මම හිතන්නෙ ලංකාවට තියන ලොකුම අවුලක් දේශපාලන පක්ෂවල නමේ ඉඳලම ප්‍රතිපත්තියක් නැති වැනෙන සුලු බව.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (මේකෙ අනු නම් සියල්ල), සජබ, (පොහොට්ටුවෙ නම මතක නෑ) වගේ නම් අරන් බලමු. එකකවත් පැහැදිලිව නෑ ඒව වාමාංශිකද, දක්ෂිණාංශිකද කියල. එහෙම පැහැදිලිවම දැක්වෙන පක්ෂයකට උදාහරණය තමා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමාජවාදි සමානතා පක්ෂය වගේ ඒව. ඒත් ඒව ප්‍රධාන පක්ෂ නෙවේ.
මේ නොපැහැදිලිතාවය හින්ද ප්‍රධාන පක්ෂ වලට පුලුවන් ඕනෑම වෙලාවක එක කොණක ඉඳන් අනික් කොණට රූපාන්තරණය වෙන්න. වැල යන අතට මැස්ස ගහන්න. මිනිස්සුන්ගෙන් ඩිමාන්ඩ් එකක් එනකොට ඒක බලාගෙන තමන්ගෙ ප්‍රතිපත්ති හදන්න. ප්‍රධාන පක්ෂ දෙක රවුම කැරකිල වැටෙන්නෙ එකම පාරට. ඒ නිසයි රනිල් වික්‍රමසිංහගෙන් අවසාන වෙන මේ දේශපාලනික පරිච්ඡේදයට අනුව අපිට තවදුරටත් විපක්ෂය කවුද කියල තෝරාගන්න බැරි.
මේක එක ප්‍රශ්නයක්.
දෙවෙනි ප්‍රශ්නෙ දක්ෂිණාංශික කියන වචනෙත් නිකන් පාපයක් විදිහට සලකන එක. හරිනම් සිංගප්පූරුව ආදර්ශයක් විදිහට අරන් යන ගමනෙදි සමාජවාදෙ කියන වචනෙ ඇහුණත් ඇඟේ මයිල් ඉස්මයිල් වෙන්න ඕනෙ...
මම අදහස් කරන්නෙ නෑ දක්ෂිණාංශික වීමෙන් මේ සියලු ප්‍රශ්න විසඳන්න පුලුවන් කියල. ඒත් මේ ප්‍රවාහ දෙක (වම, දකුණ) එකිනෙකට විරුද්ධව වෙන වෙනම, පැහැදිලිව ගොඩනැඟෙන්න ඕනෙ.
මේ දෙකේ ගැටුම නිසා ඵලදායී දේවල් එලියට විසිවෙනවා.
//ලංකාවට තියන ලොකුම අවුලක් දේශපාලන පක්ෂවල නමේ ඉඳලම ප්‍රතිපත්තියක් නැති// - ඊට වඩා හපන්.... ජීවත් වෙන මිනිස්සුන්ට ප්‍රතිපත්තියක් නෑ නෙ
ReplyDeleteඋඩ ඉඳන් යටට සහෝ බලන්න ඕනෙ.
Deleteඔය විදිහට නරක යැයි සමාජගත කරපු සංකල්ප ගොඩක් තියෙනව. කොමියුනිස්ට්, කතෝලික, ෆෙඩරල්, අයිතිවාසිකම්, එට්සෙට්‍රා එට්සෙට්‍රා...
ReplyDeleteඔව්, මේ අන්තවල ගැටුම නිසා තමා ප්‍රොග්‍රෙසිව් දේවල් වෙන්නෙ...
Deleteඒත් මේ වෙලාවෙ ලංකාවට දක්ෂිණාංශික දේශපාලනයක් නෑ.