Friday, April 29, 2016

නැව් ටෝක්.. (1)

ලොකු ගස් කඳන් වතුරෙ පාවෙන බව හොයාගත්තා.ඉතින් ඊට පස්සේ ඔවුන් ගඟ ගලන පහත්බිම් වලට ඒක පාකරගෙන ඉතා පහසුවෙන් ප්‍රවාහනය කරන්න පුළුවන්වුණා..

පස්සෙ කාලෙක බිහිවුණු අධිරාජ්‍ය වල (ගැලී,රුවල් නැව් වගේ) නාවික බලය ප්‍රධානම අංගයක් වුණා.ග්‍රීක,රෝම අධිරාජ්‍ය හරහා හිරු නොබසින අධිරාජ්‍යය වුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය දක්වා මේ තත්ත්වය දිගටම පැවතුණා.බ්‍රිතාන්‍යයින් ඇතිළු අනෙක් යුරෝපානුවන් මෙහෙම දිග් විජය කරන්න පෙළඹුනේ වෙලඳාම සඳහා ඇතිවුණු තරඟය හේතුවෙන්.

වතුර කියන්නේ ප්‍රවාහන මාධ්‍යක් විදිහට ගත්තොත් ප්‍රතිරෝධය අඩු,ලොකු බරක් පහසුවෙන් ප්‍රවාහනය කරන්න පුළුවන් මාධ්‍යක්.අද ගෝලීයකරණය වුණු ලෝකයේ ප්‍රවාහනය රැඳී පවතින්නේ නැව් වලින්.රටක වරායක් පිහිටීම වැදගත්ම දෙයක් වෙන්නෙත් මේ හේතුව නිසා.

ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තහම මේ නැව් වර්ගීකරණය කරන්නේ ඒ මඟින් ප්‍රවාහනය වන භාණ්ඩ වර්ගයට අනුව.මේ භාණ්ඩ කියන එකට පාවිච්චි කරන්නේ කාගෝ(cargo) කියන වචනය ව්‍යවහාරයේ.ඔන්න එහෙනන් ප්‍රධාන වශයෙන්ම මේ නැව් වර්ග සම්බන්ධව හැඳින්වීමක්.


General Cargo Ships





මේකෙ නම වගේම තමයි,ගෙනියන්න පුළුවන් කාගෝ පුළුල් පරාසයක විදිදෙනවා.උදාහරණ කිව්වොත් පුරවාපු ගෝනි,අඳුම් බන්ඩල්,පුරවපු පෙට්ටි වගේ ගොඩක් දේවල් අරන් යන්න පුළුවන්.ඒත් මේවා වර්තමානයේ භාවිතයේ අඩුයි.මොකද කාගෝ වෙන් කිරීම,කාගෝ පැටවීම,බැහැර කිරීම අපහසු වෙලා යන දෙයක් නිසා.වෙලාව කියන දේ ඉතාමත්ම වැදගත් දෙයක් මේ ක්ෂේත්‍රයට.



Container Carriers




මේක තම සුලභවම දකින්න පුළුවන් නැව් ජාතිය.කන්ටේනර් වල තියන ප්‍රධාන වාසි තමා පටවන්න,බැහර කරන්න ලේසි වීම,කාගෝ සුරක්ෂිතව වීම මේ කන්ටේනර් ආවරණයෙන්,සුළු කාලයකදී ඉක්මණින් බැහරකිරීම,පැටවීම කරගත හැකිවීම, (ක්‍රේන් භාවිතයෙන් අර කොන් වල තියන සිදුරු වලට අගුල් වගේ දාගෙන තමා පටවන්නේ,එළියට ගන්නේ.මේක ඉතා ඉක්මන්) වගේ කාරණා.ඒ වගේම කන්ටේනර් නැව් අධිවේගී කාණ්ඩයට ඇතුලත්.




Bulk Carries




මේවගෙ අරන් යන කාගෝ ආකාරයකට බෑග්,උර වගේ දේවලින් වහන්නේ නෑ.ඒ කිව්වේ ධාන්‍ය ජාති,සිමෙන්ති,ගල් අඟුරු වගේ දේවල් එහෙම්මම මේ කාගෝ හෝල්ඩ් ඇතුලට පටවනවා.ඊට පස්සේ ඒ හෝල්ඩ් වහල දානවා සම්පූර්ණෙන්ම.මේ පියන්(hatch cover) සෑහෙන්නම ලොකුයි ඒවා අරින්නෙ වහන්නේ යාන්ත්‍රිකව..






Ro-Ro(roll on-roll off/Car Carriers)


මේ රෝ රෝ කියන වචනෙ තේරුම රෝල් ඔන් රෝල් ඕෆ්.ඒකට හේතුව මේ නැවේ ඇතුලේ ඉඳන්ම එළියට වාහනයක් පදවාගෙන යන්න පුලුවන් තරම් පථයක්(ramp) දොර විදිහට පාවිච්චි කරන හින්දා.මේවගෙ තමයි ඔය වාහන අරගෙන එන්නේ.සෑහෙන්න උස නැව් ජාතියක්.හරියට පාවෙන ගොඩනැගිල්ලක් වගේ.ඕනෙම වාහන ජාතියක් අරන් එන්න පුළුවන්.




