(පළමු කොටස මෙතනින්)
(සංජීවගේ ජංගම දුරකථනයේ පණිවිඩයක් සටහන් වෙමින් තිබේ...)
අනේ මගේ
වස්තුව.ඔයා දන්නවනන් මට හිතෙන දේවල්.මම ඇසිපිය ගහන නිමේශයකට ඇස් දෙක වැහිල
යද්දිත් ඔයාව පේන්නේ.ජීවිතේම ඔයා වෙලා.මම හෙළන හැම හුස්මකම සද්දේ මට
ඇහෙන්නේ චේතනා කියලා එලියට යනව වගේ.මගේ පපුව ගැහෙන්නෙත් චේතනා...චේතනා
කියලා.
මගේ ජීවිතේ වැඩි සතු..........)
දිනිඳු... තමුසේ මොකක්ද මගේ ෆෝන් එක අරන් කරන්නේ... ඔය කාටද කොටන්නේ....
උඹට පිස්සුද බන්.මොනවද මේ ගහල වල් බූත තියන වැල්වටාරම්!!ඊයා යකෝ ලැජ්ජා නැද්ද බං)
(Key tag-2)
*********(ජයවීර නිවසෙන් සන්ජීව නික්ම ගොස් මාස තුනකට පමණ පසු )
කුඩා නිවස සමන්විත වූයේ සාලයකින් කාමර දෙකකින් හා කුස්සියකින් පමණි.සාලයේ
පසෙක තිබූ කුඩා මේසයේ පිය පුතු දෙදෙන රාත්‍රී ආහාරය ගනිමින් සිටියහ.දෙදෙනා
ඉතා ලෙන්ගතු වූවත් වැඩිය කථාබහ නොකරන නිසා නිහඬතාව රජකළේය.
දිනපතා
රැකියාව අවසාන වී ගෙදරට පැමිණි ඔවුන්ගේ කාලය ගෙවුණේ ඉබේම අනුගමනය කළ
කාලසටහනකට අනුවය.ආහාර ගැනීමෙන් පසුව ඔවුන් යොමුවන්නේ ප්‍රවෘත්ති
නැරඹීමටය.එදින සිය පුතු තරමක් නොසන්සුන් වී සිටි බව පියාට නිරීක්ෂණය
විය.නමුත් ඔහු එය නොහැඟුණු ලෙසටම දිගටම ප්‍රවෘත්ති නැරඹීම කරගෙන
ගියේය.ප්‍රවෘත්ති අවසානයේ ඔවුන්ගේ ප්‍රියතම නාට්‍ය පටන් ගැනීමට පෙර වෙලඳ
දැන්වීම් යන අතරවාරයේ සන්ජීව තම හඬ අවදි කළේය...
''අප්පච්චි....... මට දෙයක් කියන්න තියනවා.....''
සති ගණනක් තිස්සේ පුතුගේ කාමරයෙන් රෑ දෙගොඩහරි ජාමයේ පවා පහත් හඬින් ඇසුණු
දුරකථන සන්වාද,ඔහුගේ සිනා හඬවල්,සරින් සැරේ මනෝලෝකයක සැරි සරන ඔහුගේ
මුහුණේ ප්‍රකාශිත හැඟීම් ගැන අවධානයෙන් සිටි බණ්ඩාර මහතා මේ මොහොත එනතුරු
සිටියේ ඉවසුම්ගතවය..තමන්ට ඉතුරු වූ එකම මහාර්ඝ වස්තුව වූ සිය එකම පුතු
ඔහුගේ කුලුඳුල් ආදර ගැන ප්‍රකාශ කිරීමට යයි..එය විශේෂ අවස්ථාවක් වූ බැවින්
ඔහු රූපවාහිනිය ක්‍රියා විරහිත කළේය.
නමුත් සන්ජීවට එක එල්ලේ යමක්
කියා ගැනීමට අපහසු විය.තම පියාට වන්චාවක් කලාක් මෙන් අහේතුකව ඔහුගේ සිත
සලිත වී තිබුණි.එම සසලභාවය කටහඬද වෙවුලුම් කෑමට ලක්කර තිබුණි
''අප්පච්ච්චී......මේ..මේ.. මේකයි වැඩේ...මම මේ කියන්න යන්නේ.. මේ
මේ....''
බණ්ඩාර මහතාට තම පුතුගේ අසරණ භාවය පිළිබඳ දුකක් පහළ විය.ඔහු තම හඬ
අවදි කළේය...
