Tuesday, September 27, 2016

කවියෝ!

ගහකොළට සතා
සීපාවන්ට ආදරේ
සී සෑ පොළව දෙස
සොම්නසින් බලන
කවියන් සිටී
අකුරු නූගත්


දළ රළ මත නඟින
නිල් කතරක සිරව
හිරු නඟින ආකාරය
සම්පූර්ණ දේදුණු
වශීකෘතව බලන
කවියන් සිටී
කිසිවක් නොලියූ

මිනිසුන් ගැන කලකිරී
නැතිනන් හොඳින් වටහාගෙන
ගල් ගුහාවල
අඳුරු වන පෙත්වල
තනිවූ
විශාදයෙන් හෝ
යථාවබෝධයෙන් පෙළෙන
කවියන් සිටී
ලියන්නට උවමනා නැතී!

2 comments:

  1. ලියු කවි වැල්
    කරගත නොහැකිව මුද්‍රණය
    සුසුම්ලයි නිහඩවම
    තවත් කවියෝ බෝම.....
    පොත් ගැසූ ලස්සනට
    විකුණාගත නොහැකිව
    නිහඩවම දුක දරාගයි
    තවත් කවියෝ බෝම.....

    ජයවේවා!!!

    ReplyDelete