Friday, May 13, 2016

බලාපොරොත්තුව


ජීවිතයේ ආලවට්ටම්
සොයනා බහුතරය'තර
ඔබ නොමැති බව දුටිමි


තුරු අතර කඳු මුදුන්වල
ඔබේ දෝංකාරය ඇසුණි
වළාකුළු පිසිමින් හැමූ
ඔබේ සුවඳ හඹා ගියෙමි
සප්ත මහා සාගරයේ ඉපිලෙමින්
ඔබේ සළකුණු සොයා ආවෙමි
පාළු අඳුරු හුදෙකලා තැන් වල
ඔබ එනතුරු බලා සිටියෙමි


සමාජයේ ප්‍රවාහයට හසු වුණු
ජීවී මළවුන් හට සිනාසෙන
සාපේක්ෂ රාමු වලට පිටින් ඉන්නා
ඔබව සෙව්වෙමි


තවමත් හමුනොවූවත්
ඔබත් මා සොයමින්
සිටිනා බව දනිමි!

7 comments:

  1. දිගටම බලාපොරොත්තුවෙන් ඉමු.

    ReplyDelete
    Replies
    1. ඔව් බලාපොරොත්තුව අතිරින්න නරකයි..

      Delete
  2. මුල හරිය ජිබ්‍රාන් ශෛලියට ගොඩක් සමිපයි. අන්තිමට පෝඩ්ඩක් ට්‍රැක් පැනල
    හැබැයිි අපුරුයි කවිය

    ReplyDelete
    Replies
    1. එකනේ බන් මෙව්වට cow සිතුවිලි කියන්නේ.. :V

      Delete
    2. https://www.youtube.com/watch?v=lEiKWn-H5bM

      Delete
  3. සොයන්නාට හම්බවේ.........

    ReplyDelete