Tuesday, April 12, 2016

ගෝඨාගේ නිවසින් ඩයිනසෝර් බිත්තර...

හිටපු ලේකම්වරයාගේ නිවසින් ඩයිනසෝර් බිත්තර කිහිපයක් හමුවී ඇති බව ඉතා විශ්වාසී ආරංචි මාර්ග සඳහන් කරයි.සජීවී තත්වයේ උෂ්ණත්වය යාමනය කළ කුටීර තුල මේවා තබාගෙන ඇති අතර බොහෝදුරට චීන සංචාරයකදී මිලට ගත් ඒවා බවට උපකල්පිතයි.

බිත්තර 3 හමුවූ අතර එකක් බිහිසුණුම මාංශ භක්ෂකයකු වන ටීරනෝසෝරස් රෙක්ස් නම් ඩයිනෝසෝරාගේ බව තහවුරු කර ඇත.තවත් එකක් ඩයිනොනයිකස් නම් රෙක්ස්ට පමණක් දෙවැනි වෙන මාංශ භක්ෂකයකුට අයත්ය.අනෙක තාම තහවුරු කර නැත.

මෙම බිත්තර උෂ්ණත්වය අංශක 79කට ආසන්න අගයක පුපුරා පැටවා එළියට එන ආකාරයට සැකසී ඇත.මෙය යොදාගැනීමට උත්සාහ කර ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව බවද පැහැදිලි කරුණකි.මිනී කන මෝරුන් තබාගැනීමට කරදිය මිශ්‍ර ජලය නියමිත අනුපාතයෙන් පවත්වාගෙන යාම අපහසු නිසා පැහැරගන්නන් කෙළින්ම ඩයිනෝස්සෝර කුටීරයකට යැවීමට පහසු පරිදි සකසා ඇත..ආණ්ඩුව පෙරලුණේ නැතිනම් මෙය සදහටම රහසක් වීමට ඉඩ තිබුණි.

No comments:

Post a Comment