Saturday, July 9, 2016

මහායානයට අනුව බුදුන් ථේරවාදය දේශනා කිරීමට හේතුව.. (සම්මා සම්බුදුවරයකුගේ උපාය කෞශල්‍ය)

(මහායානයට පෙරවදනක් බැලීමට මෙය මත ක්ලික් කරන්න)
චුල්ල පන්ථක කතාව මතක ඇති.කිසිම පදයක් මතකේ තියාගත නොහැකි වූ භික්ෂුවක් සරල උපක්‍රමයක් හරහා අවබෝධත්වයට පත්කිරීම.

සැරියුත් හාමුදුරුවෝ එක් ශිෂ්‍යයෙක්ට පිළිකුල් භාවනාව කරන්න කමටහන් දෙනවා.නමුත් ඒ ශිෂ්‍යයා උපරීමයෙන් උත්සාහ කළත් එයින් වැඩක් ගන්න,යථාර්තය දකින්න නොහැකිවෙනවා.

දවසක් උදේ තමන්ගේ අවාසනාව ගැන කම්පාවෙලා මහණකම අතාරින්න යනවා..

ඒ වේලාවේ බුදුහාමුදුරෝ ඔහුව විලක් ලඟට කැන්දාගෙන යනවා.ගිහින් උපදෙස් දෙනවා "අර පේන නෙළුම් මල් දිහා බලන් ඉන්න,ඒකයි මම දෙන කමටහන" කියලා.ඉතින් ශිෂ්‍ය හිමි ඒ දිහා බලාන ඉන්නවා.
ඉර උදාවත් එක්කම නෙළුම් පොහොට්ටුව පිපෙන්න පටන් ගන්නවා.ඊට පස්සේ දිනය පුරාම සුවඳ හා ලස්සන දර්ශනයක් දීල හවස් වෙද්දි පරවෙලා යනවා.

ඒ ක්ෂණයෙන්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන රහත්භාවට පත්වෙනවා.


ඔහු ඒ ආත්ම භවයේ සහ මෑත භවවල රන්කරුවෙක්.ඒක නිසා ලස්සන දේවල් දිහා විතරයි බලන්න පුරුදු වෙලා තියෙන්නේ.ඒත් මේ කාරණය සැරියුත් හාමුදුරුවන්වත් සලකා නොබලපු දෙයක්.

බුදු වරයෙක්ගේ උපාය කෞශල්‍ය අද්වතියයි...

නැවතත් මහායාන ප්‍රධාන සුත්‍රය සලකා බලමු.

මේකේ දෙවෙනි පරිච්ඡේදය ''උපාය කෞශල්‍ය පරිවර්තය''


බුදුන් විසින් තමන් වහන්සේගේ උපාය කෞශල්‍ය ගැන විස්තරාත්මක වර්ණනාවක් කරනවා..
http://www.sacred-texts.com/bud/lotus/lot02.htm

තුන්වන පරිච්ඡේදය ''උපමාව'' http://www.sacred-texts.com/bud/lotus/lot03.htm
ධනවත් පුරුෂයෙක්ගේ 'එක් දොරටුවක්' පමණක් ඇති මහා මන්දිරයක ලොකු ගින්නක් ඇතිවෙනවා.වහාම ගෙයින් එලියට යන මේ පුරුෂයා හිතනවා

''මම මෙහෙම ලේසියෙන් ආවට මගේ දරුවෝ එහෙම එන එකක් නැහැ.ඔවුන් තවම ගින්න,බිය කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ ඔවුන්ගේ කෙලිබඩු සහ ඔවුන්ට වටිනා දේවල් තියෙන්නෙත් ගේ ඇතුලේ.

මම ශක්තිසම්පන්න පුද්ගලයෙක්.මට රෙදි කඩකින් බැඳගෙන හරි එලියට එන්න පුළුවන්.ඒත් මේ තියන එකම දොරටුව කුඩා එකක්.නමුත් මට සියලුදෙනාවම බේරාගන්න කාල වෙලාවක් ඇතිවෙන එකක් නැහැ.''

මෙහෙම හිතල ඔහු ශබ්ද නගා දරුවන් සියල්ලන්ටම පිටවෙන්න කියනවා.නමුත් දරුවෝ මේ ගැන අවබෝධයක් නැතුව සෙල්ලම් කර කර ඉන්නවා.

''මොවුන් වහාම පිටවුනේ නැත්තන් ගින්න මොවුන්ව දවා හළු කරන එක නියතයි.මම මගේ දරුවන්ගේ විශේෂ ආශාවන් ලැදියාවන් දන්නවා.උපායක් මඟින් ඔවුන්ව පිටතට ගෙන්නනවා''

දැන් මෙහෙම හිතන පුරුෂයා නිවසේ ඉන්න දරුවන්ව මෙහෙම ආමන්ත්‍රණය කරනවා.


''ඔබලාට අවශ්‍ය දුර්ලභ කෙලිබඩු ගැන මම දන්නවා.වහාම නිවසෙන් එලියට ආවොත් මම ඒ කෙලිබඩු අඩුවක් නැතිව සියල්ලන්ටම ලබා දෙනවා.මේ අවස්තාව නැතිකරගත්තොත් ඔබලා පසු කාලයකදී සෑහෙන්න දුක් වේවි.''

මේක අහපු ළමයි ඔක්කොම ඉන්න තැන් වලින් එලියට ඇවිල්ල තමන්ගේ පියා ලඟට එනවා.ඔහුට ගොඩක් සතුටුයි තමන්ගේ දරුවෝ බේරගන්න පුළුවන් වුනු නිසා.

ඉන්පසු ඔහු තම ධනයෙන් සප්ත රත්නයෙන් කරන ලද,මුතුකුඩ සහිත,සුදු ගොනෙක් බඳින ලද ඉතා වටිනා රථය බැගින් තම දරුවන් අතරේ බෙදල දෙනවා.


මේ උපමා කතාව දේශනා කරන ගෞතම බුදුන් සැරියුත් හාමුදුරුවන්ගෙන් මෙහෙම අහනවා.

''ඒ පුරුෂයා මුසාවාදයට හසුවනවද'' 


සැරියුත් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා.
''නැත ස්වාමිනි.
ඔහු මේ පොරොන්දුව ලබා දෙන්නේ තම දරුවන්ගේ ජීවිතය ආරක්ෂා කිරීමටයි.


එමෙන්ම ඔහු පොරොන්දු ප්‍රාකාරව මේ රථ ලබා දුන්නේ නැතත් ඔහු මුසවාදයට හසුවන්නේ නැත.

මක්නිසාද යත් මේ පොරොන්දුව දීමට ප්‍රථමයෙන් ඔහු 'උපාය කෞශල්‍ය භාවිතා කර ඔවුන් නිවසින් පිටතට රැගෙන එමි' කියා සිතනා බැවිනි.''

බුදුන් ථේරවාදය දේශනා කරන්නේ එය මිනිසුන්ට වැටහෙන ධර්මයක් වූ නිසා.එකල හින්දු ධර්මය සහ ජෛන ධර්මය ප්‍රභල වෙලා තිබුණු අවධියක්.
ඒ සමාජය ථේරවාදය ඉතා පහසුවෙන් වැළඳ ගත්ත.සාමාන්‍යයෙන් පුද්ගලයෙක් තව කෙනෙක්ව පිළිගන්නේ ඔහු තමන්ට වැටහෙන දෙයක් දේශනා කරනවානම් විතරයි.

අනික් දේ බුද්ධත්වය කියන්නේ සෑහෙන්න දීරඝ ගමනක්.මහායානිකයින් කියන විදිහට ථේරවාදය හරියට මූලික ගණිත සංකල්ප වගේ.උසස් ගණිතය කරන්න මේ මූලික සංකල්ප ගැන දැනගැනීමක් තියෙන්න ඕනේ.....

කොහොම වුනත් බුදුවරයකුගේ උපාය කෞශල්‍ය ඉගැන්වීම් විශිෂ්ටයි.''තුන්ලොවටම ගුරු'' විදිහට මහායාන,ථෙරවාදී කියල භේදයක් නැතිව එකඟ වෙන්න පුළුවන්.

මහයානිකයින්ට අනුව ථේරවාදය දේශනා කරන්න හේතුව වුණේ මේ කාරණාව.



(මෙය මහායානිකයින් ථේරවාදය ගැන දක්වන ආකල්පය ගැන පැහැදිලි කිරීමට යොදා ගන්න ලදී)

5 comments:

  1. ථෙරවාදිකයින් මහායානය ගැන මොනවද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. :D
      සාමාන්‍යයෙන් මහායාන කියන නම ඇහුනත් සර්පයෙක් වගේ හැඟීමක්නේ ඉන්නේ.. :D
      හා නැද්ද???

      Delete
    2. හැම ආගමකම වගේ පූජකයින්ට Heresy is worse than other religions නේ?
      මහායානිකයින්ට හීනයානය ගැන ඔයවගේ tolerant attitude තියන එකෙන්ම පේන්නෙ මහායාන superior වගේ නේ?

      Delete
    3. ඔව්..ඒකෙ පොඩි ඇත්තක් තියනවා...
      කොහොම වුනත් මහායානිකයින් සම්බන්ධ ඊළඟ ලිපියෙන් ඒක හරියටම පැහැදිලි වෙයි..

      Delete
    4. මේවා ලියන්න ඕනේ වුනේ සමහරු නොදන්නා දේකට වෛර කරන හැටි දැක්කහම..
      දැන් අඩුම ගානේ දැනගෙන වෛර කරයිනේ..

      Delete