Monday, May 9, 2016

සිරිධම්මගේ දෙවෙනි ඉනිම..



සිරිධම්මව පරද්දන්න අමාරු ඇයි?

  එක හේතුවක් කියනවනම් එයා තමන්ගේ චරිතේ තියන දුර්වලතා,මතුවන ප්‍රශ්න සඳහා කාල වෙලා ඇතිවම ත්රිපිටකෙන් ගන්න reference හරහා නිදහසට කාරනා හදාගෙන ඉන්නේ....

එතකොට රහතන් වහන්සේ කෙනෙක්ගේ චර්යාව වගේ පැහැදිලිව දක්වලා නැති දේවල් අරගෙන සංසන්දනය කරන්න හදන එක තේරුමක් නෑ..
(පිලිච්චන්ද හාමුදුරුවෝ වසලයා කියල කතා කරපු එක තමන්ගේ කතා විලාශය ගැන ප්‍රශ්න කරද්දී රෙෆරන්ස් එකක් විදිහට ගන්නවා.ඒත් විනය නීති අනුව පරුෂ වචනයෙන් කතාකරන්න,අත පය විසිකරමින් කතාකරන්න පුලුවන්ද?)


තව දෙයක් තමයි අර කොල්ලෙක් එක්ක ඉඳල නොන්ඩි වුනු ෆොටෝ ගැන කියන්නේ තමන් ගහගත්තා ඒවා කියලා.(negative marketing වලින් ජනප්‍රිය වෙන්න)ඒත් මම අහගෙන එක තැනක කියනවා ''ඉතින් මොකද කොල්ලෙක් එක්ක ඉඳල ෆොටෝ එකක් ගත්තම වරද ප්‍රශ්නයක් තියෙන්නේ ගෑනු ළමයෙක් එක්ක හිටියනන්නේ.'' වගේ කතාවක්...ඔහොම ගිහින් දවසක ''කොලු සීන් තහනම් කරලා තියෙන්නේ කොහෙද'' වගේ ප්‍රශ්න ඇහුවත් පුදුම වෙන්න දෙයක් නැහැ.


ඒ වගේම සිරිධම්ම ශාස්ත්‍රිය කාරනා වලින් වුනත් අල්ලන්න අමාරුයි..ලිස්සලා යනවා සරල දාර්ශනික උත්තර දීලා.උදාහරණයක් විදිහට ''නිර්වාන ධාතුව කොයි වගේ'' කියල ඇහුවම කියනවා ''මට කියන්න පුලුවන්ද අන්ධ මනුස්සයකුට පෙනීම කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා..අන්න ඒ වගෙයි මේක මේ වගේ කියල හරියටම කියන්න බෑ.එහෙම විස්තර කරන්න තරම් වචන නැහැ.එහෙම කිව්වොත් මම මහා මෝඩයෙක්..''

සිරිධම්ම ජනප්‍රිය වුනු කාලේ ඉඳන් මම කියනවා දන්න අයට ගෝර් විදාල්ගේ 'කල්කි' (kalki) සහ ගැලවුම්කාර ඉසිවරයා (the messiah) කියන පොත් දෙක (මේ පරිවර්තන දෙක වියන්ගොඩගේ,රාවය හෝ සංහිඳ ප්‍රකාශන) බලන්න කියල...අපේ සිරිධම්ම ලෝකල් ස්කේල් එකේ හාදයෙක්..


අර පොත් වල තියෙන්නේ ග්ලෝබල් ස්කෙල් එකේ ගේම් දෙකක්..


 පොඩ්ඩක් මොලේ තියෙන ඕනෙම කට්ටයෙකුට මේ සෙල්ලම කරන්න පුළුවන්...පොඩි කැපවීමක් විතරයි ඕනේ වෙන්නේ.

(ඒ වගේම හොඳ දේ අගය කරන්න ඕනේ,සිරිධම්ම විසින් වර්තමානයේ ශාසනයේ තියන විරුපිලෝලනය,සර්වාශුභාවාද,හිඟනකම උත්කර්ෂයට නැංවීම වගේ දේවල් වලට මරු පහරක් එල්ලකරනවා)

18 comments:

  1. //එක හේතුවක් කියනවනම් එයා තමන්ගේ චරිතේ තියන දුර්වලතා,මතුවන ප්‍රශ්න සඳහා කාල වෙලා ඇතිවම ත්රිපිටකෙන් ගන්න reference හරහා නිදහසට කාරනා හදාගෙන ඉන්නේ....//

    නිදියන් ඉන්න උන් ඇහැරවන්න පුළුවන් ඒත් හොරට නිදි වගේ ඉන්න උන් ඇහැරවන්න බෑ කියනවනෙ. මේත් ඒවගේ හොරට නිදියන්, "මම නිදිමයි" කියන්න උත්තරත් හදන් ඉන්න මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. ඔව්..
      බලන්ගොඩ ආනන්ද හාමුදුරුවෝ,රේරුකානේ හාමුදුරුවෝ,වල්පොල රාහුල වගේ හාමුදුරුවරු හිටියනං වැඩේ බලන්න තිබ්බ..

      Delete
    2. හලෝ ප්‍රි්යා.. උඹ ජීවතුන් අතරද බං..

      Delete
    3. ඕකා තමා මාව බ්ලොග් ගත කරන්න මුලික වුනේ....

      Delete
    4. දේශො, මාත් රහත් උනා බොල. ගරු කරලා කතා කරපල්ලා දැන්. හැක් :-D :-D

      Delete
  2. කතා කිරීමෙන් පලක් නොලැබෙන දෙයක්..

