ඉහළ පහළ
නවත්වා අතරමඟ
හිස් කර සිතිවිල්ල
සමාධිගතව
නිසොල්මන්ව
ඩෝං......
මුවා ඇදගෙන වැටුණි!

Wednesday, April 13, 2016

අවලෝකිතේශ්වර...





ඔබ ලාංකේය පුරාවිද්‍යාත්මක අන්ගිතම නිර්මාණයක් වන මෙම පිළිමය දැක ඇති නොඅනුමානයි...මේ අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ලංකීය පිළිමයක්..

මහායාන සම්ප්‍රදායට අයත් ප්‍රධාන බෝසතුන්ගෙන් අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයින්ට හිමි වන්නේ අද්වතීය ස්ථානයක්.උන් වහන්සේ නිරූපණය කරන්නේ අනන්ත කරුණාව ;එහෙමත් නැත්තන් කරුණාවට ප්‍රධාන බෝධිසත්වයින්.උන් වහන්සේ ගැන ප්‍රධාන මහායාන සූත්‍ර වල සඳහන්.

උන් වහන්සේ වාසය කරන්නේ (සුඛාවතී සුත්‍රයට අනුව) බටහිර දිසාවට කෝටි න්‍යුත සංඛ්‍යාවක් ලෝක ක්ෂේත්‍ර පසු කළවිට හමුවන සුඛාවතී නම් අමිතාභය බුදුන්ගේ බුද්ධ ක්ෂේත්‍රයේ.එම ලෝකයේ අනික් බෝසතුන්ට උපදේශකයෙක් ලෙස ක්‍රියා කරනවා.එමෙන්ම උන් වහන්සේ ලොව ඇති සෑම ශබ්දයකටම ඇහුකම් දෙමින් සිටින බව සඳහන්.මේ කරුණ නිසා උන්වහන්සේහේ අනුග්‍රහය ලැබීමට අවලෝකිතේශ්වර නාමය මැතිරීම පමණක් ප්‍රමාණවත් විදිහට සැලකෙනවා.

එමෙන්ම උන්වහන්සේගේ තවත් විශේෂත්වයක් වන්නේ උන්වහන්සේට ඕනෑම ආත්මභාවයක්(ස්වරූපයක්) මවාගතහැකි වීම.පුද්ගලයින්ට පිහිට වීමට හෝ සත්‍යාවබෝධ කිරීමට උන් වහන්සේ ඒ ස්වරූප මවාගැනීම ප්‍රයෝජනයට ගන්නවා..ඒ කියන්නේ විවිධාකාර පුද්ගලයින් විවිධාකාර පුද්ගලයින්ව පිළිගන්නේ.උන්වහන්සේට මාර්ගය පෙන්විය යුතු පුද්ගලයාට පෙනී ඉන්නේ ඔහුට ගෝචර වන ස්වරූපයකින්.මේ නිසා උන්වහන්සේට ඔනෑම දොරටුවකින් ඇතුළු විය හැකි තැනැත්තා විදිහටත් සැලකෙනවා.

(කාරුණික තාරාගේ ලාංකීය ප්‍රතිමාවක්)

මෙතුමන් බෞද්ධ මහායාන සම්ප්‍රදාය තරමක් හෝ ඇති ඕනෑම රටක ඉමහත් ගෞරවාදරයට පාත්‍ර බෝසත් කෙනෙක්.චීනයේ කුවායිං යින් හෙවත් කාරුණික තාරා ලෙස මුන් වහන්සේ ස්ත්‍රී ආත්මභවයක පහළවීමක් ඔවුන් විශ්වාස කරනවා.ටිබෙට්වල ධර්ම ග්‍රන්ථයක් තියනවා කුරුල්ලන්ගේ ධර්ම දේශනා කියලා.ඒකෙදි එතුමා කොහෙකුගේ වේශයක් මවාගෙන තිබ්බතයේ කුරුල්ලන්ටධර්මය දේශනා කිරීමට නික්මෙනවා.පුරාණ ලංකාවේ අභයගිරි වාසී වෛතුල්‍යවාදී හාමුදුරුවරුන් රාජානුග්‍රහය ලබන විට ලංකාවේත් ඉමහත් සම්භාවනාවට පත්වුනු බෝසත් තුමෙක්.සෑහෙන ගණනක් වුණු අපේ කලාකෘති හමුවී තිබෙනවා මෙතුමන් ඉන්න.අවලෝකිතේශ්වර වන්දනාව පසු කාලයක නාථ දෙවි වන්දනාව ලෙස පරිණාමය වූ බවකුයි ඉතිහාසඥයෝ සඳහන් කරන්නේ


                                     (තවත් ලාංකීය ප්‍රතිමාවක්)
                                                  
(අවලෝකිතේශ්වර,පද්මපාණි-අජන්තා ලෙන්)


                                                    
                             (නැගෙනහිර ආසියානු ප්‍රතිමාවක්)