ලොකු අත්තට අසනීප වෙලා අත්තම්මා ගමෙන් අපේ ගෙදර එක්කගෙන එද්දී මට අවුරුදු 8ක් වගේ වෙන්න ඇති.නාවලපිටියේ හිටපු අත්තම්මට කොළඹ අපි හිටපු ෆ්ලැට් එකේ ජීවිතේට හැඩගැහෙන්න කොච්චර අමාරු වෙන්න ඇත්ද කියල මට තේරෙන්නේ දැන්.
ලොකු අත්තා ග්‍රාම නිලධාරි කෙනෙක්.තාම ලොකු
අත්තගේ ගෙදරට ගමේ මිනිස්සු කියන්නේ ආරච්චි ගෙදර කියලා.කාටවත් යටවෙන්නේ නැතුව
තමන්ගේ රාජකාරිය අකුරටම කරපු
නිලධාරියෙක්.ඒ කාලේ තනියම දහදෙනෙක් එක්ක වුනත් හැප්පෙන්න තරම් දහිරියක්
තිබ්බ මනුස්සයෙක් කියල තමයි ගමේ මිනිස්සු කිව්වේ.ඒත් අන්තිම කාලේදී අංශබාගෙන් ඔත්පල
වුණු පාර අඩුම ගානේ කතාකරගන්නවත් බැරි වුණා.මහ ගෙදර පදිංචි වෙලා හිටිය මාමා ලෙඩාව
බලාගන්න මනුස්සයෙක් මහා ගෙදරට ගෙන්න ගත්තා.අත්තම්ම හිටියේ හරි හිතේ
අමාරුවෙන්.අත්තට හරියට සාත්තුවක්වත් කරන්න බැරිවුණු එක ගැන.අත්තම්මත් එකතකොට
ලෙඩින්.
අත්තගේ
ලෙඩේ එක්ක අත්තම්මත් සෑහෙන්න මානසිකව වැටුණා.නිතර නිතර දේවල් අමතක වෙන්න
ගත්තා.අත්තම්මගේ තත්ත්වේ බරපතල බව අපේ අප්පච්චිට තේරුණේ දවසක් අත්තම්මා
ඉස්පිරිතාලේට ගෙනියන්න වුණහම.අත්තම්මා එක පාරකට ගන්න ඕනේ බෙහෙත් පෙති හතරපාරකට වඩා
අරන් තිබ්බ.බලද්දී අත්තම්මට හරියට නිච්චියක් නැතිවෙලා,බෙහෙත් ගත්තේ නෑ කියල හිතල
තමයි බිල තියෙන්නේ සැරින් සැරේ.
මාමත් වැඩට යන්න ඕනේ නිසා කරන්න තිබ්බ හොදම වැඩේ
තමා අත්තම්මව අපේ ගෙදර අරන් එන එක.කාමර දෙකෙන් පුංචි කාමරේ අත්තම්මට වෙන්
කළා.අත්තම්මගේ බෙහෙත් ඔක්කොම අප්පච්චි තමන්ගේ භාරයට ගත්තා.කෑමෙන් පස්සේ අප්පච්චි
තමයි බෙහෙත් දෙන්නේ.ඉතින් මගෙත් ඉස්කෝලේ නිවාඩු කාලේ වුණු හින්දා මමත් අත්තම්මගේ
කතා අහ අහ තමයි හිටියේ.අත්තම්මා එතකොට ලොකු අත්ත ගැනයි තමන් ගැනයි පරණ කතා කියනවා.
