නුඹ අමාවක කරුවලකි
සියලු දේ
නුඹගෙන්ම පිරීයති
Monday, September 17, 2018
Friday, August 31, 2018
....
"අපි සැරින් සැරේ එකතු වෙනවා වෙන් වෙනවා.
මම දැන් මාස හයක වගේ ඉඳන් ඔයාට 'ආදරෙයි' කිව්වෙ නැහැ."

"මං දන්නවා..."
"මොකක්ද?"
"ඔයා දැන් අදහස් කරපු දේ"
"ඔයා මොකක්ද තේරුම් ගත්තෙ?
මම ඔයාට ආදරේ නෑ කියනෙකද,නැත්තන් ආදරේ කරනව වුණත් ආදරෙයි කියන්නෙ නෑ කියන එකද,එහෙමත් නැත්තන් අපි දෙන්නම මේ කරන්නෙ අපේ හුදෙකලාව මකාගන්න ඉඳල හිටල මෙහෙම හම්බෙනවා විතරයි කියන එකද?"

"මෝඩයෝ!!! දැන් ඕනෙවට වඩා හිතන එක නවත්තලා නිදාගන්නවා..."
(නම් ගම් මනකල්පිතය)
Monday, January 15, 2018
ඇයි
ඔහු පුටුවෙන් නැගිට දොර හැර මොහොතකට කලින් දොරට ගසමින් සිටි අමුත්තා දෙස නොරිස්සුම්ව බලා මෙසේ ඇසුවේය.
"ඇයි?"
කිසි පිළිතුරක් නොදුන් අමුත්තා වැරෙන් ඔහු ගෙබිමේ වැටෙන ලෙස තල්ලු කර දමා තම ඉනේ සඟවාගෙන සිටි සයිලන්සරයක් සහිත පිස්තෝලය ගෙන ඔහුගේ හිස පසාරු කරගෙන යන පරිදි උණ්ඩ දෙකක් නිකුත් කළේය.ඇතිවූයේ කම්බි දැලකට ගල් දෙකක් වදින හඬක් පමණි.ඉන්පසු ඔහු මේසය වෙත ගොස් එහි ලාච්චු අදින්නට විය.මේසය මත ආමන්ත්රණයක් රහිත අවසන් නොකල ලිපියක් දුටු ඔහු එය කියවන්නට ගත්තේය.
"මෙය කියවන විට ඔබ මහත් කැළැඹීමකට හා චිත්ත වික්ෂේපයකට පත්වනු නොඅනුමාන බව මා හොඳ හැටි දනිමි. "ඇයි?" යන ප්රශ්නය නොනවත්වා නින්නාද වනු නියතය.
"ඇයි" යන ප්රශ්නයට මටද හේතුකාරණා නිශ්චිතවම කිව නොහැක.අමුතුවෙන් සංතෘෂ්ටියට හෝ දුක්ඛිතභාවයට පත්වීමට හේතූන් මෑතකදී මට නොතිබුණි.ඔබ ඇතුලු සියලු දෙනාම දුටු පරිදි මා කාලයක පටන් දක්වන ලද සැහැල්ලුව හුදු මායාවක් හෝ මවාපෑමක් නොවෙති.
නමුත් මම දිනෙන් දිනම අන්ධකාරයේ ගිලීයන හැඟුමකින් පෙලුනෙමි.එම හැඟුම නිසි ලෙස වචනාර්ථයෙන් අර්ථදැක්වීමට මා අපොහොසත්ය.ඔබ අනන්ත ගැඹුරක ගිලී යන ආකාරයක් සිහි නංවාගන්න.පිහිනීමට නොහැකි තරමට විඩාපත්වී එසේ නැතිනම් පිහිනීමට උවමනාවක් නොමැති ඔබ උඩුකුරුව ජල පෘෂ්ඨය මත වැටෙන ආලෝකය දෙස බලමින් ඔබේ පිටුපස තිබෙන අනන්ත ගැඹුර වෙත ගිලීයයි.ඉහළින් පෙනෙන ආලෝකය කෙමෙන් දුරස් වීමට ගනී.
මේ හැඟීම,මේ මහා ශූන්යත්වය තුලට මා ඇදී යන්නේ ඉසිලිය නොහැකි තරම් මන්දගාමීත්වයකිනි.එබැවින් මා මේ මොහොතේ තීරණයකට...."
ලියුම එතැනින් අවසන්ව තිබුණි.මේසය මත පෙති කිහිපයක් තිබූ කුප්පියක් විය.

Saturday, January 13, 2018
....
පිපී හිනැහෙන මල්වලට
සොහොනක්ය පූජාසනය
සොහොනක්ය පූජාසනය
Subscribe to:
Posts (Atom)