Tankers
මේ ඉතා පුළුල් වපසරියකට යන නැව් ජාතියක්.මේ නැව් ඒවා ගෙනියන ප්‍රභේද අනුව එහි ගොඩනැංවීම වෙනස් වෙනවා.උප ප්‍රභේද පහත විදිහට දක්වන්න පුළුවන්


අ )Crude Oil and Product tankers




බොරතෙල්,පෙට්‍රල්,ඩීසල් වගේ කාගෝ ගෙනියන්න හදපු නැව්.සාමාන්‍යයෙන් බොරතෙල් ගෙනියන ඒවා සෑහෙන්න විශාලයි.Product කියන්නෙ බොරතෙල් පිරිපහදුවෙන් ගන්න පෙට්‍රල් ඩීසල්..


 ආ )Chemical Tankers
රසායනික ද්‍රව තමා මේවගෙ අරන් යන්නේ.තෙල් වර්ග(පාම් තෙල් වගේ),පැරෆින් (ඉටි පන්දම් හදන ඒවා) වුණත් අරන් යන්නෙ මේවගේ.


ඇ )Gas Carries




මේ සුවිශේෂී ප්‍රභේදයක්.ස්ව්භාවික වායු (මීතේන්) වගේම ද්‍රවීකරණය කළ පෙට්‍රෝලියම් වායු අරන් යන්නේ මේ නැව් වල.මේවා අරගෙන යන්නේ ඒවාගේ ද්‍රව තත්වෙදි මොකද එතකොට අරන් යන්න පුළුවන් ප්‍රමාණය වායු තත්ත්වයෙ තියෙද්දි වඩා 200 ගුණයකටත් වැඩියි සාමාන්‍යයෙන්.
ඒත් සාමාන්‍ය උෂ්නත්වයේ මේවා වායු තත්ත්වයේ තියන නිසා ද්‍රව තත්වයෙන් තියාගන්න එක්කෝ අධික ලෙස සිසිලනය,නැත්තන් අධික සම්පීඩනය එහෙම නැත්තන් මේ ක්‍රම දෙකම යොදාගන්නවා.මීතෙන් ද්‍රවයක් බවට පත්වෙන්නේ සෙල්සියස් අංශක සෘණ 160 දි විතර.ඒ තත්වෙන්ම තියාගන්න ඕනේ ද්‍රවයක් වෙන්න පොඩ්ඩක් උෂ්නත්වය ඉහළ ගියොත් වායු තත්ත්වයට එනවා.පීඩනය වැඩි වෙනවා.ඉතින් හිතාගන්න පුලුවන්නේ කොහොම අමාරු වැඩක්ද කියල මේක.


Live Stock Ships


ඔය ගවයින් වගේ පණපිටින් මහාපරිමාණයෙන් අරන් යන නැව් තම මේ.දකින්නත් කලින් දැනගන්න පුළුවන් මොකද ගඳ ගස්සනවා පළාතක්ම.



Passenger/Cruise Ships


මේවගෙ රූපනම් බොහෝ දෙනෙක් දැකලත් ඇති...මේ තමා ලෝකෙ භයානකම කාගෝ ජාතිය අරන් යන නැව්... ඒ කියන්නේ මිනිස්සු...



Heavy Lift ships



ඉතා බර සහිත දේවල් විශාල දොඹකර,තවත් යාත්‍රා වගේ බර දේවල් ප්‍රවාහනය කරන්නේ මේ නැව් වලින්.වරකට එක බැගින් තමා ප්‍රවාහනය කරන්නේ.



Reefer Ships




මේවගේ කාගෝ අරන් යන හෝල්ඩ් සම්පූර්නෙන්ම ශීත කරල තියෙන්නෙ..හරියට විශාල Deep freezer එකක් වගේ.දැන්නම් අඩු වශයෙන් භාවිතා වෙන්නෙ මොකද container තියනවා ශීතකරණ වගේ ප්ල්ග් කරන්න පුළුවන් ඒවා අරන් යන්නේ container ship වල..

(මතුසම්බන්ධයි )

(දෙවෙනි කොටස) 

6 comments:

  1. බොහෝම වටින ළිපියක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...
      බලාපොරොත්තු වෙනවා ප්‍රතිචාර හොඳනම් ඉදිරියට ගෙනියන්න.

      Delete
  2. ඔය ලයිව්ස්ටොක් ශිප්ස් ඉස්සර හරියට එනවා ඕමානයට. බැටලුවො,එලුවෝ තමයි වැඩිපුර. හාබර් එකෙන් සත්තුන්ව ට්‍රක්ස්වලට පටෝගෙන එක එක දිහාට අරන් යනවා. එක ට්‍රක් එකක් පාරෙ පෙරලිලා හරි යුද්ධයක් වුනා.

    ReplyDelete
    Replies
    1. සලාලා පැත්තටද ආවේ??

      Delete
    2. සලාලා, සූර්, සොහාර්, ඉබ්‍රි, ඉබ්‍රා වගේ පැතිවලට තමයි ගියේ. මම කියන සිද්ධිය වුනේ අල් බුස්තාන් පැලස් හෝටලය හරියේදි. අපි ඒ හරියේ තමයි හිටියේ. සයිමා ඔමානියෙක් වගේ :D තොංගලය කපලද :D

      Delete
    3. නෑ සයිමා සලාලා වලට ඇවිල්ලා තියනවා..එකයි.. :D

      Delete