අත්තම්මා තමයි පවුලේ වැඩිමලා.අත්තම්මා අටේ
පන්තියේ ඉන්නකොට අත්තම්මගේ අම්ම නැතිවෙලා.ඊට පස්සේ අත්තම්මවයි බාල හතර දෙනාවයි
බලාගන්න අත්තම්මගේ අප්පච්චි කුඩම්ම කෙනෙක් ගෙනල්ල.කුඩම්ම මුලින්ම නපුරුකම් පෙන්නලා
නැහැ.ඒත් ටික දවසකින් කුඩම්මට දරුවෙක් ලැබෙන්න ගිහින්.ඉතින් පවුලේ ඔක්කොම වැඩ
බලාගන්න වෙලා තියෙන්නේ අත්තම්මට.අත්තම්මා ඉස්කෝලේ යන එක නවත්තල ගෙදර සුද්ධ කරන
එක,කෑම හදන එක,කුඩම්මට නාන්න වතුර උණු කරන එක,රෙදි හෝදන එක,දර හොයාගන්න එක වගේ
ගොඩක් වැඩ තනියම කරන්න වෙලා.මොකද අත්තම්මගේ නංගිලා මල්ලිලා පුංචි වැඩි
නිසා.කුඩම්මටත් ඉක්මණට තරහ යන්න පටන් අරගෙන ඒ කාලේ,පොඩි අතපසුවිමකට වුණත් අතට
අහුවෙන එකින් අත්තම්මට දමල ගහනවලු.දවසක් කුඩම්මා ගෙනාපු පැට්‍රොමැක්ස් ලාම්පුව
අත්තම්මා පත්තු කරන්න හදද්දී ඒකේ මැන්ටල් එක වැටිලා.අත්තම්මට හොඳටම බය හිතිලා වත්ත
ළඟ තිබ්බ කැලෑවේ හැංගෙන්න ගිහින්.
ඊට පස්සේ අත්තම්මගේ අප්පච්චි වැඩ ඇරිලා ඇවිත් ගමේ
මිනිස්සුත් එක්ක අත්තම්මා හොයාගෙන එදා රෑම හුළු අතු පත්තු කරගෙන ගිහින්.අත්තම්මා ඒ
කැලේ ගල් තලාවක් උඩට වෙලා අඬ අඬා ඉද්දි තමා හොයාගෙන තියෙන්නේ.අත්තම්මගේ අප්පච්චිට
තරහ ඇවිත් ගහන්න යද්දී ගමට අළුතින් ආව ආරච්චි මහත්තයා තමා අත්තම්මව බේරාගෙන
තියෙන්නේ.'මැන්ටලේ වැටුණු එක ඔහේගේ වරදක් නෙවෙයි ළමයෝ,ඒකට අලුතින් මැන්ටලයක් දාන්න
පුළුවන්' කියලා ආරච්චි මහත්තය කියලා.කුඩම්මට පුතා හම්බවෙලා ටික දවසකට පස්සේ
අත්තම්මව කැන්දාගෙන යන්නේ ඒ ආරච්චි මහත්තයම තමයි.''අපේ මහත්තයා තමා මාව
ගලවාගත්තේ,දෙයියනේ කොහොම හිටපු මනුස්සයෙක්ද'' කියල කඳුළු ඔසරි පොටෙන් පිහින ගමන්
අත්තම්මා කියනවා.
අපෙ ගෙදර ආවට පස්සේ දවස් දෙක තුනක් එච්චර
විශේෂයක් නැතුව ගෙවිලා ගියා.ඒත් අත්තම්මට ආයෙත් අමතක වෙන ලෙඩේ උත්සන්න වුණා.බෙහෙත්
බිල විනාඩි පහළවක් යන්නත් කලින් ආයෙත් අත දික්කරනවා අප්පච්චිට ''පුතා බෙහෙත්''
කියාගෙනම.''බෙහෙත් දුන්නන්නේ අම්මා'' කිව්වම සද්ද නැතුව ගිහින් ආයෙත් එනවා.ඉතින්
මේකට කරපු වැඩේ තමයි බෙහෙත් දුන්නහම අත්තම්මගේ අතට ටිකක් මහත රබර් බෑන්ඩ් එකක්
දාපු එක.බෙහෙත් ඉල්ලගෙන එද්දී අතේ දැම්ම රබර් බෑන්ඩ් එක පෙන්නනවා.මෙහෙම රෑ වෙද්දී
එකතුවෙන රබර් බෑන්ඩ් තුන ගලවන්නේ අත්තම්මා නිදාගන්න කලින්.ඒත් ඒ වැඩෙත් හරිගියේ නෑ
කියල තේරුණේ අත්තම්මා රෑ දෙගොඩහරියේ බෙහෙත් ඉල්ලලා අපේ කාමරේට තට්ටු
කරපුවහම.සාමාන්‍යෙන් ගොඩක් ඉවසීමක් තියන අප්පච්චිට මේක දරාගන්න අමාරු වෙලා හොදටම
බණින්න පටන් ගත්තා.අත්තම්මා කරබාගෙනම තමන්ගේ කාමරේට ගියා.
