Friday, January 3, 2020

හැමදාම ලෝකෙ තිබ්බෙ එකම විදිහ

ලෝකෙ පහළ වුණු විශාල අධිරාජ්‍යය තමා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය. ඒ තරම් යුරෝපෙ අග්ගිස්සක තිබ්බ දූපතක් ඉන්දියාව (පාකිස්තානය, බංග්ලාදේශය සමඟ) පවා පාලනය කරන්න හැකියාව තිබ්බා කිව්වම ලේසි පාසු කාරණයක් නෙවේ. විශේෂයෙන්ම සූවස් ඇළ හදන්න කලින්, පෙරදිගට යන්න දකුණු අප්‍රිකාවේ කුණාටු තුඩුව පහුකරන්න වුණු කාලෙක. 


 ඉතින් බ්‍රිතාන්‍යය තමන්ගෙ යටත් විජිත පාලනය සඳහා තාක්ෂණය වගේම මනෝ විද්‍යාවත් උපකාරී කරගත්තා. ඒ වගේම රට රටවලින් දැනුම අරගෙන/ පැහැරගෙන ඒව ක්‍රමානුකූලව සැකසුවා. තුවක්කු, බයිබල් සහ මත්පැන් කියන්නෙ ඔවුන්ගෙ ප්‍රාථමික හා මූලික යටත් කරගැනීමේ ආම්පන්න. නමුත් ජාතියක සම්පූර්ණයෙන්ම කොන්ද බිඳල දාපු එක තරමක ඉන්ටරෙස්ටිං කතාවක්. මොවුන්ගෙන් ලැබුණු දේවල් හැටියට අධ්‍යාපනය ප්‍රධානයි. මේ අධ්‍යාපන ක්‍රමය හරහා තමා මොවුන් මුලු යටත් විජිතයම පාලනය කරේ. 

ඒ කිව්වෙ ලංකාවේ මොවුන්ගේ අධ්‍යාපනය හදාරපු එකෙක් සිම්බාබ්වේ වල සිවිල් සේවයේ අතෑරියනම් ඌට කිසිම අවුලක් නැතුව වැඩේ කරගෙන යන්න පුලුවන්. හැබැයි වැඩේ ඒ අධ්‍යාපනයේ වරප්‍රසාද හම්බෙන්නේ ක්‍රිස්තියානි ආගමිකයෙක් වුණොත් විතරයි. බ්‍රෝකර්ලට මේ ආගමිකත්වය නිසාම සමාජෙ ඉහලට යන්න ඔවුන් වැඩ සැලැස්සුවා ( ජේ. ආර්. සහ බන්ඩාරනායකලාගේ මුතුන් මිත්තන් වගේ.). ඉතින් මේ ක්‍රිස්තියානුන්ගෙ අමුතු ලයින් එකක් තියනවා, රජා/ රැජිණ තමා දේව කැමැත්ත අනුව දෙවියන්ගෙන් පසුව පාලනය කිරීමට අයිතිය ලැබෙන (right to rule) පුද්ගලයා. එතකොට රටක ස්වදේශික ඉහලම ස්ථරය ඒ තත්වෙ උං.


හැබැයි පාලනය කිරීමේ අවුලක්, මිනිස්සු නොසන්සුන් වෙන එක දැක්ක ගමන් මේ අධිරාජ්‍යවාදීන් කරන්නෙ තමන් බැඳල තියන ලණු එක එක ලිහල දාන එක. හරියට වායු බැලුමක් පහත්වෙනකොට ඒකෙ තියන බර බිමට දානව වගේ. එහෙම නැත්තන් වෙනස් ප්‍රශ්නයක් හදන එක. හරියට වාර්ගික නොරිස්සීමක් වගේ. ඒ වගේම වාර්ගිකත්ව වරප්‍රසාද ලබා දී තමන්ට සමස්තයෙන් එන පීඩනය විවිධ පැති වලට යවන්නත් ඔවුන් කටයුතු කළා. 

නීතිය හඳුන්වාදීමේ මූලික හේතුවත් එය තමන්ගේ පාලනය පහසු කරන එක. රා පෙරීම තහනම් කරල, ගංජ වැවීම අදටත් තහනම් වෙන්නෙ සීල් අරක්කු ප්‍රවර්ධනය වෙනුවෙන් කරපු ඒකෙන්ම තමා. නමුත් කාරණේ ඒක නෙවේ. 

