Sunday, April 24, 2016

කුඩේ

දවසක් එයැයිට එයාගේ කරන්න යන වැඩක් ගැන අදහසක් දෙන්න කියල මට කෝල් කළා...අදහස දක්වපු ආකාරය ගැන එයා මෙහෙම අදහසක් දැක්කුවා..

"ඇයි ඔයා ඔච්චර තදින් කථා කරන්නේ මට.ඔයාගේ වොයිස් කලර් එකනම් අද සෑහෙන්න වෙනස්.හරි හරි මම පස්සේ කථාකරන්නම්,බොහොම ස්තූතියි අදහසට...බීප් බීප්!"

ඇත්ත,මම කවදාවත් එයාට කෙලින්ම දෙයක් කිව්වේ නැහැ..කිසිම අනුබලයක් නැති නිසා සම්පූර්ණෙන්ම ෆ්‍රෙන්ඩ්සෝන් එකක් විදිහට මම පෙන්නුවේ..එයත් ඕනේම ප්‍රශ්නෙකදී මට කථාකරනවා..ඒත් සිද්ධිය ගැන මට මාර අප්සෙට්..මම හැරෙන තැපෑලෙන් මෙසේජ් එකක් කෙටුවා...

"Mama thama maha pare.gedara yana gaman.wahana saddeth ekkama meheta ho gala wahinawa. :(  ekai tikak sadden kathakaranna wune apahadili weyi kiyala....."

ගෙදෙට්ට ඇවිත් ආයේ ෆෝන් එක අතට ගත්තේ..රිප්ලයි නෑ...හිටහන්කෝ කියල තව එකක් කෙටුවා.

"dan gedara awe.thama akunu gagaha wahinawa.dan naganna kiyala lasthi wune hondatama themuna ena gaman.oyage wade karaganna puluwan wunu eka gana sathutuyi.oyata mara sanwedeethawayakne thiyenne voices gana! ;) "

හැබැයි මම අදහස් කලේ ඒක නෙවේ...මට කියන්න ඕනේ වුනේ..

"ගෑණියේ වැඩ ඉවර වෙලා දාරාණිපාත වැස්සේ තෙමි තෙමි පාර දිගේ ගෙදෙට්ට දුවන ගමන් තමා මම බොගේ ඔය උලව්වට අදහසක් දුන්නේ..ඒ වෙලාවේ අකුණු ගැහුවත් මම ෆෝන් එක තිබ්බේ නෑ.ඒත් ඒ එක දෙයක් වත් නෙවේ බොලා නෝටිස් කලේ ..වැඩේ කරගත්තටත් පස්සේ මගේ මඟුල් වොයිස් කලර් එකක් ගැන.,ගොන් වැස්සි"

මම හිතන්නේ නැහැ ඒක ඒකිට තේරුනයි කියලා...ෆෝන් එක පැත්තකට දාල කාමරේට යද්දි දැක්කේ...මට පරිප්පුවක් සෙට් වෙන්න හේතු වුණු අමතක වීම!

මගේ කුඩ රාජයා...

මිනිස්සු කුඩ ගැන සැලකිලිමත් වෙන්නේ වැස්ස කාලෙට විතරයි..එතකල් පැත්තකට දාල තියනව...පායන කාලෙකට ඒක දූවිලි කකා ඔහේ පැත්තකට වෙලා බලන් ඉන්නවා වහිද්දි වැහි වතුර වලින් දිලිසි දිලිසි අයිතිකාරයගේ අතින් එළියට බහින්න.කුඩේක අගය දැනෙන්න වහින්නම ඕනේ....මම දිග හුස්මක් ඇදලා අතීතය මතක් කරගත්තා..ඊට පස්සේ එයාට මගේ අන්තිම මැසේජ් එක ටයිප් කළා...

"Mama kudayak newe... MANUSSAYEK!!"

6 comments:

  1. මිනිස්සු සිද්ධි අල්ලගන්නෙ වැරදි පැත්තෙන්. (ගෑණු කියල කියන්නෙ නැතුව පොදුවෙ මිනිස්සු කියල කිව්වෙ නැත්තන් පොලිටිකලි ඉන්කරෙක්ට් වෙන නිසා). එවෙලාවට එපා වෙනවා. ළඟම කෙනෙක් නම් මුළු existence එකම එපා වෙනව මට නම්. ඒක අනිත් අයගෙ නෙමේ මගෙ වැරැද්දක් වෙන්න ඇති.

    (මචන් බ්ලොග් එක සින්ඩි වලට දැම්මද?)

    ReplyDelete
    Replies
    1. මට තේරෙන්නේ නැහැ බන් තාම බ්ලොග් vocabulary මේ සීන් එකට අලුත් නිසා.දැම්මේ නෑ තාම.

      Delete
  2. එ්කත් ඇත්තනේ.........

    ReplyDelete
    Replies
    1. ඔව් ඕනේ කෙනෙක් සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් දිහා බලන්නේ තමන්ගේ දෘෂ්ටි කොනෙන් විතරයිනේ..
      කවුද දන්නේ ගෑනු ලමයට ගෙදර වැඩක් සෙට් වුනාද කියල රිප්ලයි කරන්න බැරිවෙන්න..

      Delete
  3. වසන්තෙ හින්දයි උඹෙ බ්ලොගෙ මම මුලිම්ම දැක්කෙ.

    සහතික ඇත්ත, උන්දැල අල්ල ගන්නෙ තමන්ට සංවේදී තැනකින්. අර බුකියෙ ජනප්‍රිය මෙම් එකක් යන්නෙ ගෑණි කියනව ඔයා මාඅ එක්ක තරහවෙලා ගිය මාසෙ කියපු දේකට කියල, මිනිහ බලත්ද්ඩි අවුලෙන් ඉඳල තියෙන්නෙ ඊලඟ මැච් එකේ මාලින්ගය ගහයිද නැද්ද වගේ සීන් එකක් ගැන.

    ReplyDelete
    Replies
    1. එල එල බ්‍රෝ... මම මේ සින් එකට අලුත්...
      ඔව් ඇත්ත සීන් එක ඒත් අපි වටහාගන්න ඕනේ ගැහැණු මනස වැඩ කරන්නේ ඒ විදිහට කියන එක.වැරද්දක් කියන්න බෑ ඉතින්.

      Delete