එදා උදේ ආයෙත් නින්ද කැඩුනේ ආව කෝල් එකක්
නිසා.කෝල් එකට වචනෙන් දෙකෙන් උත්තර දුන්නු අප්පච්චිට තව දුරටත් නිදිබර ගතිය පෙන්න
තිබ්බේ නෑ.අම්මා දිහා බලාගෙන අම්මගේ ඔලුව අතගෑව.අම්මා අඬන්න ගත්තා.ලොකු අත්තා
නැතිවෙලා.
අපි අත්තම්මත් එක්ක ආයෙත් ගමට ගියා.ඒත් අත්තම්මට
දුක දරාගන්න බැරි වෙයි කියල ගේ ලං වෙනකල් කිව්වේ නෑ.මටත් කිව්වා මොනවත් කියන්න එපා
කියලා.අත්තම්ම ලොකු සතුටකින් හිටියේ කුකුල් කොටුවක වගේ හිරවෙලා ඉඳලා ආයෙත් ගමට
යන්න පුළුවන් වුනු එක ගැන.ඒත් ගේ ලං වෙද්දී අත්තම්මට වෙනස තේරුණා.වාහනෙන් බැස්ස
ගමන් මිනිස්සු මැදින් සාලෙට ගිහින් එතන තියල තිබ්බ ලොකු අත්තා දිහා බලාන
හිටියා.එවෙලාවේ ඉඳන් දවස් තුනම එතනින් හෙල්ලුනේ නැහැ.හැමෝම හිතුවේ අත්තම්මට හිතේ
අමාරුවටම පපුවේ අමාරුවක් හැදෙයි කියලා.
ඒත්
ආදාහනෙන් පස්සේ අත්තම්මා කිව්වා ''අපේ මහත්තයා දුක් විදිනවා මට වාවන්න බැරිව
හිටියේ...මෙහෙම කෙළවරක් වුනු එක හොදයි'' කියලා.එදායින් පස්සේ අත්තම්මට කවදාවත් අමතක වුණේවත්,එක පාරකට වඩා බෙහෙත් ඉල්ලුවේවත් නෑ
පැරණි ගමක මතකය ඇවිස්සුනා.
ReplyDeleteඔව් එහෙම දෙකටත් ට්‍රයි එකක් දුන්න තමයි.ලොකුම අභියෝගය වුනේ වචන 700කට අඩුවෙන් ලියන එක.
Deleteharima duka hithuna..
ReplyDeleteමේක කතාවක්නේ... :)
Deletemama hithuwe athdekimak kiyala.
Deleteලියන ඕනම දෙයක අත්දැකීම් අඩු වැඩි වශයෙන් තියනවා...එහෙම නේද?
Deleteලොකු අත්තාගේ විස්තර කියද්දි අපේ ලොකු අප්පච්චි කෙනෙක් මතක් වුණා. ඔය කියන්නේ දැන් ඉන්න ග්‍රමා නිලධාරීන් ගැන නෙමෙයි. ඒ කාලේ ඊට වඩා ගොඩක් ලොකු ප්‍රෙද්ශයක් බැලුව අය තමා ඔය. එයාලට ආරච්චිලා කියලා කියන්නේ. ලොකු අප්පච්චිත් අර කිව්වා වගේ ම හෙණ උස මහත සද්ධන්ත පොරක්... තාම ඉන්නවා. අපි තාම බයයි......
ReplyDeleteහරියටම හරි...
Delete