''හරි පුතා...මොකක්ද ඒ දැරිවිගේ නම??''
සන්ජීවට තරමක සහනයක් දැනුනි.බණ්ඩාර මහතා ඔහුගේ අස්ථාවරභාවය නැතිකර දමා තිබුණි.
''එයාගේ නම චේතනා... I-Chem එකේ R.A. කෙනෙක්..දැන් මාස තුනක් විතර වෙනව හම්බවෙලා.....''
තරමක නිහැඬියාවක් ඇතිවිය...
''චේතනා..හ්ම්ම්ම්...''
බණ්ඩාර මහතා තරමක
නිහැඬියාවක ගිලිණි.මේ අතර සන්ජීව තම දුරකථනයේ වූ ඇගේ සමීප සේයාරුවක්
පෙන්වීය.ඇගේ අතිශය රූමත් එහෙත් අවන්කභාවය හා එඩිතර බව ගැබ් වූ එම මුහුණ දෙස
බණ්ඩාර මහතා විමසිල්ලෙන් බලා සිටියේය...කුමක් වූවත් තම පුතු වැරදි තීරණයක්
නොගන්නා ඕනෑම දෙයක් හැම අතින්මම විමසුමට භාජනය කරන බවත් ඔහු දැන
සිටියේය..ආදර සබඳතාවය ගැනද ඔහු එසේ සැලකූවා විය යුතුය.
එදින බොහෝ වේලා
යන තුරු බණ්ඩාර මහතාට නින්ද නොපැමිණියේය...ඔහු තමා ඉතාමත් ආදරය කළ සන්ජීව
කුඩා කලම මිය ගිය තම බිරිඳගේ ඡායාරූපය දෙස බලමින් ඔහු කල්පනා කළේය..
****(සන්ජීව ජයවීර මහතාගේ ගෙදර ගොස් සති තුනකට පමණ පසු )
සති කිහිපයක් දිගු දුරකථන සන්වාද හා කෙටි පණිවිඩ හරහා කෙමෙන් කෙමෙන් සමීප
වූ චේතනා තමන් දෙපළ මුණ ගැසීමට කාලය එලඹ ඇතැයි යෝජනා කළාය.සන්ජීවටද එය
සාධාරණ බව පෙනී ගියනිසා එයට කැමැත්ත පළ කළේය..
චිත්‍රපටයක් බැලීමට
යාමට යෝජනා කළේ චේතනා විසිනි..චිත්‍රපටය තෝරාගැනීම සන්ජීව භාරගත්තේය.ඔහු
ප්‍රන්ශ-අමෙරිකානු අධ්‍යක්ශක Pierre Lewisගේ Normandie infiltrationයන දෙවන
ලෝක යුද්ධය පසුබිම් කරගත් වෙනස් අවසානයක් දෙන චිත්‍රපටයක් විය.
10:30
ප්‍රදර්ශනයට ඔවුන් 10:15ට පැමිණීමට එකඟ වූහ.සන්ජීව 10:05 ට ගේට්ටුව අසලට
පැමිණ සිටියේය..දස දෙනෙක් පමණ චිත්‍රපට නැරඹීමට පෝලිමේ සිටියත් ඔවුන්ගේ
සිනමා රසිකත්වය ගැන සන්ජීව වද නොවුයේ සියළු දෙනාව යුවල් වශයෙන් පැමිණ සිටි
නිසාය..ඔහු මඟ බලමින් සිටිනාකාර දුටු පසුකරගෙන ගිය පුද්ගලයෙක් අවලම්
හිනාවක් පෑවේය.නමුත් සන්ජීව නොසන්සුන් වූයේ 10:25 පමණ වන විටත් චේතනා
නොපැමිණි බැවිනි.ඇයගේ දුරකථනයත් ප්‍රතිචාර නොදැක්විය.නමුත් විනාඩි පහක්
යාමට මත්තෙන් ඈතින් කඩිමුඩියේ එන චේතනා ඔහුට පෙනුණි.සන්ජීව ඇය හමුවීමට
පෙරගමන් ගියේය..
කොට කොණ්ඩයද ගසමින් දණහිස දක්වා වූ සරල ගවුමක් හැඳ
අත්බෑගයද අල්ලාගෙන ඇය හැල්මේ දිවගෙන ආ ආකාරය දුටු ඔහුට සිනා නැඟුණි.ඇය
මවාගත් බැගෑපත් සමාව අයදිනසුළු මුහුණ දුටු ඔහුගේ නොසන්සුන්තාවය පහව ගියේය..
