Friday, January 10, 2020

නව ලෝක රටාව

මම දැක්ක අර ගුරුවයෙක් හතේ පොත ගැන කිව්ව කතාවක්... 

 අවුරුදු තිහකට වගේ කලින් ඉස්කෝලෙක (මිශ්‍ර) අවුරුදු 17/18 කෙල්ලො කොල්ලො සෙල්ලම් කරනවා. දැන් හතේ අටේ උනුත් කෙලින්ම සීන් එකේ ඉන්නෙ. අපිට වැරදුණේ කොතනද කියල... 🤔🤔🤔 

ඒ කාලෙ නොහිටියටත් ගොලු හදවත වගේ කතාවක් කියෙව්ව ඔය 70 වගේ දශකයක මධ්‍යම පන්තිය ගැන අදහසක් ගන්න පුලුවන්. හැම දෙයක්ම වගේ පටන් ගන්නෙ 'ප්‍රේමය' මූලික කරගෙන. ඒ කිව්වෙ නිකන් කාමුකබවට වඩා එහාට ගියපු දෙයක් එතන තියනවා. ඔය කලුවරේ දාන සෙල්ලම් වල අඩුවක්, සංවෘත බවක් තියෙන්න ඇති. ඒත් ඒ ජීවිත අදට වඩා තෘප්තිමත්. ඒ සම්බන්ධකම් වුණත් දිගු කල් පැවතුණු ස්ථාවර ඒව. (ලෝකයේම 70 දශකයේ සංගීතය වගේ කලා ධාරාවක් විතරක් සැලකුවත් ඒ සමාජයේ දාර්ශනික ගැඹුර වටහාගන්න පුලුවන්) 

 මම හිතන්නෙ අද හැමදේම දුවන්නෙ මේ වෙළඳ සමාජෙක. මේ වෙළඳ සමාජෙ පැවතීමට මිනිස්සුන්ගෙ පරිභෝජනය ඇති අසීමාන්තික බව වැඩිවිම අනිවාර්‍ය අංගයක්. ඕනෙම ජරාවක් අමූලික බොරු කියල advertise වෙන එක සෑහෙන්න සාමාන්‍ය දෙයක් වෙලා. ඒ වගේම හැම අංගයක්ම, කලා මාධ්‍යයක් වුණත් හැදිල තියෙන්නෙ මේ පද්ධතිය පවත්වාගෙන යන්න. පද්ධතියට අනුගත වෙන්න බැරි හැමෝටම ඒ සඳහා බෙහෙත් කරල් තියනවා. (Beta blockers, antibiotics වල ඉඳන් SSRI, methylphenidate වගේ පරාසයක් දක්වා යන) ඉතින් අපේ සම්බන්ධකම් වල වටිනාකම් පවා හැදෙන්නෙ මේ පරිභෝජන පද්ධතියට අනුගත වෙන්න ලේසි විදිහට. මිනිහෙක්ට තව දුරටත් තව මිනිහෙක් එක්ක සෘජුව සම්බන්ධ වෙන එක වැදගත් නෑ. ඒක මේ අතේ තියන එකෙන් එහෙම වෙන එකට අවශ්‍ය අඩුව ඕනෙවටත් වඩා පුරවන්නෙ narcissistic ගතිය සහ addiction නිසා අලුත් disorders හඳුන්වාදෙමින්. ඉස්සර කාලෙ වගේ phone, electronic හදනකොට කල් පැවැත්ම ගැන තවදුරටත් හිතන්නෙ නෑ. මොකද ඉක්මණින්ම ඒක යාවත්කාලීන වෙනවා. ඊට වඩා හොඳ එකක් එනවා. ඉතින් අපේ සම්බන්ධකම් වලටත් ඒ සෙතේම තමා. අවශ්‍ය විදිහට උපරිම පරිභෝජනය අරගෙන ඒකට ගැලපෙන්නෙ නැත්තන් අත් ඇරල දානවා. මිනිස්සුත් නිකන් වෙළඳ භාණ්ඩ වෙලා. ඕනෙම සම්බන්ධයක් ගැන හිතනකොට වුණත් ලාභ අලාභ ගැන කැල්කියුලේෂන් එක තමා සාමාන්‍යයෙන් මුලින්ම ඔලුවට එන්නෙ. 

කාලෙකට කලින් ජපානෙ වැඩිහිටි ජනයා නොසලකා හරින මට්ටමකට සමාජය පත්වෙමින් සිටින බව ඔවුන්ට නිරීක්ෂණය වුණා. මේකට හේතුව පද්ධතියට ඉතාමත් හොඳින් මිනිසුන් අනුගත වී හිටපු එක. 5S පද්ධතියේ පළමු S එකෙන් අදහස් වන්නේ මොකක්ද කියන එක සලකලා බැලුවොත්, උත්තරේ තිබ්බෙ එතන...
( seiri - අනවශ්‍ය දෑ බැහැරකරන්න. වැඩකරන තැන ඇති කැඩී බිඳී ගිය tools, සුබ පැතුම් කාඩ්පත් වගේ sentimental අගයක් පමණක් ඇතිදේ) සිංගප්පූරුව වගේ රටකට ගියපු කෙනෙක් අවුරුදු තුනේ හතරේ ළමයින් වුණත් බස් එකකට නැග්ග ගමන් ටැබ් දිග ඇරගන්න හැටි දැකල ඇති. ඒ දියුණුවක්ද? (සිංගප්පූරුව අපේ දියුණුවට යොදාගන්න පූර්වාදර්ශය වෙන එක අහඹුවක් නොවේ.) 

 Wall-E එකේ මිනිසුන් මුහුණට හමුවෙන එකිනෙකා මඟ හැර තමන්ගෙ hooverපුටුවට ඈඳලා තියන digital තිරේ බලාගෙන තමා හැම දෙයක්ම කරන්නෙ. කොටින්ම වෙන කෙනෙක්ට කතාකිරීම පවා. මෙන්න මේ තිරයක් බිඳිල ගියාට පස්සෙ තමා ඒ මනුස්සය පලවෙනි වතාවට තරු පිරුණු අහස දිහා බලන්නෙ... තව මනුස්සයෙක් එක්ක පළමු වතාවට හරියට සම්බන්ධ වෙන්නෙ.

නව වසරේ ඔබට අහස දැකගැනීමට ඉස්පාසු වැඩියෙන් ලැබේවා.

2 comments:

  1. සයිමයියා මට මගෑරිලානේ... මං පාර හොයාගෙන ආව. සමාන කුරුල්ලො එක අත්තෙ වහන්නැහේ, මේ බ්ලොග දිගටම ලියනවනං, මං හැමදාම උනත් මෙහෙ එනව.

    ReplyDelete
    Replies
    1. සොරි බ්‍රො, ෆේස්බුක් එකෙන් ගැලවෙන්න අමාරුවෙලා තියෙන්නෙ. මේකෙ පබ්ලිෂ් කරන එකත් පොඩි කට්ටක්නෙ. අලුත් කෙටි නවකතාවක් දැම්ම අද ඇවිල්ල, කමෙන්ට් එක දැක්කෙ ඒක දාන්න ආවහම.
      කොහොම වුණත් යාවත්කාලීන වීම අඩු වුණත් මේක දිගටම නඩත්තු කරනවා....

      Delete