Monday, September 19, 2016

...

එවකට මම
කුරුලෑවක් ගැනත්
දින ගණන් ලතවුණෙමි
කාලය ගෙවී ගියේය

සෘතු වෙනස් විය
වසන්තයන් පැමිණ යන්නට විය


නැවතත් ශීත කාලයකි
නැවතත් වසන්තයකි
නමුත් හැමවිටකමම
පසුව ආ වසන්තය
පෙරට වඩා කෙටිවිය


නළලේ රැලි ගැඹුරු විය
ඇස් වටා කළු පැහැ ගැන්විණි


පණහට කිට්ටු වන විට
හිසකෙස් තනිකරම
සුදු පැහැ ගැන්වී තිබුණි
නමුත් ඒ වනවිට මට
කොණ්ඩය කළු කිරීමට
උවමනාව නැතිවී තිබුණි.

4 comments:

  1. අපූරුයි සයිමා.
    දිගු කලක් ගැවසිගත් වසන්තය දැන් කෙටිය
    මල් කැකුළු සුපිපුණත් සුවඳ පැතිරෙන්නේ නැතිය
    ග්‍රීස්මය වසන්තය වෙනස ඉගිලිලා ඇතිය
    ගමන කෙළවර කරන්නට එන දිනය ළග ළගය......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවදත් වගේම මැක්සා පිළිතුරක්..
      ජය වේවා!!!

      Delete
  2. ඔය ටික 50ට කලින් තේරුනා නම්නේ අපූරු..

    ReplyDelete
    Replies
    1. :D
      එහම නම් ජිවිතේ බොරින්ම වෙනවා!!!

      Delete