''අනේ extremely sorry පැටියෝ...ගෙදරින් පැන ගන්න වෙලා ගියා..යමු යමු දැන් පටන් ගෙනත් ඇති''
එය විශිෂ්ඨ චිත්‍රපටයකි..සන්ජීව ඉමහත් ආශාවෙන් මුල සිට අගටම
නැරඹීය..යුද්ධය සමඟම ව්‍යාකූල මිනිස් සබඳතා ගැනද එහි යටිපෙළක් විය.දෙදෙනාම
නිහඬව චිත්‍රපට ශාලාවෙන් පිටතට පැමිණියහ..
වෙනදා ඉස්පාසුවක් නැතිව
කියවන දඟලන චේතනා සෑහෙන serious වී තිබුණි.සන්ජීවට එය අස්වැසිල්ලක්ද
විය.ඇයද එම චිත්‍රපටය ගැන කල්පනා කරනවා විය යුතුය..ප්‍රශ්නයක් අසා තහවුරු
කර ගත යුතුය.
''චේතනා ඔයා මොකද හිතන්නේ ලුවී මැරුණු විදිහ...මිනිහ
මළේ වෙඩි වැදිල ලේ ගිහින් ඇතිවුණු shock එකටද නැත්තන් කරපු ද්‍රෝහී වැඩේ
ගැන හිතේ අමාරුව නිසාද??''
චේතනා නැවතුණි.ඉන්පසු දවා හළු කරනාකාරයේ බැල්මක් සන්ජීව වෙත හෙලුවාය.
''ලුවී මළේද...ලුවී මළේ ***** *** **** හන්දා''
ඇය පැවසූවේ මොනවාදැයි හිතාගැනීමට සන්ජීවට මඳ වේලාවක් ගතවිය..කෝපයෙන් වියරු වැටුණු විට චේතනාගේ මුහුණ කොටිදෙනකුගේ වැනිය.
''මටත් ප්‍රශ්නයක් තියන්වා.... කියනවා තමුසේ මොන රෙද්දකටද මාව මේකට එක්කන් ආවේ??''
සන්ජීවට පිළිතුරු දීමට වචන සොයාගැනීමට මඳ වේලාවක් ගතවිය..
''ඇයි මතක නැද්ද..ඔයාමනේ කිව්වේ අපි film එකක් බලමු කියලා..''
''මම එහෙම කිව්වා තමා.. ඕනේ මගුලක් ඕන් නැති විදිහට serious ගන්නවා ඒත් තමුසෙට simple දේවල් තේරෙන්නෙ නෑ..''
සන්ජීවට ඇත්තෙන්මම ඇය අදහස් කළ දේ නොතේරිණි..
''මොකක්ද මම තේරුම් නොගත්තේ??ලුවී මැරුණු හැටිද??''
චේතනාගේ කෝපය දෙගුණ විය.
''ලුවී මැරුණු හැටි??? ආච්චිගේ රෙද්ද.ගොනෝ සාමන්‍යෙන් කෙල්ලෙක් තමන්ගේ
කොල්ලට film hall යමු කිව්වම ඒකේ අදහස තේරුම් ගන්න බැරි තරම් මැට්ටෙක්ද
තමුසේ...''
සන්ජීවට කාරණය වැටහිණි..
'අම්මටසිරි'
ඔහු තමන්ටම කියාගත්තේය..ඉන්පසු චේතනා ඇමතුවේය..
''ඇයි ඉතින් මම ඔයාගේ අත ඇල්ලුවනේ දෙතුන් පාරක්ම..''
සමච්චල් සිනහවක් සමඟම හැරෙන තැපෑලෙන් පිළිතුරු ලබුණි..
''අත් අල්ලගන්නනන් තමුසෙට මම hall එන්න කියන්වද???බූරුවා,මැට්ටා...''
පාරේ හැරි හැරි යන මිනිසුන්ද ගණන් නොගෙන ඇය බැණීම ආරම්භ කළාය.සන්ජීව ඉතාමත් අපහසුතාවයට පත්විය..ඔහු චේතනා ඉතා කාරුණිකව ඇමතුවේය..
''ඉතින් ළමයෝ එහෙම දෙයක් හිතුවනම් එතෙන්දි කියන්න තිබ්බනේ..''
නමුත් එයින් වුණේ ඇගේ බැණීම වේගවත් වීම පමණි..
