Tuesday, May 17, 2016

හමුදා බංකරවල,බිත්ති හා ගල් මත අඟුරු හෝ ගඩොලින් ලියැවුණු සෙබළුන්ගේ කුරුටු ගී..

රජ කුමරෙක් නොවෙමි මම සුර සැප විඳින
දුප්පත් කොල්ලෙක්ය හමුදාවට බැඳුන


විරැකියාවෙන් නොපෙළුනානම්
සටන් බිමෙ අද නෑ
එදා සිළුමිණ නොබැලුවානම්
මෙදා සුසුමක් නෑ


(සෙබළුන් බඳවාගැනීමට දැන්වීම් පළවන්නේ සිළුමිණේය)


වෙඩි හඬ ඇසෙන විට
තැති ගන්න නුඹලාට
ලේ බිඳක් වැටෙන හඬ
හදවතට දැනේවිද?
 


යුද බියත් මර බියත්
ඇතිවූ විට
සිහිවේ පළමුව
දෙවියාත් සෙබළාත්


ඔවුන් ගතකළේ ආතතියකින් පිරි ජීවිතයකි.


තනිපටි දෙපටි හා තුන්පටි තරු ඔටුණූ
මේවා තමයි හමුදාවේ බල ලකුණූ
සාජන් මේජර් හවසට බය බෙදනවලූ
සාසේ නිකන් දුකසේ දුක විඳිනවලූ


(තනිපටි-ලාන්ස් කෝප්‍රල්,දෙපටි-කෝප්‍රල්,තරු-දෙවැනි ලුතිනන්ගේ සිට ඇරඹෙන කොමිෂන් ලත් නිල)



කන්නෙත් තොපි-බොන්නෙත් තොපි
නිදන්නෙත් තොපි-බනින්නෙත් තොපි

තෙමෙන්නෙත් අපි-විඳින්නෙත් අපි
රකින්නෙත් අපි-මැරෙන්නෙත් අපි


තුමනි තුමන්ලා මාසෙන් ගෙදර යතී
මාස දෙකක් ගත්වී අපි ළතම වෙතී
 

(තුමණි යනු ඉහළ නිලයක් රපෝර්තු කිරීමෙන් පසු අමතනා ආකාරයයි.නිලධාරීන්ට මසකට වරක් නිවාඩු හිමිවේ)


ආසේ සාසේ රාසේ ඉසේ දුකසේ
ලාකෝ කෝප්‍රල් සාජන් සැපසේ
ලුතිනන් කැප්ටන් මේජර් රිසිසේ
කර්නල් ජෙනරල් සැමදා සුවසේ
 

(ආසේ-ආධුනික සෙබළ,සාසේ-සාමාන්‍ය සෙබළ,රාසේ-රයිෆල් සෙබළ,ඉසේ-ඉංජිනේරු සෙබළ)
සෙබළුන් ඉහළ නිලවලට ලැබෙන සැලකිල්ල උපහාසාත්මකව හා උපේක්ෂවෙන් බලති!

තරු ඔටුණු රජවෙති
තනි තරුව වැළපෙති
පටි ටික ෂේප් වෙති
අහෝ ප්‍රයිවෙට් තාම කුණ කති
 

(ප්‍රයිවට් යනු සාමාන්‍ය සෙබළාවේ.තනි තරුව යනු දෙවැනි ලුතිනන්ය.ඉහළ නිලධාරීන්ගේ වැඩ රාජකාරි පැවරෙන්නේ ඔහුටයි)


පුන්සඳ ගිහින් වෙන දවසක එන්න
ගිනි අවි ගල් තොප්පි නැති තැනකට එන්න
 

(සෙබළාගේ ප්‍රාර්ථනයද සාමයයි)


කුංජන්
උඹ මැරුණොත් අපේ ඈයෝ
හිනා වේවි හරි සතුටින්
අපි මැරුණොත් උඹලගෙ අය
උඩ පැන පැන සතුටු වේවි
උඹත් නොමැරි අපිත් නොමැරි
අපි දෙගොල්ලො හිනාවෙන්නේ
කවදද කුංජන්??
 

(කුංජන් යනු කොටි සාමාජිකයෙකි )


නියං කාලයේදී සිඳී ගිය වැවක් අසලින් වලක් හාරා ලබා ගත් ජලය පානය සඳහා වෙන් කෙරුන ආකාරය ගැන කවියක්.

උඩ වතුර තරු වලට
මැද වතුර පටි වලට
මඩ වතුර පොඩි අපට
කොටි ගහල මදි තොපට


(තරු-දෙවෙනි ලුතිනන්ගේ සිට ඇරඹෙන කොමිෂන් ලත් නිල,පටි-ලාන්ස් කෝප්‍රල්,කෝප්‍රල්,සැරයන්)

14 comments:

  1. හමුදාවේ තරුඔටුනු ගහලා බොලොග් ලියන පුස් පඩකාරයින්ට ජන්ගියේ චු යන්න කියන කියමන්
    ජයවේවා තුමෙනි !!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එසේ වේවා ඇනෝ තුමනේ...

      Delete
  2. ////උඩ වතුර තරු වලට
    මැද වතුර පටි වලට
    මඩ වතුර පොඩි අපට///////

    හාරන එකාට මඩ තමයි කවදත්. ඕක හමුදාවේ විතරක් නෙමේ බං හැමතැනම ඔහොමයි.

    සිරකරුවාද මනුශ්‍යයෙකි....සොල්දාදුවාද මනුශ්‍යයෙකි. වෙනසකට ඇත්තේ ජම්පරය වෙනුවට නිළ ඇඳුමක් ලැබීම පමනි.

    මේ කවි එකතුව මරු. සිරකරුවන්ගේ කවි එකතුවකුත් වැටුනා නම් මරේ මරු. මේ වගේ දේවල් බ්ලොග් ලෝකයෙන් විතරයි හදිසියකට හොයා ගන්න වෙන්නේ ඉදිරියෙදි.

    ReplyDelete
    Replies
    1. මේක මම බුකියෙ දැම්මේ ගිය අවුරුද්දේ...

      Delete
  3. තූසෙට කැපුවේ ඇඳ උඩ සිටි බොම්බෝඩ්යා
    සාසේ දැක්කා නොදැක්කා මෙන් සිටියා
    (තූ සේ - තුවක්කු සෙබළ, බොම්බෝඩ්- කාල තුවක්කු හමුදාවේ තනි පටිය,)

    ReplyDelete
  4. Left.. right..left.. right.. left.. right.. left..
    All good soldiers go to heaven...//// :D

    ReplyDelete
  5. මේජර් මනතුංග මේ කවි එකතු කරලා පොතක් ලිව්වා

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මම උපුටා ගත්තේ ඒවා උපුටා ගත්ත තැනකින්..

      Delete
  6. යුද්ධය ගැන උඹේ දැක්ම මොකක්ද කියල මම දන්නෙ නෑ මචන්. නමුත් මම සොල්දාදුවෙක් තුළින් දකින්නෙ වීරයෙක්ට වඩා අවාසනාවන්තයෙක්ව.

    අවාසනාවන්ත වීරයෙක් !

    පව්..

    ReplyDelete
    Replies
    1. සොල්දාදුවා තමන්ව දකින හැටි තමා මේ ලියල තියෙන්නේ...

      Delete