    ReplyDelete
    Replies
    1. කතාවටත් වඩා මටනම් පොර හෙන interesting බලාගෙන ඉන්න...a one to watch..

      Delete
  3. සායි බබාගේ ටයිප් එකේ පොරක් වගේ.

    ReplyDelete
    Replies
    1. සායි බාබා තමන්ගේ මැජික් වලින් සෑහෙන සමාජ සේවයක් කළා...රෝහල්,පාසල් වගේ මහජන මධ්‍යස්ථාන ඔහුට ලැබෙන ආධාර වලින් දුප්පත් මිනිස්සුන්ට හදල දුන්න....

      Delete
  4. මෙහෙමයි සයිමන් මචං........

    මුන් ගැන කතා කරන වචනත් අපරාදේ බං.....

    ReplyDelete
    Replies
    1. :D
      එකනම් ඇත්ත තමයි...ඒත් කනගාටුවට කරුණ මේවා සීරියස් අරන් පස්සේ වැටෙන අන්ධානුකරණයෙන් සරණ යන සෙට් එකක් ඉන්නවා....ඒ වෙනුවෙන්.

      Delete
  5. මානසික ව්‍යාධි නිසාත් , සල්ලි/බලය ලබා ගැනීමටත්, ඔය දෙකම එකටත් ලෝකෙ පුරාම හා ඉතිහාසය පුරාම තමන් මෙයා හෝ තමන්ට මේ බලය ලැබුනා කියන අය ඕනෙතරම්. හිනායන්න හෝ අධ්‍යනය කරන්න ඉන්ටරෙස්ටින්.
    මට ඊටවඩා ඉන්ටරෙස්ටින් ඔවුන්පස්සෙ යන අය. සිරිධම්මගෙ ශ්‍රාවකයන්/අදහන්නන්/සරණයන්නන් ඇත්තටම ඔහුව විස්වාස කරනවද? එහෙම නැත්නම් ඔය ගුරුකම් වගේ දේවල් ඔන්නඔහෙ කරල බලමු කියනව වගේ ට්‍රයි කරනවද? ඇත්තටම විස්වාසකරන අය සමහරවිට සිරිධම්මට වඩා කුතුහලය දනවන අය වෙයි

    ReplyDelete
    Replies
    1. ඔහු වෙනුවෙන් පෙනී ඉන්න සෑහෙන සෙට් එකක් ඉන්නවා සමාජ ජාල වලත්...

      Delete
  6. සිරිධම්ම දෙන උත්තර දෙන්න ආසවටවත් ධර්ම පොතක් නොකියන උන්ටත් පුළුවන්.. උගේ නෙවෙයි වැරැද්ද.. අමනයෝ වගේ පස්සෙන් යන උන්ගේ..

    ReplyDelete
    Replies
    1. [[සිරිධම්ම දෙන උත්තර දෙන්න ආසවටවත් ධර්ම පොතක් නොකියන උන්ටත් පුළුවන්.]]
      හරියට හරි මම එකයි කිව්වේ සමහර ඒවා 'සරල දාර්ශනික උත්තර' කියල..ඒත් සමහර අයට ඒවා මාර සින් එකක්..

      Delete
  7. සිරිධම්ම තම ගැලවීම වෙනුවෙන් ඕන ඕන දේ දෙසාබාමින් ඔහොම ඉඳලා වලපල්ලට යයි අපි කවුරුත් වගේ.. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉදිරියට ඉතුරුකරලා යන මිථ්‍යාව. ඒක හරිගස්සන්න තව කාලයක් යයි. බමුණන්ටත් වඩා හපන්ලුනේ බමුණෝ පස්සේ යන අය.

    ReplyDelete
    Replies
    1. එක එක කාලෙට මෙහෙම එක එක කෙනා උඩට එනවා...ඒත් මෙයා අල්ලාගෙන හිටපු කාලේ වැඩියි..
      අර අතුල අන්කල් එක්ක ගිය විවාදෙන් පස්සේ සක් සුදක් වගේ පැහැදිලි වුනා මේ යකා අංක එකේ තක්කඩියෙක් කියල.

      Delete
  8. දෙව්දත් විසින් සංඝයා භේදයට ඉදිරිපත්කරපු කොන්දේසි පහක් තියනවා.
    ඒවා නම්
    1)භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා, පාංශුකූලික විය යුතුයි.
    2)භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා නිර්මාංශ විය යුතුයි.
    3)භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා ආරණ්‍යගත විය යුතුයි.
    4)භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා (තුන්සිවුරෙන්) ජීවත්විය යුතුයි.
    5)භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතික විය යුතුයි.
    බුදු හාමුදුරුවෝ //කැමති අයට මේවා කල හැකි බවත් අනිවාර්ය නොකරන බවත්// (දෙව්දත් අපේක්ෂා කල පරිදිම) වදාලා සිටියා.

    එත් පොඩ්ඩක් බලන්න වර්තමානයේ අපේ ගිහියන් බලාපොරොත්තු වෙන්නෙත් මේ දේවල්ම තමයි.
    උභතෝකෝටිකය තමයි සිරිධම්ම මේ කාරනා සුණු විසුනු කරලා දාන එක...
    මම එකයි කිව්වේ ඔහු ඉතා අවධානය දිනාගන්නා සුළු බලා සිටිය හැකි චරිතයක්.

    ReplyDelete