''හැම මඟුලම තමුසෙට කියන්න ඕනේද??මහ ලොකුවට Sherlock Holmes කියල හිතන්
ඉන්නේ ඒත් කෙල්ලෙක් film එකක් බලමු කිව්වම ඒකේ තේරුම දන්නේ නෑ.තමුසේ ආය
ජීවිතේට ඔය පණ්ඩිත කතා කිව්වොත් බලාගමු.තමුසෙට කොච්චර මොළේ තිබ්බත් වැඩක්
නෑ තියෙන්න ඕනේම එක නෑ..common sense නෑ තමුසෙට...''
තත්වය දරුණු වන බව
සන්ජීවට වැටහුණි..ඇයව වහාම නිහඬ කළ යුතුය..ඔහු ඒ සඳහා සැලසුමක් කල්පනා
කළේය.. '.chloroform' කලබල වූ ඔහුගේ සිතට ආ මුල්මම විසඳුම එයයි..ඔහු ඒ
ආකාරයේ සිතිවිලි නවත්වා දැමීය..චේතනාව නිහඬ කළ හැකි හොඳම මාර්ගය ඔහුට
ක්ෂණයෙන් වැටහුණි.
ඇයට හිතාගැනීමටවත් ඉඩක් නොතබා ඔහු ඇයව තදින්
වැලඳගත්තේය.එයට විරුද්ධත්වයක් නොපෙන්වූ ඇගේ කඳුළු බිඳු තම කමිසය තෙමී යනු
ඔහුට දැනුණි.ඇය නිහඬවම කිටි කිටියේ ඔහුගේ ග්‍රහණයට තවත්
නතුවිය..සාමන්‍යයෙන් ලැජ්ජාශීලී පුද්ගලයකු වූවත් සන්ජීව බාහිර ලෝකය
සම්පූර්ණයෙන්මම අමතක කර තිබුනි...
************(සන්ජීව ජයවීර මහතාගේ නිවසේ)
දුරකථනය charge වූ පසු සන්ජීව දිනිඳුගෙන් මඟ සලකුණු අසා යාමට සැරසුණා පමණි
ජයවීර මහතා අවශ්‍යනම් ඔහුව ඇරලවිය හැකි බව කියා සිටියේය.එයට එකඟ වූ සන්ජීව
නවීන මෝටර් රථයක් දැකීමට බලාපොරොත්තුවෙන් ගියත් ජයවීර මහතා නැඟුණේ තම
Royal Enfield යතුරුපැදියටයි..
ගිගුම් දෙමින් පණැගැන්වුණු
යතුරුපැදිය සන්ජීවද රැගෙන විනාඩි කිහිපයකින් ගමනාන්තයට ලඟාවිය.ඔහු නොවැටී
සිටියේ නූලෙනි.අධික වේගය හා ජයවීර මහතා දෙතුන් තැනකම ලඟ නැවූ බවින් බහින
විට කකුල් වෙව්ලන්නට විය.දිනිඳු ඔවුන් අපේක්ෂාවෙන් ගේට්ටුවෙන් එළියට වී
සිටියේය.ජයවීර මහතා ඔහුගෙන් සුහදව සිනාසී සමුගත් අතර දිනිඳු සන්ජීවව නිවසට
කැඳවාගෙන ගොස් තම මවට හඳුන්වාදුන්නේය,ඉන්පසු තම රාජධානිය වූ කාමර වෙත ඔහුව
කැඳවාගෙන ගියේය.
කාමරය හිරු එළිය නොවැටෙන ලෙස තිර දමා ආවරණය කර
තිබුණි.දහවල රැය කියා එහි වසන්නෙකුට වෙනසක් නොවීය.නමුත් එය ඉතා පිළිවෙලකට
හා පිරිසිදුවට තිබුණි..මේ අතර දිනිඳු දොර වසා මෙසේ ප්‍රශ්න කළේය..
'' **** **** **** ** තෝ ** *** ගියාද මෙච්චර වෙලා''
(සාමාන්‍යයෙන් දිනිඳු කුණුහරුප වලට ලැදි භාවයක් දක්වන නිසා මෙතැනින් ඉදිරියට ඔහුගේ දෙබස් සන්ස්කරණය කර ඇත.)
මෙයට පිළිතුරු වශයෙන් සන්ජීව key tag පළහිලව්ව ඔහුට මුල සිට විස්තර කළේය.කථාව ඉවර වන විට දිනිඳුගේ මුව බාගෙට විවරව තිබුණි.
''යකෝ උඹ පිස්සු හුටන් කෙනෙක්නේ..උඹේ ඔය සමහර සීන් වලට මම ගොන්පාට් කියල හිනාවුනාට ඔය ලස්සනට වැඩ කරල තියෙන්නේ..