මේ අධිරාජ්‍යවාදීන්ට සදාතනිකව අපි ණය බව, ඔවුන්ගේ පැමිණිම අපට වුණු හොඳම දේ බව පෙන්වන පිරිසක් ඉන්නවා. ඒත් මේ ලැබුණු දේවල් වලට හිලව් වන මහා මනුෂ්‍ය ඝාතන, හරියට වෙල්ලෙස්සේ කැරැල්ල මර්දනය කරන්න ගම් පිටින් ගිනි තිබ්බ ඒව, අවිහිංසා උද්ගෝෂණය/ හර්තාල් වලදි නිරායුධ මිනිසුන් ඉන්දියාවෙදි මරා දැමීම්, හියු නෙවිල්ලා සහ බෙල්ලා විසින් උස්සන ලද ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ වගේ දේවල් මේ කට්ටිය හිතාමතාම මඟ අරිනවා. යටත් විජිතවාදීන් කරපු හොඳ දේවල් තියනවා, හැබැයි ඒවත් පාලනයේ පහසුව සඳහා කරන්න වුණු දේවල්. ඉතින් එතකොට තරාදියකට දැම්මනම් යට යන්නෙ යහපත් දේවල්ද??? 


 ලෝකෙම ධනවාදයෙන් ගිනි ගන්න යනකොට පරිභෝජනවාදයේ ගුණ කියල ඒක වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී ඉන්න අයත් බොහෝවිට් යටත් විජිතවාදීන්ට නමස්කාර කරන කට්ටියම තමා. ධනවාදයත් මිනිස්සුන්ගෙ ඇතිවන ප්‍රතිවිරෝධීතාවය අඩු කරන්න අර වගේ විවිධ ලණු පටවල් ලිහනව. අලුත් ලණුවක් බඳිනව (minimum wage, working hours වගේ) . හැමඑකකම හොඳ දේවල් තියනව තමා. ඒත් එහෙම කියල &ක දෙන්න ඕනෙ නෑනෙ, පෝස්ට් එකක් දැක්ක ගමන් ධනවාදෙ වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී ඉන්න තරම්... ඒ වගේම ලෝකය මුහුණ පාන්න යන බැරෑරුම් පාරිසරික අර්බුදයක කට ළඟටම ඇවිල්ල ඉන්න මේ වෙලාවෙ, ඒකට මඟහරින්න ඔය ලබ්බෙ ධනවාදයවත් දියුණුවටවත් හැකියාවක් ලැබිල නෑ. ඉහලම ස්ථරයක් රකින, ඉහලම ස්ථරයක පැවැත්ම වෙනුවෙන් ධනවාදෙ හැමදාම තිබ්බ. ඒකෙ නම විතරයි කාලෙන් කාලෙට වෙනස් වුණේ. 

4 comments:

  1. මෙම ලිපියේ කරුණු වලට එකඟයි. නමුත් වැදගත්ම දෙයක් මඟහැරිලා තියෙනවා. ඒ තමයි දෙමළ ජාතිවාදය.
    ලංකාවේ දෙමළ ජාතිවාදය කියන්නෙත් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයේම සේවකයෙක්.
    උදාහරණයක් දෙනවා නම් ඇත්තට ලංකාවට ඉංග්‍රීසි බාශාව අවශ්‍ය නෑ. නමුත් දෙමළ ජාතිවාදීන්ගේ බලපෑම මත සිංහල දෙමළ බාශා දෙකටම සම තැනක් දීම නිසා ඉංග්‍රීසි දෙවියන් වහන්්සේගේ බාශාව වගේ වෙලා.

    ReplyDelete
    Replies
    1. මම උස්සහ කරේ නව ලෝක රටාව එක්ක සංසන්දනය කරන්න.

      Delete
  2. ඇත්ත. අධිරාජ්‍ය බිහිවුණේ ම තම රටවල් සංවර්ධනය කරගැනීම සඳහා සම්පත් උකහාගන්නයි.

    ReplyDelete