Saturday, July 22, 2017

අරාජිකවාදියා (ලේඛකයා සහ දොස්තර කටු සටහන්


"මිනිස්සු රැකුණේ ඔවුන් විසින් පද්ධතියක් ආරම්භ කරපු නිසා.මම හිතන්නේ මේකට ලිඛිත සාධක ඇති පැරණිම උදාහරණය මෝසස් විසින් සිනායි කන්දේ ඉදිරිපත් කරපු දස පනත.අනික් හැමදේම වගේ මේ පද්ධතියත් පරිනාමය වුනා.


එන්න එන්නම ඔවුන්ට වැටහුණු දේ තමා පද්ධතිය විසින් ඔවුන් ගිලගනිමින් ඉන්නා බව.හැබැයි පද්ධතිය නැති වුනොත් ඔවුන්ගේ පැවැත්ම නැතිවෙලා යන්න තිබ්බ.ඉතින් මේකේ පරාමිතීන් නිර්මාණය කරන්න වුනෙත් මිනිස්සුන්ටමයි.ඉතින් යම් මිනිසුන් පිරිසක් විසින් මේක ෆයින් ටියුන් කරන්න වගකීම ගත්තා.

මෙන්න මේ පද්ධතිය අන්තිමේට අද තියන තත්ත්වෙට එද්දී ගත්තේ පිරමීඩාකාර හැඩයක්.ඉහලයන්න යන්න කුඩාවෙමින් තියුණු කෙලවරකින් ඉවර වෙමින්,පහල විශාල පාදමක් මත රැඳී පවතින විදිහට.මේක තමා මේ පද්ධතියට ගන්න පුළුවන් වුනු ස්ථායිම හැඩය.නමුත් පාදමට එහෙම අඩුවක් නොදැනෙන්න ඔවුන් පොඩි පොඩි දේවල් ලබාදුන්නා.ආගම දර්ශනය ලිවින් ස්ටැන්ඩඩ් වගේ.(ඒ වගේම කවදාවත් ධනවත් හෝ බලවත් අනුග්‍රාහකයෙක් නැති ආගමක්වත් දර්ශනයක්වත් බිහිවෙලා නැහැ)

උඹට දැන් නම්බර් එකක් තියනවනේ..මම කිව්වේ කම්පැනි එකෙන් දීපු.දැන් උඹේ අංකෙ ඩේටාබේස් එකේ ගැහුව ගමන් උඹ ගැන විස්තර එනවා.නම,වයස,ලිපිනය,ගෑණි,දරුවෝ,උපත විපත මේ හැම රෙද්දක්ම.උඹ මොකක් හරි කේස් එකක් දාගෙන අයින් වුනොත් උඹේ බොසාල කරන්නේ අලුත් නොම්මරයක් හදල උඹේ නොම්මරේ මකල දාන එක.උන්ට උඹ හැඟීම් දැනීම් වලින් හැදිච්ච,හුස්ම ගන්න,බරක් තියන ප්‍රාණියෙක් නෙවේ.අංකයක් විතරයි.මේකයි ඇත්ත.... අයි. ඩි, ,සෝෂල් සිකියුරිටි නම්බර් මේ ඔක්කොම.ලෝකෙම ලොකු හිරගෙයක්.අපිට මුන් අංක දීල තියෙන්නේ.

උඹ හිතනවද පිරමිඩේ ඉහලට නගින එක ලේසියි කියල.එහෙම නැත්තන් ඉහලට ගියාම මුදුන ගලවල විසි කරන්න හිතෙනවා කියල.නැහැ.. ඉහලට යන්න යන්න මේකට තියන ආශක්ත බව වැඩිවෙනවා.පහලින් ඉන්න උන්ව පාගන් ඉන්න තියන ආසාවත් එක්කම.ඉතින්....කරන්න තියෙන්නේ...පාදම වැඩේ තේරුම් අරගෙන..මේ පිරමිඩෙන් ගැලවෙන එක විතරයි...එතකොට පිරමිඩේ වැටෙනවා...මුදුනත් එක්කම.

4 comments:

  1. අර ලිඛිත එක ගත්තොතින් එයිට වඩා පරණ ඒවා තියෙනවා... මොකද මෝසෙස්ගෙ නීති කිව්වට ඒවයේ වැඩිහරියක් සුමේරියන් ශිෂ්ටාචාරයේ හමුරබිගේ නීති...

    ReplyDelete
  2. පාදමේ ඉන්න එවුන් නොදන්නවා නෙමෙයි උන් නැත්තන් මුදුන බිම කියලා. ඒත් උන් හීන මවන්නෙත් මුදුනට යන්න. ඒ දේ කොහොම සිද්දවුනත් උන්ට කමක් නෑ . ඒ නිසා කවමදාවත් පාදමේඉන්නඑවුන් ඔක්කොම එකතුවෙලා මුදුන බිමදාන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පිරමිඩේ වැටුනොත් මානව ශිෂ්ටාචරෙත් ඉවරයි.. එකයි කේස් එක. ;)

      Delete