Thursday, September 15, 2016

ඒකාත්මික

දැනෙනවද නුඹ හට
ඇවිද ගිය බව අප එකට
කල්ප ගණනකට පෙර
මේ ලොව උපන් දා සිටම


හමන මේ මඳ සුළඟ
මත අපේ සුසුමන් නැතිද


සිටින මේ පස මතට
අප පස් වී ගොස් නැතිද

ගලන මේ දිය මතින්
අප ලෙය ගලාගොස් නැතිද


ආදරය කරමි
මේ මහා ලෝකයට
නුඹ සහ මම
ඉන්නා බැවින්
හැමතැනම....




8 comments:

  1. බෙෘද්ධ දර්ශනයද බං... හැක්

    ReplyDelete
    Replies
    1. ඔක්කොම මචන්.. :)
      මේක මුලින්ම ගීත හා කාව්‍ය සාහිත්යාට අඳුන්වල දුන්නේ සේකර.
      අපි හැමෝම සතර මහා භුතයින්ගෙන් හැදෙනවා කියන කාරනාව..
      පොඩ්ඩක් මතක් කරපන් //රත්න දීප ජන්ම භුමි//
      මේකේ වර්ස් වලින් වර්ණනා කරන්නේ පස,ජලය,වාතය...රට හැදෙන දේවල් වලින්ම අපි හැදෙනවා කියන එක.

      තවත් ප්‍රධානම සින්දුවක් තමා
      //වැහි වහිනා අහස අපි
      මුතු බඳිනා මුහුද අපි
      මිණි දිලෙනා පොලව අපි
      සිරි ලංකා රටම අපි//

      මම කරන්න ගියේ මේ උපනිෂද් සිතුවිල්ල තනිකරම romantic කරන්න... :)

      Delete
  2. සිදුවිය යුත්තේ එයයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..ඔව් මාත් විශ්වාස කරන්නේ එහෙම තමා.ජය වේවා!!

      Delete
  3. උණ්ඩෙ වගේ මොකද උන්ඩෙම තමයි

    ReplyDelete
    Replies
    1. මේ උණ්ඩ වදින්නේ ටිකක් සංවේදී අයට විතරයි.බොහොම ස්තුතියි..

      Delete
  4. හීනයක් විතරයි ද මේ වචන.. හීනයක් නොවෙනවා නම් තමයි වඩා හොඳ නේද සයිමා...

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා තමා මිනිස්සුන්ව ජිවත්කරන්නේ සහෝදරයා..
      ඒවා නැත්තන් මිනිස්සු නරුම වෙනවා.

      Delete