Tuesday, April 12, 2016

අපිට මේ විදිහට interpret කරන්න බැරිද? (නිරුවත එහෙම නෙවේ)


 මරණානුස්මෘතිය කියන්නේ මල මිනියක් දෙස බලා අනේ අපිටත් මෙහෙම වෙනවා කියා හීල්ලීම නෙවේ..මේ වගේ දේවල් නිසා තමා සමහරු බුදු දහම සර්වාශුභාවාදී විදිහට සැලකෙන්නේ..


මරණානුස්මෘතිය කියන්නේ වර්තමානයේ ජීවත්වීමක්.මේ සංකල්පය දියුණු වෙන්න යොදාගන්නේ ස්ටීව් ජොබ්ස්.හෙට මැරෙන්න පුළුවන් කියල අද පුළුවන් තරම් තමන්ගේ කාර්ය වෙනුවෙන් වෙහෙසෙන එක.ඔහුගේ සුප්‍රසිද්ධ කතාවක් තියනවා '' 'If you live each day as if it was your last, some day you'll most certainly be right''. (ඔබ දිනපතා ජිවත් වන්නේ ඔබගේ ජිවිතයේ අවසාන දිනය මෙන් නම්,එක දිනකදී ඔබ සම්පුර්නෙන්ම නිවැරදි වනු ඇත)


අපි ජිවත් වන්නේ දැන් මානුෂිය ගුණධර්ම පිරිහෙමින් පවතින කාලයක.තමන්ගේ අතින් වුනු වැරද්දකටත් සමාව ඉල්ලන එක මදි කමක් වගේ හිතෙන කාලයක.සමහර විට ඔබ අතින් කාට හෝ වරදක් වෙන්න ඇති නමුත් ඔබ එයට සමාව ඉල්ලන්නේ නැතුව එය කල් දමමින් ඉන්නවා ඇති..අපි හිතමු දෙමාපියන්ට එහෙම කරපු දෙයක් ගැන සමාව ඉල්ලන්නේ නැතුව පසුවට කල් දදා ඉන්නවනම්.දිනක ඔබගේ මරණය සිදුවෙනවා.නමුත් ඔබට මරණයට පත්වෙද්දී නිර්දෝෂී මනසකින් මරණය පිළිගන්න බැහැ.ණය ගැන කියනවත් මෙහෙම තමයි...


ඒ වගේම අපි හිතමු ඔබට දරු පවුලක් සහ ඔබෙන් යැපෙන නෑයෝ ඉන්නවා කියලා.ඔබ හෙට මැරුනොත් ඔවුන් ඔක්කොම අනාත වෙන්න පුළුවන්.නමුත් ඔබ දිනක් ක්‍රියා කරනවා ඔබ හෙට මැරුණත් ඔවුන්ට කිසියම් සුරක්ෂිත තාවයක් ලැබෙන.ඔබ ඒ ක්‍රියාවලිය සැකසු පසු ඔබේ හිතේ මරණය පිළිගන්න තියන තවත් එක බයක් ඉවත් වෙනවා. (සමහරු කියන්නේ ''අනේ මම මැරුණට පස්සේ මුන්ට යන කලදසාව මොකක්ද'' කියලා).


මේ කාරනා නිසා අවුල් සහගත අතීතය හෝ අවිනිශ්චිත අනාගතය ගැන වදවෙන්නේ නැතුව පුද්ගලයෙක්ට සම්පුර්ණ වර්තමානයේ එළඹී සිහියෙන් ගතකරන්න පුළුවන්..ඔහුට මරණය කියන්නේ ප්‍රශ්නයක් නොවෙයි...

-හැම දෙයකම අශුභවාදී අගතිගාමී පැත්ත බැලීමට කැමැත්තන් උදෙසා සයිමා සූරීන් විසින් මෙය 12/04/2016ක් වන දින මෙසේ සටහන් කර තබන ලදී-

1 comment: