Wednesday, May 11, 2016

කැම්පස් නංගි කෙනෙක් ගැන මතකයක්...

හරියට දවල් 2ට ටවුමෙ ඉඳන් කුවීන්ස් එක පැත්තෙන් මාළිගාව ඉස්සරහින් පදිකයින්ට යන්න තියන පාරෙ මම අවන්හළ පැත්තට ඇවිදගෙන ගියා.කැට හොල්ලන නන්ගිල සෙට් එකක් ඉස්සරහ වටවෙලා.මේ කට්ටිය පේරාදෙණියේ අයනම් නෙවේ.නුවර ඉඳල 100 කි.මී. විතර ඈතින් තියන විශ්ව විද්‍යාලයක කට්ටියක්.මේ විශ්ව විද්‍යාලෙ කට්ටිය මම නුවර ගොඩක් දවස්වල දැකල තියනවා..

ඉස්කෝලෙ ඇරෙන වෙලාව නිසා ඉක්මණීන් ඇවිදගෙන යද්දි මම දැක්ක ඒ නන්ගිලා වටවෙලා හිටියෙ කවුරු වටේද කියලා..අත බලා සාස්තර කියන ගෑණු මනුස්සයෙක් එක නන්ගි කෙනෙක්ගෙ අතින් අල්ලන් සාස්තරයක් කියනවා...මම තනියම හිනාවුණේ මේ අයගේ සංගම් වල ඉහළ අය කියවන ''භෞතිකවාදය'', ''දලෙයක්තය'' (සමහර වෙලාවට නිකන් දලෙයක්තයත් නෙවේ..ක්වොන්ටම් දලෙයක්තය) ''අන්ධ විශ්වාස'' වගේ බර වචන ඔළුවට ආව නිසා..ඒත් මම වැරදියි කියල මටම තේරුණා..


ඒ නන්ගි මොනව අහන්න ඇත්ද?

උදේ ඉඳන් අව්වේ හිටගෙන ඉඳලා මිනිස්සුන්ට කතා කරල කට්ට කාල කට්ට කාල ඉන්න වෙලාවක...මහන්සි වෙලා ගත්ත අධ්‍යාපනයෙන් මේ වගේ තැනකට ආවට පස්සේඉතුරු ටික වෙන්න ඕනේ...යහපත් ස්වාමිපුරුෂයෙක්,හොඳ රස්සාවක්,ලස්සන පොඩි ගෙයක් (කාරෙකකුත් එක්ක),සාර්ථක පවුල් ජීවිතයක් (සහ සමාජ තත්වය) සහ දරුවෝ?? මේවනෙ සාමාන්‍යයෙන් ඔය සාස්තර වලට කියවෙන්නෙ.

උගත්කම,රස්සාව දේශපාලන දර්ශනය මොනව වුණත් ගැහැණු ළමයින්ට පොදු දේවල් තියනව.ඉතින් ඒ අහිංසක බලාපොරොත්තු අනික් හැම දේකටම වඩා වටිනවා

6 comments:

  1. //උගත්කම,රස්සාව දේශපාලන දර්ශනය මොනව වුණත් ගැහැණු ළමයින්ට පොදු දේවල් තියනව.ඉතින් ඒ අහිංසක බලාපොරොත්තු අනික් හැම දේකටම වඩා වටිනවා// ++++++++ මේ කොටසත් එක්ක පට්ට එකගයි සයිමො. කෙල්ලන්ට උන්ගෙ අංසක බලාපොරොත්තු මහමෙරක් තරම් වටිනවා..

    අනික පිරිමි උනත් බහුතරය.... "කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි" :D

    ReplyDelete
    Replies
    1. ඕක හැමෝටම අදාලයි බන්.. :D

      Delete
  2. ගේ හතරවටේ මුට්ටි වලලන විද්‍යකීර්තිලාත් ඉන්න එකේ .....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙද්දී බහුතිකවාදේ පලායන්නේ පැල දොරින්..ඊට පස්සේ කේන්දර බෝධි පුජා තමා.

      Delete