දැන් ඔය චේතනා කියන බඩ්ඩ ගැන මට කියපන්..ඒකි ටිකක් කොට,පොඩ්ඩක් විතර chubby,කොණ්ඩෙ කොටට කපපු දාන්ගලයක් තියන විසේකාර එකක්ද?''
සන්ජීව හිස ඉහළ පහළ වැනීය..
''උඹ දන්නවද එයාව??''
දිනිඳු අමුතු සිනහවක් පා ඔහුට අතට අත දුන්නේය..
''සුභ පැතුම් මස්සිනා...උඹට ඔය ජුවාන එකක් ඇදෙන්න යන්නේ...ඕකිගේ තාත්තා මේ
පළාතේ ඉන්න ලොකුම කොන්තරත්කාරයින්ගෙන් එකෙක්.රන්සිරි අබේනායක''
මේ
ප්‍රකාශය සමඟම සන්ජීව මඳක් ගැස්සිණි..විමලේ මුදලාලි කියූ කෙටි කලකින්
අභිරහස් ලෙස දියුණු වූ කොන්ත්‍රාත්කරු..වෘත්තියෙන් ප්‍රමාණාත්මක
මිනින්දෝරුවකු නිසා ඔහු රන්සිරි අබේනායක සතු මුදල් හා දේශපාලන බලය ගැනද
මඳක් දැන සිටියේය..
දිනිඳුගේ ඇඳ මතට කඩා වැටී සුසුමක් හෙළා ඔහු මෙසේ ඇසුවේය.
''මොකද බන් කරන්නේ???''
දිනිඳු මඳ සිනහවක් පා උත්තර දුන්නේය.
''යකෝ ගෑණි මැරුණු මිනිහ වගේ ඉන්නැතිව ඒකිට call කරල බලපිය...හ්ම් හ්ම්... දැන්මම..''
සන්ජීව චකිතයකින් ඇමතුම ගත්තේය...මෙදෙස දිනිඳු බලා සිටියේ මස් කෑල්ලක් දෙස
බල්ලෙක් බලා ඉන්නවා වැනි බැල්මකි...චේතනා නිදිබර හඬකින් පිළිතුරු
දුන්නාය..
''හාල්ලෝ....මාත් බැලුවා මොකද මේ පරක්කු කියලා..phone එක charge කරගත්තද??''
''හ්හ්ම්ම්.. charge කළා''
''යාළුවාගේ ගෙදර හොයාගත්තද?''
''හ්ම්ම්..ඔවු හොයාගත්තා..''
''ආයෙත් අතරමන් උන් නැනේ'' (ඒ සමඟම කින්කිණි සිනාවක්..)
''ම්හු.. නැහැ..''
''ඔයා ඇත්තටම ලොකු උදව්වක් කළේ..ඒකට කොච්චර thank කළත් මදි..''
''හ්ම්ම්ම්.. ඒක සුළු දෙයක්නේ''
''මේ මම එක ප්‍රශ්නයක් අහන්නද??''
''ම්ම්ම් ප්‍රශ්නයක්..හරි අහන්න..''
''හැම එකකටම ඔයා හූම් හූම් ගාන්නේ..බකමූණෙක්ද??''
මෙය ඇසුණු දිනිඳු සීනාව නවත්වාගත නොහැකිව ඇඳට පැන කොට්ටය විකා ගත්තේය...
සන්ජීව කිව යුතු දෙයක් සිතමින් සිටි අතර චේතනා මෙසේ කීවාය..''
''අනේ විහිළුවක් කළේ ළමයෝ...ගණන් ගන්න එපා මගේ හැටි ඒ..හිතට එන එක ඔහේ කියවනවා..''
''හරි හරි ප්‍රශ්නයක් නෑ.. හී හී හී..'' සන්ජීව පිළිතුරු සිනාවක් දුණි.
''ඔවු ඔවු..ඔයාට මගේ හැටි තේරෙයි ටිකක් ආශ්‍රය කළාම...''
.........
සන්ජීව තත්පර කිහිපයක් නිහඬ විය..ජයවීර මහතා උපකල්පනය කළ ආකාරයට 'කිසිවක් ලඟදීම' සිදුවීමට නියමිතය..
මඟුලක් නෙ බං... හැක්...
ReplyDeleteඅයියෝ සංජීව ඔයා නං
:v
DeleteHmm
ReplyDelete